Key Points
- ඔස්ට්‍රේලියාවේ නිවස් රැකවරණය යටතේ සිටින සහ නේවාසික පහසුකම් වල සිටින පිරිස ඇතුලුව රජයේ අරමුදල් මත තිබෙන සියලුම ආකාරයේ සේවා සඳහා වයස්ගත රැකවරණ අයිතිවාසිකම් තිබේ.
- ඔබට අදාළ කොමිෂන් සභාවට පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර, එමගින් පසු විපරම් කිරීම් සහ නිසි ක්‍රියාමාර්ග ගැනීම සිදු කරයි.
- ඔබේ සැපයුම්කරු සමඟ ඔබේ අවශ්‍යතා සම්බන්ධයෙන් සාකච්චා කිරීම සුදුසු වේ.
ඔස්ට්‍රේලියාව තුල වයස්ගත රැකවරණ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය ඔස්සේ,
- ආරක්ෂිත සහ ගුණාත්මක රැකවරණය
- තොරතුරු
- පෞද්ගලිකත්වය
- පුද්ගලයකුගේ තේරීම්
- පළිගැනීම්වලින් තොරව පැමිණිලි කිරීමේ අයිතිය
ඇතුළු මූලික ආරක්ෂණ සේවා14ක් ආවරණය කරයි.
එම ප්‍රඥප්තිය ඔබට, ඔබේ සැපයුම්කරුගේ වගකීම් සහ ඔවුන්ගේ සේවා පිළිබඳ තේරුම් ගැනීමට උපකාරී වේ.
වයස්ගත රැකවරණ මධ්‍යස්ථාන වල තත්ත්ව සහ ආරක්ෂාව පිළිබඳ අදාළ කොමිසම සහනාධාර සහිත වයස්ගත සත්කාර සේවාවල ජාතික නියාමකයා වශයෙන් ක්‍රියාත්මක වේ. කොමසාරිස් Janet Anderson මෙය මෙහෙයවීම සිදු කරයි.
කොමිෂන් සභාව මගින්, සේවා සපයන්නන්ගේ රාජකාරි කටයුතු අධීක්ෂණය කිරීම සඳහා නේවාසික පහසුකම් වෙත යාම ඔස්සේ ඔවුන්ගේ වගකීම් සම්බන්ධයෙන් සොයා බලන බව Janet පවසයි.

මෙහිදී සේවා සපයන්නන් සම්බන්ධයෙන් පහත කරුණු අධීක්ෂණය කිරීම සිදු කරයි:
- ඔවුන් භාරයේ සිටින වැඩිහිටියන්ට ගෞරවයෙන් සලකනවාද?
- ඔවුන්ගේ රැකවරණය පිළිබඳ තීරණවලට ඔවුන් එම පුද්ගලයින් සම්බන්ධ කර ගන්නවාද?
- ඔවුන්ගේ සේවාවන් ආරක්ෂිත සහ උසස් තත්ත්වයේ පවතිනවාද?
- පුද්ගලයන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඔවුන් තම රැකවරණය සකස් කරනවාද?
- ඔවුන් භාරයේ සිටින පිරිසගේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට ඇති අවදානම් ඵලදායී ලෙස කළමනාකරණය කරනවාද?
- ඔවුන් සතුව ප්‍රමාණවත් තරම් කාර්ය මණ්ඩලයක් සිටීද?
- අවට පරිසරය ආරක්ෂිතද සහ රැකවරණය සඳහා සුදුසු ද?
- එම මධ්‍යස්ථානය යහපත්ව පාලනය කිරීම සිදු කරනවාද?
ඔබට පැමිණිල්ලක් සිදු කිරීමට අවශ්‍ය නම්
වයස්ගත සත්කාර මධ්‍යස්ථාන වල තත්ත්වය සහ ආරක්ෂාව පිළිබඳ කොමිෂන් සභාව යනු වයස්ගත සත්කාරක සේවා භාවිතා කරන්නන් විසින් කරන ලද නිල පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීමද දරන ආයතනයයි.
මෙහිදී ගැටලුව හෝ පැමිණිල්ල රැගෙන එන පුද්ගලයාට ගැටලුව විසඳා ගැනීමට නොහැකි වුවහොත්, කොමිෂන් සභාවට එම පුද්ගලයා වෙනුවෙන් කටයුතු කළ හැක.
Janet පවසන්නේ සේවා සපයන්නා සමඟ ගැටලු සාකච්චා කිරීම හොඳම විකල්පය වන බවයි.
කෙසේ නමුත් ඇතැමෙකුට එසේ කිරීමට අපහසු වීමට හෝ අකමැති වීමට ඉඩ ඇති නිසා එවැනි අවස්ථාවක, වයස්ගත සත්කාර මධ්‍යස්ථාන වල තත්ත්වය සහ ආරක්ෂාව පිළිබඳ කොමිෂන් සභාව සම්බන්ධ කරගත හැකි බවත් Janet පෙන්වා දෙයි.

