Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔබත් විදෙස් සංචාරයකදී රක්‍ෂණාවරණක් ලබාගත යුත්තේ ඇයි? වාසි - අවාසි මෙන්න

Travel insurance

Source: Pixabay / Pixabay - Skitterphoto

බොහෝ ඕස්ට්‍රේලියානුවන් විදෙස් සංචාර සිදු කිරීමේදී රක්‍ෂණාවරණයක් ලබා නොගන්නා බව මේ වනවිට අනාවරණය වී තිබේ. මෙලෙස රක්‍ෂණයක් රහිතව ආරක්‍ෂාවකින් තොරව විදේශගත වීම හේතුවෙන් බොහෝ පිරිසක් දැඩි අවදානමට ලක් වනබව Smartraveller වෙබ් අඩවිය කියා සිටී.


ඕස්ට්‍රේලියානු රක්ෂණ කවුන්සිලය (ICA) සහ Smartraveller වෙනුවෙන්,Quantum Market Research මගින් සංචාරකයින් 1000ක පිරිසක් සමීක්ෂණය කල අතර, සෑම ඔස්ට්‍රේලියානුවන් හය දෙනෙකුගෙන් එක් අයෙකු සිය අවසන් විදෙස් සංචාරයේදී රක්‍ෂණාවරණයක් ලබාගෙන නොමැති බව මෙහිදී හෙළිව තිබේ.

මෙය සමීක්ෂණයට භාජනය වූ සමස්ත පිරිසෙන් 16% ක පමණ ප්‍රතිශතයකි.

විදෙස් සංචාරයන්හි නිරත වීමේදී රක්‍ෂණාවරණයක් ලබා නොගැනීමේ ඉහල ප්‍රවණතාවයක් තරුණ සංචාරකයින් අතර පවතින බව Smartraveller වෙබ් අඩවිය පෙන්වා දෙයි.

සමීක්ෂණයට ලක්කළ අවුරුදු 30 ට අඩු පිරිසෙන් 60% ක් පමණ දෙනා ඉදිරි විදෙස් සංචාර වලදී රක්‍ෂණාවරණයක් ලබා නොගෙන සංචාරය කිරීම සම්බන්ධයෙන් සඳහන් කිරීම මිට හේතුවයි.

traveller.jpg
Source: AAP

Smartraveller වෙබ් අඩවිය කියා සිටින්නේ විදේශ ගමන් බලපත්‍රය මෙන්ම සංචාරක රක්ෂණයද ඉතාමත් වැදගත් වන බවයි.

ඒ ඔස්සේ සංචාරය අතරතුරදී සිදු වන අනපේක්ෂිත අනතුරක් හෝ අසනීපයක් සඳහා ඩොලර් දහස් ගනනින් වැයවිය හැකිවීම හේතුවෙන් Comprehensive travel insurance එකක් මගින් ඔබව අධික වියදමකින් ආරක්ෂා කරයි.

කෙසේ නමුත් සංචාරක රක්‍ෂණාවරණයක් ලබාගන්නා පිරිසද තමා ලබාගන්නා රක්‍ෂණාවරණ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැනුවත් වීම වැදගත් බව Smartraveller වෙබ් අඩවිය පවසයි.

විදෙස් සංචාරයේ නිරත වන රක්‍ෂණාවරණයක් සහිත පිරිස, ඒ සම්බන්ධයෙන් දැඩි විශ්වාසයකින් පසුවන බවත් කෙසේ නමුත් බොහෝ පිරිසක් අදාළ ප්‍රතිපත්ති ලේඛන නිසි ලෙස කියවා නොමැති බවත් මෙම සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.

රක්‍ෂණාවරණ වල තිබෙන product disclosure statement (PDS) කියවීම ඔස්සේ ඔබේ රක්ෂණය මගින් ආවරණය කරන සහ නොකරන දේ තේරුම් ගත හැක.

විශේෂයෙන් සංචාරය අතරතුරදී ඔබ ත්‍රාසජනක ක්‍රීඩා සිදු කරන්නේ නම්, ඔබගේ එම ක්‍රියාකාරකම් සියල්ල ආවරණය කිරීමට ඔබට අතිරේක මුදලක් ගෙවීමට සිදු විය හැක.

Air Travel
Credit: Suhyeon Choi on Unsplash

CHOICE සංචාරක රක්‍ෂණ මිලදී ගැනීමේ මාර්ගෝපදේශ ඔස්සේ ඔබට මෙම රක්‍ෂණාවරණ ප්‍රතිපත්ති කියවීමට උපකාර කිරීමට උපදෙස් තිබේ.

එමෙන්ම සමීක්ෂණයට මුහුණදුන් පිරිසෙන් තුනෙන් එකක් කියා සිටියේ ගමන් වියදම් ඉහල වීම හේතුවෙන් මුදල් ඉතිරි කර ගැනීමට රක්ෂණයකින් තොරව ඉදිරියේදී සංචාරය කිරීම ගැන සලකා බලන බවයි.

බොහෝ සංචාරකයින් විදෙස් සංචාර සිදු කිරීමේදී තම පිරිවැය අඩු කර ගැනීමට ක්‍රම සොයා ගනී, නමුත් එමඟින් ඔවුන්ගේ අවදානම් ඉහල යාම සිදු වේ.

විදෙස් සංචාරයක් සඳහා රක්ෂණාවාරණයක් තෝරාගැනීමේදී ලාභම විකල්පය ලබා ගැනීමට වඩා ඔබගේ සංචාරයට අවශ්‍ය දේ ආවරණය වන ප්‍රතිපත්තියක් තෝරා ගැනීම වැදගත් වන බව Smartraveller වෙබ් අඩවිය පවසයි.

ඕස්ට්‍රේලියානු රක්ෂණ කවුන්සිලයේ මාධ්‍ය නිවේදනය වෙත පිවිසෙන්න


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now