ඔස්ට්‍රේලියාවේ මේ ගෙවී යන්නේ tax Claim හෙවත් බදු ප්‍රතිලාභය නැවත ලබාගැනීමේ කාලයයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මෙහිදී පසුගිය මුල්‍ය වර්ෂයට අදාළ (2018/19) රැකියා සහ වෘත්තීන් ආශ්‍රිත වියදම් සටහන් කරමින් තමන්ගේ වාර්ෂික බදු ප්‍රතිලාභය නැවත ලබාගැනීමට බොහෝ ඔස්ට්‍රේලියානුවන් වෙහෙස වෙයි.
නමුත් එම වියදම් පෙන්වීමේදී ඒවායේ රිසිට් පත් පමණක් ප්‍රමාණවත් නොවන බව මේ වන විට වාර්තා වේ.

රිසිට් පත් පමණක් තිබීම ප්‍රමාණවත් ද?
නීත්‍යානුකූලව තමන්ගේ tax Claim එක සිදු කිරීමට හෙවත් බදු ප්‍රතිලාභය නැවත ලබාගැනීමට තම රැකියා සහ වෘත්තීන් ආශ්‍රිත වියදම් සටහන් රිසිට් පත් පමණක් තිබීම ප්‍රමාණවත් බව බොහෝ ඔස්ට්‍රේලියානුවාසීන් සිතා සිටියි.
නමුත් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් සිදුකරනු ලබන බදු විගණනයේදී ඊට වඩා වැඩි ලේඛන ඔවුන් ඉල්ලා සිටිය හැකි බව ABC පුවත් සේවය වාර්තා කරයි.
එක් බදු ගෙවන්නෙකු තම කුලී නිවාසය සම්බන්ධ වියදම් නැවත ලබාගැනීමට (rental property claims) යාමේදී ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් සිදුකරනු ලබන බදු විගණනය ට හසුවී ඇත.
එහිදී ඔහු ඊට අදාළ වියදම් සටහන් කර ඇති නමුත් ඔහු ඊට අදාළ කිසිදු නිවාසයක් හෝ දේපලක් සටහන් කර නොමැත.
ඔහු ඊට පෙර වසරේදී තම අධ්‍යාපනය සඳහා වැයවූ මුදලක් self-education හෙවත් ස්වයං අධ්‍යාපන වියදම් ලෙස සටහන් කර තම වාර්ෂික බදු ප්‍රතිලාභයෙන් නැවත ලබාගැනීමට යාම නිසා මේ වන විට $24,000 ක් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයට ගෙවීමට සිදුව තිබේ.
2017/18 මුල්‍ය වර්ෂයේදී 450,000 ක් පමණ පිරිසක් ඩොලර් මිලියන 900 ක පමණ මුදලක් ස්වයං අධ්‍යාපන වියදම් ලෙස නැවත ලබාගෙන තිබේ.
තම වියදම් වලට අදාළ රිසිට් පත් පමණක් ප්‍රමාණවත් නොවන බව ඇතැම් විට ඔස්ට්‍රේලියානු බඳු කාර්යාලයේ විගණනයකට හසුවූ කළ ඔබට දැනුම් දෙනු ඇත.
එහිදී තවත් අමතර ලිපි ලේඛන ඔබෙන් ඉල්ලා සිටිය හැකි අතර ඔබට ඒවා සැපයීමට සිදුවනු ඇත.
අදාළ වියදම එම පුද්ගලයා විසින්ම ගෙවා ඇතිදැයි තහවුරු කිරීමට මෙන්ම එම වියදම වෙනත් කිසිදු අයුරකින් නැවත ලබාගෙන නොමැති බව තහවුරු කිරීමට එම අමතර ලිපි ලේඛන ඔස්ට්‍රේලියානු බඳු කාර්යාලය විසින් ඉල්ලා සිටියි.
බැංකු ප්‍රකශන වැනි ලේඛන උදාහරණ ලෙස දැක්විය හැකිය.

ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ නිල විගණනය
සාමාන්‍යයෙන් සෑම බදු වර්ෂයකදීම විවිධ පුද්ගලයින්ගේ බදු ප්‍රතිලාභ පිළිබඳ ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් විගණන ක්‍රියාත්මක කරයි.
මෙම විගණන බොහෝ විට අහඹු ලෙස තෝරාගැනීමෙන් සිදු කරන අතරම ඇතැම් විට සැකසහිත වියදම් පෙන්වා වැඩි බදු ප්‍රතිලාභයක් ලබාගැනීමට උත්සාහ දරන පුද්ගලයින්ව විශේෂයෙන් ඉලක්ක කරමින් එම විගණන සිදු කෙරේ.
එවැනි විගණන වලදී ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය අදාළ පුද්ගලයාට නිල ලිපියක් එවනු ලබන අතර එම ලිපිය සමග යම් පෝරම පත්‍ර කිහිපයක් ද එවයි.
එම පෝරම පත්‍ර අතර 'self review' පෝරමයක්ද වන අතර තමන්ගේ නිවැරදි වියදම් සහ ආදායම් සටහන් කිරීමට එහිදී ඔබට තවත් අවස්ථාවක් හිමිවේ.
ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය අදාළ පුද්ගලයා ගේ ආදායම් සහ වියදම් පිළිබඳ නිල විගණනය සිදුකිරීමට පෙර සත්‍ය පැවසීමට එම පෝරමයෙන් ඔබට තවත් අවස්ථාවක් ලබාදෙයි.
නමුත් එම තොරතුරු වලින් සැහීමකට පත් නොවුණහොත් බොහෝ දුරට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් නිල විගණනයක් සිදු කිරීමට පෙළඹෙයි.