Older Persons Advocacy Network (OPAN) හෙවත් "වැඩිහිටි පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිටින ජාලය" මගින් ඔස්ට්‍රේලියාව පුරා සිටින වැඩිහිටි පුද්ගලයින්ට නොමිලේ තොරතුරු සහ උපදේශන සේවා සපයයි.
රට පුරා මෙම ජාලය තුල, වයස්ගත රැකවරණ සම්බන්ධයෙන් වන උපදේශකයින් 200 ක් පමණ සිටින අතර, ඔවුන්ට අවශ්‍ය නම් වැඩිහිටි පුද්ගලයාගේ පවුලේ අය හෝ මිතුරන් සමඟ කටයුතු කිරීම සිදු කරයි.
Craig Gear, OPAN ජාලයේ ප්‍රධාන විධායක නිලධාරියා වන අතර, ඔහු පවසන්නේ ස්වාධීන පරිවර්තකයින් ද උපකාර කිරීමට සිටින බවයි.
මේ හේතුවෙන් උපකාර අවශ්‍ය පුද්ගලයා සමග සෘජුවම කටයුතු කල හැකි බවත් Craig පවසයි.

ඔබට තිබෙන අයිතීන් දැනගන්න
Monash University හි සෞඛ්‍ය නීති හා වයස්ගත පර්යේෂණ ඒකකයේ ප්‍රධානී සහ වයෝවෘද්ධ පිරිස සම්බන්ධයෙන් කටයුතු කරන වෛද්‍යවරයකු වන මහාචාර්ය Joseph Ibrahim පවසන්නේ, වයස්ගත සත්කාර ලබන්නන් සහ ඔවුන්ගේ ඥාතීන් සාමාන්‍යයෙන් පැමිණිලි කිරීමට මැලිකමක් දක්වන බවයි.
දෙවන භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාව කතා කරන පිරිසට අමතර බාධක බවතින අතර භාෂාවේ පවතින ගැටළු හේතුවෙන් වෙනත් පිරිස ඔවුන්ව එතරම් නොසලකා සිටින අවස්ථා තිබෙන බවත් මහාචාර්ය Joseph පෙන්වා දෙයි.
වයස්ගත රැකවරණ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය රජය මගින් අරමුදල් සපයන සියලුම වයස්ගත සත්කාර සේවා ආවරණය කිරීම සිදු කරන බව Craig පවසයි.
මේ සඳහා ඕස්ට්‍රේලියානු නිවාස ආධාර වැඩසටහන, නිවාස සත්කාර පැකේජ, නම්‍යශීලී වූ වයෝවෘද්ධ සත්කාර හෝ නේවාසික වයස්ගත සත්කාර අතුලත් වේ.
Craig පෙන්වා දෙන්නේ ඔබට තේරෙන ආකාරයට ඔබට තොරතුරු ලබා ගැනීමට අයිතියක් තිබෙන බවයි . මේ සඳහා පරිවර්තනය කල දා ලබාගැනීම සහ පරිවර්තකයකුගේ සහාය ලැබීම ඇතුලත් වේ.

