SKIP TO MAIN CONTENT

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා තත්වය වර්ධනය වේ: අද සවස සිට ක්‍රියාත්මක වීමට නියමිත නව කොරෝනා නීති මෙන්න

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අද සවස 4 සිට බලපැවැත්වෙන නව කොරෝනා සීමා සහ ඒවා ක්‍රියාත්මක ප්‍රදේශ මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ

The Sydney CBD.
A view of Sydney CBD. Source: AAP

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

ගෙවුණු පැය 24 තුලදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අලුතින් COVID-19 රෝගීන් 16 ක් හඳුනාගෙන තිබේ. සෞඛ්‍ය බලධාරීන් විසින් සීග්‍ර ලෙස බෝවන ඩෙල්ටා - කොරෝනා වෛරස ප්‍රභේදය පැතිරීම මන්දගාමී කිරීම සඳහා සීමාවන් පනවා ඇති බව නිවේදනය කර තිබේ.

මෙම නව සීමාවන් ග්‍රේටර් සිඩ්නි කලාපය, Central Coast, Blue Mountains, Wollongong සහ Shellharbour ප්‍රදේශ වලට බලාත්මක වේ. මෙම නව කොරෝනා සිමා කිරීම් අද - බදාදා (ජූනි 23) සවස 4 සිට බලාත්මක වේ.

නව සීමා කිරීම් මෙසේයි

  • නිවසකට පැමිණිය හැකි අමුත්තන් සංඛ්‍යාව පස් දෙනෙකි. (ළමයින් ද ඇතුළුව)
  • සියලුම ගෘහස්ථ ස්ථානවල (indoor) අනිවාර්යයෙන් මුහුණු ආවරණ පැළඳ සිටිය යුතුය.
  • ගෘහස්ථ ස්ථානවල නර්තන තහනම් (dancing in indoor venues)
  • මත්පැන් හල්, ආපනශාලා ආදී පොදු ස්ථානවල මත්පැන් පානය කරන විටදී අසුන්ගෙන සිටිය යුතුය. (නැගී සිට සිදුකෙරෙන මත්පැන් පානය තහනම්)
  • ව්‍යායාම් මධ්‍යස්ථාන (ජිම්) සහ රිද්මයානුකුල ව්‍යායාම් පංති, පුද්ගලයින් 20 දෙනෙකුගේ සීමාවට යටත් වන අතර මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වේ.
  • මංගල උත්සව සහ අවමංගල්‍ය කටයුතු පැවැත්වෙන ස්ථාන ඇතුළුව සෑම ස්ථානයකම වර්ග මීටර හතරකට එක් පුද්ගලයෙකු සිටිය යුතුය
  • එළිමහන් අසුන් ගැනීමේ ඉසව් සඳහා සහභාගී කොට ගත හැක්කේ පවතින අසුන්ගැනීමේ ධාරිතාවයෙන් සියයට 50 කට පමණි.
  • Sydney, Waverley, Randwick, Canada Bay, Inner West, Bayside, Woollahra යන පරිපාලන ප්‍රදේශවල රැකියා කරන හෝ ජීවත්වන පුද්ගලයින් හට අත්‍යවශ්‍ය නොවන සංචාර සඳහා සිඩ්නි මෙට්‍රොපොලිටන් කලාපයෙන් පිටවීම තහනම් කර ඇත.

වැඩිදුර විස්තර ලද සැනින් ....

** වෛරසයට නිරාවරණය වුනු ප්‍රදේශ පහත ලින්ක් එකෙන්. නැතිනම් මෙතනින් 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now