SKIP TO MAIN CONTENT

මිලයන ගණන් ගස් සිටුවීමට අපේක්ෂිත ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම හරිත නගරය ගැන ඔබ දන්නවාද? (SBS සිංහල/වීඩියෝ)

Which Australian city is the greenest?
Source: Flickr

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

හරිත නගර සහ හරිත වටපිටාවන් සහිත නිවාස ඉදිකිරීම 21 වන සියවසේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මෙන්ම නගර සැලසුම් කිරීමේදී ප්‍රමුඛත්වයක් හිමිවන දෙයක්.

දේශගුණික විපර්යාසයන් හමුවේ පැන නගින අර්බුද අවම කරගැනීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කෙරේ.

විශේෂයෙන්ම නගර සැලසුම් කිරීමේදී ස්වභාවික පරිසරයට ප්‍රමුඛවත්වයක් දීම වර්තමානයේදී බහුලව දක්නට ලැබෙන දෙයකි.

නගර නිර්මාණය කිරීමේදී ගස් වැවීම සහ  සිටුවීම, ජල පහරවල් නිර්මාණය කිරීම, තෙත් බිම් නිර්මාණය කිරීම සහ පවතින තෙත් බිම් සංරක්ෂණය කිරීම, පවතින ගංගා, ඇල - දොළ සංරක්ෂණය කිරීම වැනි ක්‍රියා සඳහා වැඩි අවධානයක් යොමු කර ඇත.

ඔස්ට්‍රේලියානු නිවාස හා දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෙබ් අඩවියක් වන domain වෙබ් අඩවිය ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම හරිත නගර සම්බන්ධව සමීක්ෂණයක් සිදුකර තිබේ.

එම සමීක්ෂණ දත්ත වලට අනුව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන හරිත නගර මොනවාද යන්න පහත වීඩියෝවෙන් ඉදිරිපත් කෙරේ.

Which Australian city is the greenest?
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now