වඩා වාසිදායක නිවසක් ඉදිකිරීමද? නැතහොත් ඉදිකළ නිවසක් මිලට ගැනීමද? යන ප්‍රශ්නය දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගෙන් අප විමසු විට ඔවුන් පැවසුවේ එම ක්‍රම ද්විත්වයේම වාසි ඇති බවය.
නිවසක් මිලට ගැනීමේදී ප්‍රශ්න ගණනාවක් මතුවෙයි.
අලුතින් නිවසක් ඉදිකිරීම වාසි දායකද නැතහොත් ඉදිකළ නිවසක් මිලට ගැනීම වාසි දායකද යන්න එහිදී ඇතිවන ප්‍රධානතම ගැටලුව වෙයි.
එම ප්‍රශ්නයට ඇති සාර්ථක පිළිතුර කුමක්ද යන්න මෙම ලිපියෙන් දැනගනිමු.

අලුතින් නිවසක් ඉදිකිරීම
අලුතින් නිවසක් ඉදිකිරීමේදී ඇති ප්‍රධානතම වාසිය නම් එම නිවස ඔබට අවශ්‍ය ලෙස සැලසුම් කිරීමට සහ වෙනස් කිරීමට හැකියාව පැවතීමය.
ඔබගේ අතේ ඇති මුදල් ප්‍රමාණයට අනුව එම නිවාසය ඉදිකිරීම ඔබට සැලසුම් කළ හැකි වීම තවත් වාසියකි.
නිවසේ ප්‍රමාණය, වර්ණය, යොදාගන්නා අමුද්‍රව්‍ය සහ බඩු භාණ්ඩ පිළිබඳ ඔබට මෙහිදී තීරණය කළ හැකිය.
"ඇතැම් පාරිභෝගිකයින් හට යමක් චිත්‍රයකට නගා ගැනීම ඉතා අපහසුයි. තමන්ගේ ඉඩමේ ඉදිකරන නිවස මොන ආකාරයේ හැඩයක් ගනී දැයි සිතාගැනීමට ඔවුන්ට අපහසුයි. එනිසාම ඔවුන් display homes නැරඹීමට, අන්තර්ජාලයෙන් සහ සඟරාවල ඇති නිවාස වල ඡායාරූප නැරඹීමට පෙළඹෙයි. නමුත් තමන්ගේ රුචිකත්වය මත එම නිවාසයේ මූලික චිත්‍රය මනසට නගා ගැනීමට ඔවුන්ට එහිදීද අපහසුවෙයි." යනුවෙන් නිවාස වෙළෙඳපොළේ තැරැව්කරුවකු වන Victor Kalinowski පවසයි.

බලශක්තිය අවම වශයෙන් භාවිත කරන ආකාරයෙන් අලුත් නිවසක් ඉදිකිරීමට හැකිවීම තවත් වාසියකි.
වායු සමීකරණය කිරීම හෝ උණුසුම දනවන heating පද්ධතිය ක්‍රියා කරවීමේදී බලශක්තිය ඵලදායී ලෙස භාවිත කිරීම හරහා බිල්පත් අඩු කරගැනීමට මෙමගින් හැකියාව ලැබෙන බව දේපළ ක්ෂේත්‍රයේ ලේඛකයෙකු සහ උපදේශකයෙකු වන Peter Koulizos පවසයි.
First Home Owner Grant සහ මුද්දර ගාස්තු අඩු කිරීම වැනි විව්ධාකරයේ වට්ටම් ද අලුතින් නිවසක් ඉදිකිරීමේදී ලබාගත හැකිය.
නමුත් මෙහිදී නිවාසය ඉදිකරන ස්ථානය පිළිබඳ ගැටළුවක් පවතී.
ඔබට ඒ සඳහා ඉඩමක් සොයාගත හැකිවන්නේ ඉඩම් තිබෙන ප්‍රදේශයකිනි.
එහිදී ඇතැම් විට එම ප්‍රදේශ නගරයට ඉතා දුරින් පිහිටා ඇති අතර පොදු ගමනාගමන සේවාවන්, පාසල්, රෝහල් හෝ කඩසාප්පු වැනි මූලික පහසුකම් එම ප්‍රදේශ වල නොතිබෙන්නට හෝ සෑහෙන දුරකින් පිහිටන්නටද හැකිය.
අලුතින් නිවසක් ඉදිකර පදිංචියට යාමට සැලකිය යුතු කාලයක් ගත වීම ද තවත් අවාසි සහගත කරුණකි.

ඉදිකළ නිවසක් මිලට ගැනීම
ඉදිකළ නිවසක් මිලට ගැනීමේදී අනුගමනය කළ යුතු පියවර ඉතා පහසු වීම මෙහි ඇති ප්‍රධාන වාසියකි.
නිමා කරන ලද නිවාසය ඔබට සරිලනවද නැද්ද යන්න තීරණය කිරීම මගින් එය මිලට ගැනීමට ඔබට මුල පිරිය හැකිය.
එහිදී අනුගමනය කළ යුතු පියවර ඉතා පහසු සහ ඉක්මන් නිසා ඔබට ඉක්මණින්ම එහි පදිංචියට යා හැකිය.
නමුත් ඔබේ අවශ්‍යතාවලට ගැලපෙන නිවසක් තෝරාගැනීම මෙහිදී ඉතා අපහසු වෙයි.
අලුතින් ඉදිකරන නිවාස පුරයක අදාළ ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත සාප්පු සංකීර්ණ, පාසල්, රෝහල්, උද්‍යාන පිළිබඳ ඔබට කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව දේපළ ක්ෂේත්‍රයේ ලේඛකයෙකු සහ උපදේශකයෙකු වන Peter Koulizos පවසයි.

ඇස්තමේන්තු කර වියදම් සසඳන්න
අලුතින් නිවසක් ඉදිකිරීමේදී ලැබෙන First Home Owner Grant සහ මුද්දර ගාස්තු සහනය කෙසේ වුවත් අලුතින් නිවසක් ඉදිකිරීම සැමවිටම ලාබදායී වන්නේ නැත.
එනිසාම අලුතින් නිවසක් ඉදිකිරීමේදී සහ නිවසක් මිලට ගැනීමේදී යන වියදම් සසඳා බැලිය යුතුය.
ඒ සඳහා අනාගත නඩත්තු කටයුතු වලට යන වියදම් වැනි අමතර වියදම්ද ඇතුළත් කළ යුතු වෙයි.

මේ ප්‍රශ්න ඔබගෙන්ම අසන්න
නිවසක් ඉදිකිරීමේදී හෝ මිලට ගැනීමේදී ඔබගෙන්ම ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක් පිළිබඳ නිවාස වෙළෙඳපොළේ තැරැව්කරුවකු වන Victor Kalinowski මෙසේ පවසයි.
- ඔබට ජීවත් වීමට අවශ්‍ය කුමන ප්‍රදේශයේද?
- ඔබට අවශ්‍ය කුමන ආකාරයේ නිවසක් ද?
- ඔබට දැරිය හැකි වියදම?
- මෙම නිවස ඔබට දිගටම වාසය කිරීම සඳහාමද නැතිනම් අනාගතයේදී එය විකිණීමට අපේක්ෂා කරනවාද?
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

