Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

දරුවාට නිසි ප්‍රතිශක්තිකරණයක් ලබා නොදුන්නොත් ඕස්ට්‍රේලියානු දෙමාපියන්ට Family payment අහිමි වන ලකුණු

A child cries while getting the vaccine in the Northern Territory
Source: AAP

ඕස්ට්‍රේලියාවේ දෙමාපියන් තම දරුවාට අවශ්‍ය ප්‍රතිශක්තිකරණ අවශ්‍යතා නිසිලෙස සපුරාලීමක් සිදු නොකළහොත්, ඔවුනට හිමිවන Family Tax Benefit (FTB) අඩු විය හැකි අතර Child Care Subsidy (CCS) නතර විය හැකි බව Services Australia වෙබ් අඩවිය පවසයි.


Published

By Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ දෙමාපියන් තම දරුවාට අවශ්‍ය ප්‍රතිශක්තිකරණ අවශ්‍යතා නිසිලෙස සපුරාලීමක් සිදු නොකළහොත්, ඔවුනට හිමිවන Family Tax Benefit (FTB) අඩු විය හැකි අතර Child Care Subsidy (CCS) නතර විය හැකි බව Services Australia වෙබ් අඩවිය පවසයි.


ප්‍රතිශක්තිකරණය යනු හානිකර රෝගවලින් ආරක්ෂා වීමට සරල, ආරක්ෂිත සහ ඵලදායී ක්‍රමයක් වේ.

ප්‍රතිශක්තිකරණය ලබා ගන්නා පුද්ගලයින් ඉහල යාම සිදු වන තරමට ඇතැම් රෝග අඩු වීමේ ඉඩකඩ ඉහල දැමීම සිදු වේ.

මේ අතර Services Australia වෙබ් අඩවිය සඳහන් කොට සිටින්නේ ඕස්ට්‍රේලියානු දෙමාපියන් තම දරුවාට අවශ්‍ය නිසි ප්‍රතිශක්තිකරණය ලබා දීම සිදු නොකළහොත් ඔවුනට Family Tax Benefit (FTB) අඩු විය හැකි අතර Child Care Subsidy (CCS) නතර විය හැකි බවයි.

————————————————————————————————————————————-

ඕස්ට්‍රේලියාවේ නවතම තොරතුරු දැනගන්න SBS සිංහල Facebook පිටුවට 

පිවිසෙන්න

————————————————————————————————————————————-

මේ අනුව මෙම Family Tax Benefit (FTB) සහ Child Care Subsidy (CCS) ගැනීම සඳහා ප්‍රතිශක්තිකරණය ලබා ගැනීම ද අවශ්‍යතාවයක් වන බවත් ඔවුන් කියා සිටී.

කෙසේ නමුත් දෙමාපියන් හට තම දරුවාට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ලබාදීම සඳහා ගැටලුකාරී තත්වයක් පවතී නම් දෙමාපියන්ට ඒ සම්බන්ධයෙන් නිත්‍යානුකූලව exemption හෙවත් නිදහස් කිරීමක් ලබාගත හැක.

Extracting the liquid from a vaccine container
Needle of a syringe inside a vaccine container. Source: Getty

යම් හෙයකින් ඔබේ දරුවා නිසි ප්‍රතිශක්තිකරණ අවශ්‍යතා සපුරාලන්නේ නොමැතිනම් සහ එම නිසා ඔබට ලැබෙන ගෙවීම නතර වී ඇත්නම්, ඔබට නැවත ඒ සඳහා හිමිකම් පෑමට හෙවත් re-claim කිරීමට සිදුවන බව Services Australia වෙබ් අඩවිය කියා සිටී.

Services Australia වෙබ් අඩවිය තවදුරටත් සඳහන් කොට සිටින්නේ ඔබේ දරුවාට එන්නත් ලබා දීම සිදු කොට ඇත්නම් Services Australia වෙබ් අඩවිය සමග ඔබ සම්බන්ධ වීමට අවශ්‍ය නැති බවයි.

*******************************************************************************

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)

අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala SBS Audio APP (Free)

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය

*******************************************************************************


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now