COVID 19 ALERT: කොරෝනා ආසාදිත සිඩ්නි නුවර රියදුරා ආ ගිය ස්ථාන ලැයිස්තුව මෙන්න

NSW authorities scrambling to trace new coronavirus case in Sydney's eastern suburbs.

NSW authorities scrambling to trace new coronavirus case in Sydney's eastern suburbs. Source: Jenny Evans/Getty Images

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ජාත්‍යන්තර ගුවන් ගමන් කාර්යමණ්ඩලය ප්‍රවාහනය කරනු ලබන රියදුරෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දිනයේදී (16/06) තහවුරු විය.

අවුරුදු 60 ක වයසේ පසුවන මෙම පුද්ගලයා සිඩ්නි හි නැගෙනහිර කලාපයේ ප්‍රදේශ වල සංචාරය කොට ඇති බැවින් එම ප්‍රදේශයේ Bondai Junction, Vaucluse, North Ryde, Moree, Dubbo, Forbes, Redfern, සහ Zetland යන ප්‍රදේශ, වෛරසයට නිරාවරණය වුනු ප්‍රදේශ ලෙසට හඳුනාගෙන තිබේ.

එසේම විදේශ වලසිට සිඩ්නි හි හෝටල් නිරෝධායනය සඳහා පැමිණි ඇතැම් පුද්ගලයින් අතර ද COVID-19 වෛරසය ව්‍යාප්ත වී ඇතැයි වාර්තා වේ.

සිඩ්නි හි රැඩිසන් බ්ලූ නිරෝධායන හෝටලයේ එකම මහලේ නැවතී සිටි යුවළකගෙන් විදේශයක සිට පැමිණි තවත් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වූයේ කෙසේද යන්න තවමත් අනාවරණය කොටගෙන නොමැත.

මෙම තිදෙනාම එකම ගුවන් යානයකින් දෝහා සිට සිඩ්නි දක්වා පැමිණ ජුනි 1 වන දින සිට යාබද කාමරවල නැවතී සිට ඇති බව වාර්තා වේ.

වෛරසයේ ප්‍රවේණික අනුක්‍රමණ වාර්තා පෙන්නුම් කරන්නේ තිදෙනාටම ආසාදනය වී ඇත්තේ එකම කොරෝනා වෛරස ප්‍රභේදයක් බවයි.

මේ වන විට ඔවුන් තිදෙනා විශේෂ නවාතැන් වෙත මාරු කර යවා ඇත.

මෙය සිදුවුයේ වූයේ කෙසේදැයි බලධාරීන් විමර්ශනය කරමින් පවතින බව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian සඳහන් කොට සිටියාය.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

සිඩ්නි රියදුරා වයිරසය ආසාදනය වී තිබියදී ආ ගිය ස්ථාන ලැයිස්තුව

කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ සිඩ්නි රියදුරා පසුගිය ඉරිදා (13/06) Bondi Junction Event සිනමා ශාලාවේ පස්වරු 1.45 ට තිරගතවූ Hitman's Wife's Bodyguard චිත්‍රපටය නැරඹීමට ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම වේලාවේදී එම චිත්‍රපටය නැරඹීමට ගොස් සිටි සියලු දෙනා වහාම කොරෝනා පරීක්ෂාවක් සිදුකර ප්‍රතිඵලය කුමක් වුවත් දින 14 ක් නිරෝධායනය වන ලෙස නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීන් දන්වා සිටී.

ඊට අමතරව අදාළ ආසාදිතයා ආ ගිය තවත් ස්ථාන New South Wales Health වෙබ් අඩවියේ සඳහන් කර තිබේ.

එම ලැයිස්තුව පහත පරිදි වේ.

NSW Covid-19 Alert
Source: NSW Health

NSW Covid-19 Alert
Source: NSW Health
NSW Covid-19 Alert
Source: NSW Health
NSW Covid-19 Alert
Source: NSW Health
NSW Covid-19 Alert
Source: NSW Health
NSW Covid-19 Alert
Source: NSW Health

Share

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now