SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රෙලියාවේ සිට ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කිරීම පිලිබදව Jetstar නිහඬයි .....

jet
Source: jetstar

1 min read

Published

Updated

By Charitha Adikari


Skip to article content

SBS සිංහල වෙබ් අඩවියෙන් අප මීට පෙර වාර්තා කල පරිදි , ඕස්ට්‍රේලියාවේ Jetstar ගුවන් සේවය ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කරන බවට පළවූ වාර්තා පිලිබදව Jetstar ආයතනය දැන් නිහඬ වී ඇති බවට වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් Jetstar හි මාධ්‍ය ප්‍රකාශක පවසා ඇත්තේ ඔවුන් සැම විටම ඉල්ලුම් ඇති නව ගමනාන්තයන් සොයා බලන නමුත් දැනට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කිසිම තොරතුරක් ලබා දිය නොහැකි බවයි.

මේ වන විට ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙල්බන් හා කටුනායක අතර ගුවන් සේවා පවත්වාගෙන යන අතර ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් David Holly ප්‍රකාශ කොට ඇත්තේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිඩ්නි සිටද ගුවන් ගමන් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.

වාර්තා වන අන්දමට ශ්‍රී ලංකාවට ජුනි මස ගුවනින් සංචාරකයින් 4000ක් පමණ ගොස් ඇතැයිද වාර්තා වේ. ශ්‍රී ලන්කන් ගුවන් සේවය Qantas ගුවන් සේවය සමග codeshare එකගතාවයකින් කටයුතු කරයි.

Source:airlineratings.com/ SBS Sinhala


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now