පැමිණිල්ලක් සිදු කිරීම
ඕනෑම වයස්ගත සත්කාරක සේවාවක් සම්බන්ධයෙන් නිල පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට, ඔබ සේවා ලබන්නා වීමට අවශ්‍ය නොවේ.
වයස්ගත සත්කාරක සේවාව ලබන්නා හට මිතුරන්ට හෝ වයස්ගත රැකවරණ සේවකයෙකුට පවා පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැක.
මෙහිදී විවෘත, රහස්‍ය හෝ නිර්නාමික පැමිණිල්ලක් ඇතුළුව පැමිණිල්ලක් ගොනු කිරීමට ක්‍රම කිහිපයක් තිබේ.
පැමිණිල්ලක් ලැබීමෙන් අනතුරුව, වයස්ගත රැකවරණ තත්ත්ව සහ ආරක්ෂාව පිළිබඳ කොමිෂන් සභාව, සැපයුම්කරු සහ පැමිණිලිකරු සමඟ සම්බන්ධ වීම සිදු වේ.
නමුත් ගැටලුව නොවිසඳී පවතී නම්, කොමිසමට සුදුසු නම් එහි නියාමන බලතල තුළ ක්‍රියාමාර්ග ගත හැක.
කොමසාරිස් Janet පෙන්වා දෙන්නේ කෙසේ නමුත් කොමිසමේ විෂය පථයෙන් බැහැර පවතින ඇතැම් ක්‍රියාමාර්ගද පවතින බවයි.
මේ සඳහා නීති උපදෙස් ලබා නොදීම, සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් ලබා නොදීම සහ විමර්ශන සිදු නොකිරීම ඇතුලු ක්‍රියාමාර්ග ඇතුලත් වේ.
ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය හා වයස්ගත සත්කාරක දෙපාර්තමේන්තුව OPAN ජාලය සඳහා අරමුදල් සපයනු ලබයි.
කෙසේ නමුත් එය රජයෙන් සහ සැපයුම්කරුවන්ගෙන් ස්වාධීනව ක්‍රියා කරන බව ප්‍රධාන විධායක නිලධාරී Craig පැහැදිලි කරයි.

මහාචාර්ය Joseph උපදෙස් ලබා දෙන්නේ යමකුට යමක් සම්බන්ධයෙන් කනස්සල්ලක් පවතී නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වැදගත් වන බවයි.
එමෙන්ම අණදෙන ස්වරුපයෙන් බැහැරව සංවාදාත්මක ස්වරුපයෙන් කටයුතු කිරීමත් වැදගත් වන බව මහාචාර්ය Joseph පවසයි.
කෙස් නමුත් ඔබේ අවශ්‍යතා සපුරා නොමැති නම්, පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සිදු කරන ලෙසත් එහිදී පහත කරුණු අනුගමනය කරන ලෙසත් Joseph කියා සිටී,
- ඔබේ අදහස තේරුම් ගැනීමට ඔබට උපකාර කිරීම සඳහා ඔබ දන්නා සහ ඔබ විශ්වාස කරන සන්සුන් / ආචාරශීලී, ඥාතියෙකු හෝ මිතුරෙකු තෝරා ගන්න.
- ගැටලුව නොවිසඳී ඇත්නම් සහ ඔබට තොරතුරු සහ සාක්ෂි අවශ්‍ය නම්, කියන සහ සිදුවන සියලු දේ පිළිබඳ වාර්තාවක් තබා ගන්න.
- අනෙක් පාර්ශවයට ඇහුම්කන් දීමටත් විවෘත මනසක් තබා ගන්න.
ඔබට වයස්ගත රැකවරණ උපදේශකයෙකු අවශ්‍යද?
ඔබේ විකල්ප පිලිබඳ සොයා බැලීමට සහ තීරණ ගැනීමට උපදේශකයෙකුට උපකාර කළ හැක. ඔබේ ගැටලු මතු කිරීමට සහ ඒවා විසඳීමට කටයුතු කිරීමට ඔවුන්ට උපකාර කළ හැකිය.
- 1800 700 600 ඔස්සේ ජාතික වයස්ගත රැකවරණ උපදේශන මාර්ගය නොමිලේ අමතන්න
- වැඩි විස්තර සඳහා වැඩිහිටි පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිටීමේ ජාලයේ වෙබ් අඩවියට පිවිසෙන්න
ඔබට වයස්ගත රැකවරණ තත්ත්ව සහ ආරක්ෂණ කොමිසම සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය නම්
වයස්ගත රැකවරණ සපයන්නෙකු පිළිබඳ පැමිණිල්ලක් විසඳීමට කොමිසම ඔබට උපකාර කළ හැකිය.
- 1800 951 822 අංකයට කොමිසම අමතන්න
- info@agedcarequality.gov.au විද්‍යුත් තැපෑල
- වයස්ගත රැකවරණ තත්ත්ව සහ ආරක්ෂාව පිළිබඳ කොමිෂන් සභා වෙබ් අඩවියට පිවිසෙන්න






