Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මෙල්බන් නුවර ඒකාලෝක කරමින් ත්‍රිමාන අත්දැකීමෙන් මැජික් පෙන්වන White Night Melbourne හෙටයි. (SBS සිංහල/වාර්තා)

මෙල්බන් නගරයේ වීදි ඒකාලෝක කරමින් සෑම අඳුරු මුල්ලක්ම මෙම රාත්‍රියේදී ආලෝකමත් කෙරෙන මෙය පැරිස් නුවරින් ඇරඹි ලෝක ප්‍රකට Nuit Blanche movement වලින් අභාසය ලබා අරඹන ලදී.

White Night Melbourne

White Night at Flinders Street Station Source: AAP

මෙල්බන් නුවර වාර්ෂිකව පවත්වනු ලබන විශාලතම සංස්කෘතික හා විනෝදකාමී උත්සව අතරින් ප්‍රමුඛතම උත්සවයක් ලෙස White Night Melbourne හැඳින්වේ.

මෙය වාර්ෂිකව පවත්වනු ලබන අතර මෙවර එය පෙබරවාරි 17 වන දින (සෙනසුරාදා) රාත්‍රී 7 සිට පසුදා පෙරවරු 7 දක්වා පැවැත්වේ.

මෙල්බන් නගරයේ වීදි ඒකාලෝක කරමින් සෑම අඳුරු මුල්ලක්ම මෙම රාත්‍රියේදී ආලෝකමත් කෙරෙන මෙය පැරිස් නුවරින් ඇරඹි ලෝක ප්‍රකට Nuit Blanche movement වලින් අභාසය ලබා අරඹන ලදී.

මෙල්බන් නගර මධ්‍යය, St Kilda මාර්ගයේ National Gallery of Victoria සිට මෙල්බන් කෞතුකාගාරය සහ Carlton දක්වා මෙය පැවැත්වේ.

නමුත් මෙවර මෙය Yarra හරහා Queen Victoria Gardens දක්වා පැවැත්වේ.

විවිධ ප්‍රදර්ශන, වීදි සංදර්ශන, විදුලි එළි මගින් කෙරෙන විවිධ නිර්මාණ, සිනමා විකාශයන්, සංගීත සංදර්ශන, නර්තන ඇතුළු අංග රැසකින් මෙම White Night Melbourne සමන්විත වේ.

White Night Melbourne
Source: AAP

White Night Melbourne පුරාණය

2013 වසරේදී ආරම්භ කළ මෙය මෙවර පවත්වනු ලබන්නේ 6 වන වරටය.

2013 වසරේ පෙබරවාරි 23 වන දින මංගල White Night Melbourne රාත්‍රිය පැවත්වුනු අතර ඒ සඳහා ලක්ෂ 3 කට ආසන්න පිරිසක් සහභාගී වූ බව වාර්තා වේ.

මෙහි දෙවැන්න 2014 වසරේ පෙබරවාරි 22 වන දින පැවත්වුනු අතර ඒ සඳහා ලක්ෂ 5ක පමණ පිරිසක් සහභාගී වූ බව වාර්තා වේ.

2015 වසරේ සිට White Night Melbourne රාත්‍රිය තව තවත් පුළුල් කිරීමට එහි සංවිධායකයින් උත්සහ දැරූ අතර ත්‍රිමාණ ප්‍රක්ෂේපණ වැනි අංග බහුල ලෙස එතැන් පටන් එකතු වන්නට විය.

White Night Melbourne
Source: White Night Melbourne

මෙවර White Night Melbourne හි සුවිශේෂී අංග

1. වර්ණවත් විදුලි එළි ප්‍රක්ෂේපණ

මෙමගින් මෙල්බන් නගර මධ්‍යයේ ඇති ප්‍රධාන ගොඩනැගිලි වලට විවිධ වර්ණ සහ හැඩතල ලබා දෙයි.

විශේෂයෙන්ම Flinders Street දුම්රිය ස්ථානය පිහිටි ගොඩනැගිල්ල, NGV  හෙවත් National Gallery of Victoria ගොඩනැගිල්ල යනාදී මෙල්බන් නගරයේ ප්‍රධාන ගොඩනැගිලි වලට විවධ වර්ණ ප්‍රක්ෂේපණය කර වර්ණවත් හැඩ තල මවයි.

White Night Melbourne
Source: White Night Melbourne
2. බෞද්ධ තාරා ආයතනය මගින් පවත්වනු ලබන භාවනා වැඩසටහන

මෙය සෑම පැයකම Hamer ශාලාවේ තාරා පිළිමය අසළ මිනිත්තු 3ක් පුරාවට පැවැත්වේ.

White Night Melbourne
Source: White Night Melbourne
3. The Serpent Mother

මෙල්බන් කෞතුකාගාරය අසළ යකඩ වලින් තනා ඇති යෝධ උරගයෙකුගෙන් ගිනි පිටවන අයුරු මෙහිදී දැක බලා ගත හැකිවේ.

White Night Melbourne
Source: White Night Melbourne
4. The Secret Life of Books

වික්ටෝරියානු රාජ්‍ය පුස්තකාලයේ කියවීමේ ශාලාව Harry Potter සිනමා පටයේ මෙන් මැජික් පොත් පෙරලෙන අයුරු ඔබට මෙහිදී දැක ගත හැකිය.

White Night Melbourne
Source: White Night Melbourne
5. Wish Tree

මෙල්බන් නුවර QV courtyard හි තනා ඇති මෙම පැතුම් වෘක්ෂයෙහි පත්‍ර වල ඔබේ පැතුම් සහ පණිවිඩ ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනය ඔස්සේ ලිවීමට ඔබට හැකියාව ලැබේ.

White Night Melbourne
Source: White Night Melbourne
6. Snow Lane

වෙනදාට ඉතා කාර්ය බහුල වන Little Bourke වීදිය මෙවර White Night Melbourne රාත්‍රියේදී හිමෙන් පිරුණු වීදියක් වනු ඇත.

White Night Melbourne
Source: White Night Melbourne
7. Liquid Sky

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම වරට ඉදිරිපත් කෙරෙන මෙම Liquid Sky, Federation චතුරශ්‍රයේ දී පෙබරවාරි 17 වන දින රාත්‍රී 7 සිට පසුදා පෙරවරු 7 දක්වා දැක බලා ගත හැකිය.

වර්ග අඩි 14,000 කින් යුක්ත මෙය චලනය වන අහසක් ලෙස නිර්මාණය කර ඇත.

White Night Melbourne
Source: White Night Melbourne

වැඩි විස්තර www.whitenight.com.au යන වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now