ඔස්ට්‍රේලියාවේ 60% කගේ ආදායම පාලනය කරන්නේ 20% ක ධනවත් පිරිසක් විසින් බව හෙළිවෙයි. (SBS සිංහල/වාර්තා)

household income

Source: AAP

පසුගිය දශකය තුළ ඔස්ට්‍රේලියාවේ ධනවත් පුද්ගලයින් තවත් ධනවත් වී ඇති නමුත් මධ්‍යම සහ අඩු ආදායම් ලාභීන් ගේ ආදායම වැඩිවී ඇත්තේ ඉතා සුළු වශයෙන් බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

ඔස්ට්‍රේලියාවේ මුදල් ගැවසීම සහ දේපළ හිමිකම් පිළිබඳ මෙහිදී වැඩි අවධානයක් යොමු කර තිබේ.

household income
Source: AAP

බහුතරයකගේ ආදායම සුළුතරයක් ධනවතුන් විසින් පාලනය කරයි

වර්තමානය වන විට ඔස්ට්‍රේලියාවේ පවුල් ඒකකයක වටිනාකම ඩොලර් මිලියනයකට වඩා වැඩි බව තක්සේරු කර තිබේ.

නමුත් එම අගය බොහෝ විට ධනවත් පුද්ගලයින් විසින් පාලනය කරන සෙයක් දක්නට ලැබෙන බව සඳහන්.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ 60% කගේ පමණ පවුල් වල ආදායම් සහ වත්කම් පාලනය කරනු ලබන්නේ 20% ක්වූ ධනවත් පිරිසක් විසින් බව පෙනී ගොස් ඇත.

ඔස්ට්‍රේලියානුවන්ගේ අතේ ගැවසෙන මුදල් ප්‍රමාණය සාපේක්ෂව ඉතා අවම මට්ටමක පවතින බවත් ඔවුන් හට සාමන්‍යයෙන් දේපළ පිළිබඳ විශාල බලාපොරොත්තුවක් ඇති බවත් වාර්තා වේ.

ඒ අනුව බහුතරයක් ඔස්ට්‍රේලියානුවාසීන් තමන්ගේ නිවාස හා දේපළ වටිනාකම සහ superannuation ශේෂය පිළිබඳ වැඩි විශ්වාසයක් තබා තම ආර්ථික සශ්‍රීකත්වය පිළිබද අපේක්ෂාවෙන් සිටියි.

ඒ හේතුව නිසාම ඔවුන්ගේ ආර්ථික වර්ධනය එක තැන පල්වීමක් දක්නට ඇතැයි මෙම වාර්තාව පවසයි.

household income
Số người sống dưới mức nghèo, tức có mức thu nhập dưới $40.000 đôla, đã tăng từ 9,6% lên 10,4%. Source: AAP

පවුල් ඒකකයක වටිනාකම

වසර 2017/18 වන විට ඔස්ට්‍රේලියාවේ පවුල් ඒකකයක වටිනාකම සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 1.02ක් බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Bruce Hockman පවසයි.

එම අගය වසර 2005/06 කාලයේ $749,000 ක්වූ බවද සඳහන්.

වසර 2005/06  පටන් මේ දක්වා කාලය තුළ ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳ පොළේ නැග්මක් ඇතිවුණු අතරම superannuation ශේෂය ද දෙගුණ වී ඇති බව ආර්ථික විද්‍යාඥ Bruce Hockman පවසයි.

එසේ නමුත්, ඔස්ට්‍රේලියාවේ ඒක පුද්ගල ආදායම් වර්ධනය දුර්වල මට්ටමක පවතින බව ඔහු පැහැදිලි කරයි.

පසුගිය දශකයේ හටගත් ගෝලීය ආර්ථික අර්බුදය තෙක් ඔස්ට්‍රේලියාවේ ඒක පුද්ගල අදායම් වර්ධනය $220 කින් පමණ සිදුවූ නමුත් ඉන් අනතුරුව ගතවූ වසර 10 තුළ එය වැඩිවී ඇත්තේ සාමාන්‍යයෙන් සතියකට  $44  කින් පමණි.

household income
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now