SKIP TO MAIN CONTENT

සිනා සීම රැකියාවට වැදගත් කියා දන්ත ප්‍රතිකාර මුදලත් tax return එක තුලින් ඉල්ලන ඔස්ට්‍රේලියානුවෝ සිටින බවට ඔස්ට්‍රේලියානු බදු කාර්යාංශය පවසයි..

cash
Source: AAP

2 min read

Published

Updated

By Charitha Adikari


Skip to article content

ඔස්ට්‍රේලියානු බදු කාර්යාංශය විසින් පසුගිය වසරේ ඔවුන්ට ලැබුණු අමුතුම මාදිලියේ බදු ප්‍රතිලාබ ඉල්ලීම් හෙළි කොට තිබේ. බදු ගෙවන්නන් 700,000ක් පමණ "වෙනත්" වියදම් යනුවෙන් දන්ත ප්‍රතිකාර, ළමා සුරැකුම් ගාස්තු හා lego සෙල්ලම් බඩු මිලදී ගැනීම සදහා යන වියදම් පවා ඉදිරි පත් කොට ඇති බව සදහන්. බදු කාර්යාංශයේ සහකාර කොමසාරිස් Karen Foat පවසන්නේ මෙසේ අසාමාන්‍ය වියදම් වලට අවසර දිය නොහැකි බවයි.

ඇතැම් බදු ගෙවන්නන් හේතු ලෙස ඉදිරිපත් කර ඇත්තේ සුන්දර සිනහවක් තිබීම රැකියා සොයා ගැනීමට පහසු වන බැවින් එම මුදල් නැවත ලබා ගත හැකි බවයි. නමුත් එය කාර්යාංශය විසින් ප්‍රතික්ෂේප කොට තිබේ . එසේම තවත් අයෙක් තම දරුවන්ට ලබා ගත් Lego සෙල්ලම් බඩු වියදම් පවා නැවත ලබා ගැනීමට තැත් කොට ඇති අතර එයත් ප්‍රතික්ෂේප වී තිබේ .

බදු ප්‍රතිලාබයේ other expenses සදහා අයත් වන්නේ income protection හා රක්ෂණ ආදිය සදහාද වෙන් කිරීමය . නමුත් සමහරුන් ළමා සුරැකුම්, පෞද්ගලික පාසල් ගාස්තු හා සෞඛ්‍ය රක්ෂණ සදහා ද ඉල්ලීම් කලද ඒවා ප්‍රතික්ෂේප වේ. බදු කාර්යාංශය පවසන්නේ සැබෑ ලෙසින් සිදුව ඇති වැරද්දක් හැරුණු විට අනෙකුත් මෙවන් නොගැලපෙන ඉල්ලීම් සදහා දඩ අය කර ගත හැකි බවයි. ජනතාව සැබෑ ලෙස ප්‍රතිලාබ ලබා ගත හැකි වියදම් හඳුනා ගත යුතු බවයි ඔවුන් පවසන්නේ.

"other expenses " සදහා ඔබට ඔබේ ප්‍රධාන ආදායම් ලැබීම සදහා වන මාර්ගය හා සම්බන්ධ වියදම් විය යුතු අතර ඒ සදහා රිසිට් පත් තිබිය යුතුයි. එසේම රැකියාව හා සම්බන්ධ වියදම් work related expenses යටතට අයත් වේ

ඔබට වැඩි විස්තර ලබා ගැනීමට පහත වෙබ් අඩවියට පිවිසෙන්න 

 visit: ato.gov.au/individuals/mytax/2019/in-detail/other-deductions/

ඒ සදහා ලැබෙන දඩ මුදල් සම්බන්ධව පහත වෙබ් අඩවියෙන් තොරතුරු ලබා ගන්න 

ato.gov.au/penalty

ඔබේ ආදායම් හා වියදම් පිලිබදව වාර්තා තබා ගැනීමට පහත වෙබ් අඩවියෙන් හැකියි 

ato.gov.au/mydeductions.

මෙසේ හඳුනා ගත හැකි අසාමාන්‍ය වියදම් :

1. Lego සෙල්ලම් බඩු සදහා යන වියදම් - ළමා ක්‍රීඩා වියදම් ඇතුළුව

2. නව වාහනයක් මිලදී ගැනීම - පෞද්ගලික වාහන මිලදී ගැනීම බදු ප්‍රතිලාබයක් ලබා ගැනීමට නොහැකි කරුණක්

3. දරුවන් හදා වඩා ගැනීමේදී යන වියදම් - දරුවන් හා ඔවුන්ගේ පාසල් සදහා යන වියදම් අයත් නොවේ

4. other expenses යටතට දන්ත ප්‍රතිකාර හා අනෙකුත් ප්‍රතිකාර අයත් නොවේ

5. විවාහ උත්සවය සදහා - මෙය අයත් නොවේ

Source: ATO


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now