SKIP TO MAIN CONTENT

ඔබේ ප්‍රියතම සිංහල අවුරුදු ආහාරයට මනාපය පළ කර SBS සිංහල ගුවන් විදුලියෙන් වටිනා තෑගී මල්ලක් දිනාගන්න

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට මෙවර සිංහල අලුත් අවුරුද්දේ අවුරුදු තෑගී රැගෙන SBS සිංහල ගුවන් විදුලිය Online මත විමසුමක් ඉදිරිපත් කරයි.

SBS Sinhala New Year Food Poll
Sinhala New Year Source: Daily News

3 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවේ විශාලතම වාර්ෂික මංගල්‍යය ලෙස පැවැත්වෙන සිංහල අලුත් අවුරුද්ද මෙවරත් අප්‍රේල් මස 14 වන දිනට යෙදී තිබේ.

ඔස්ට්‍රේලියාවේ ද සිංහල අවුරුද්ද නිමිතිකොටගෙන සෑම වර්ෂයකම පාහේ විවිධ වූ අලුත් අවුරුදු උත්සව සංවිධානය කෙරෙන නමුත් දැනට පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් බහුතරයක් ප්‍රාන්ත වල මෙවර විශාල ජනකොටසක් එක් රැස් කරමින් සිංහල අවුරුදු උත්සව වෙනදා මෙන් නොපැවැත්වෙන බව වාර්තා වේ.

මේ හේතුවෙන්ම SBS සිංහල ගුවන් විදුලියටද මෙවර සිංහල අලුත් අවුරුද්දේ ඔබ හමුවට පැමිණ සතුටු සාමිචියේ යෙදී තෑගී බෝග පිරිනැමීමට අවස්ථාව උදා නොවන බව කණගාටුවෙන් වුවද දැනුම් දිය යුතුය.

නමුත් මේ සිංහල අලුත් අවුරුද්දේ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඔබට සිංහල අලුත් අවුරුදු ආහාර ආශ්‍රයෙන් Online මත විමසුමක් SBS සිංහල ගුවන් විදුලිය සංවිධානය කර ඇත.

එයට සහභාගී වන පුද්ගලයින්ගෙන් ජයග්‍රාහකයින් තෝරා SBS මාධ්‍ය ජාලයෙන් වටිනා තෑගී පාර්සල් පිරිනැමීමට ද SBS සිංහල ගුවන් විදුලිය කටයුතු යොදා තිබේ.

Online මත විමසුම

මෙම ලිපියේ අවසානයේ ඇති සිංහල අලුත් අවුරුදු ආහාර ආශ්‍රයෙන් ඉදිරිපත් කරන Online මත විමසුමට ඔබට සහභාගී විය හැකිය.

එහි අතිශය ජනප්‍රිය සිංහල අලුත් අවුරුදු ආහාර වර්ග 10 ක් ඇති අතර ඔබට එම ඕනෑම ආහාර වර්ගයකට ඔබේ මනාපය පළ කළ හැකිය.

ඉන් අනතුරුව ඔබට පහත සඳහන් පෝරමය පිරවීමට අවස්ථාව සැලසේ.

SBS Sinhala New Year Food Poll
Source: SBS

එම පෝරමයට ඔබේ නම, ඊමේල් ලිපිනය, තැපැල් ලිපිනය සහ දුරකතන අංකය ඇතුළත් කර මත විමසුමේ දිනුම් ඇදීමට එක්විය හැකිය.

එමෙන්ම අදාළ පෝරමයේ පහළ ඇති "See Poll Results" යන Button එක click කරමින් මත විමසුමේ ඒ මොහොතේ ඇති ප්‍රතිඵල ද ඔබට නැරඹිය හැකිය.

මෙම මත විමසුමට සහභාගී විය හැක්කේ ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ට පමණි.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW 

නැතිනම්  රූපවාහිනියේ channel 38


ඔබට හිමිවන තෑගී

මෙම මත විමසුමෙන් ඔබ ජයග්‍රහණය කළහොත් පහත සඳහන් ත්‍යාග ඇතුළත් තෑගී පාර්සලයක් හිමිවනු ඇත.

  • SBS picnic rug
  • SBS ear pods
  • SBS apron
  • SBS USB stick
  • SBS keyring
  • SBS pop socket
  • SBS pen

SBS සිංහල Facebook පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.


SBS සිංහල අළුත් අවුරුදු Online තරඟයට සහභාගී වන්න මෙතැන් සිට ....

  • පහත සඳහන් සිංහල අවුරුදු ආහාර අතරින් ඔබේ ප්‍රියතම ආහාරය කුමක්ද?
  • ඔබේ ප්‍රියතම සිංහල අලුත් අවුරුදු ආහාරය මත click කර ඔබේ මනාපය පළ කරන්න ....
  • ඉන් අනතුරුව දිස්වන කුඩා පෝරමයට ඔබගේ තොරතුරු ඇතුලත් කොට "See the poll results" මත click කරන්න.
  • දැන් ඔබේ තොරතුරු තරඟාවලියට ඇතුලත් වී අවසන්.
  • ජයග්‍රාහකයින් 10 දෙනෙකුට ඉහතින් සඳහන් කොට ඇති තෑගී ඇතුලත් තෑගී මළු 10 ක් SBS සිංහල සේවය වෙතින් ඔබට ලැබේවි.
  • මෙම SBS සිංහල Online මත විමසුම් අලුත් අවුරුදු තරඟයට අප්‍රේල් 14 වන දා මධ්‍යම රාත්‍රී 12 වනතෙක් සහභාගී විය හැකියි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now