SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ විශාලතම මරණීය සාධකය හෙළිවෙයි. (SBS සිංහල/වාර්තා)

Australia's biggest killer revealed
Source: E+

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ විශාලතම මරණීය සාධකය ලෙස හෘදය රෝග හඳුනාගෙන තිබේ.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

හෘදය රෝග මරණ අනුපාතය පහත වැටී තිබුණද එය ඔස්ට්‍රේලියාවේ විශාලතම මරණීය සාධකය ලෙස වාර්තා වේ.

Australia's biggest killer revealed
Source: AAP

ඔස්ට්‍රේලියාවේ හෘදය රෝග

2017 වසරේදී ඔස්ට්‍රේලියාවේ 18,590 ක ප්‍රමාණයක් කිරීටක හෘදය රෝග වලින් මිය ගොස් ඇති බව සෞඛ්‍ය හා සුබ සාධනය පිළිබඳ ඔස්ට්‍රේලියානු ආයතනය පවසයි.

නමුත් ඊට පෙර වසරේදී එම ප්‍රමාණය 19,077 ක් ලෙස වාර්තා විය.

මේ අතර ඔස්ට්‍රේලියාවේ පුද්ගල මරණ සඳහා දෙවැනි විශාලතම රෝග සාධකය ලෙස ඩිමෙන්ෂියාව හැඳින්වේ.

ඇල්ෂයිමර් රෝගය ඇතුළුව ඩිමෙන්ෂියාවෙන් මරණයට පත්වූ ප්‍රමාණය 13,126 සිට 13,729 දක්වා ඉහළ නැග තිබේ.

එම ප්‍රමාණයෙන් කාන්තාවන් පමණක් 8,800 ක් සිටි බව සඳහන්.

ආඝාතය සහ මස්තිෂ්ක වාහිනී ආබාධය වැනි තත්ත්ව ඔස්ට්‍රේලියාවේ තෙවැනි විශාලතම මරණීය සාධකය ලෙස වාර්තා වේ.

ඊට අමතරව පෙනහළු පිළිකා සහ chronic obstructive pulmonary රෝගය පිළිවෙලින් සිව්වන හා පස්වන මරණීය සාධක ලෙස හැඳින්වේ.

Australia's biggest killer revealed
Source: Getty Images

මරණ අනුපාතය

2017 වසරේදී ඔස්ට්‍රේලියාවේ වාර්තා වූ මුළු මරණ සංඛ්‍යාව 160,909 කි.

එයින් 82,858 ක් පිරිමි පුද්ගලයින් 78,051 ක් කාන්තාවන් විය.

නමුත් සාපේක්ෂව ගත් කළ ඔස්ට්‍රේලියාවේ මරණ අනුපාතිකය අඩුවී ඇති බව නවතම දත්ත පෙන්වා දෙයි.

පසුගිය සියවස තුළදී පිරිමි පුද්ගලයින් ගේ මරණ ප්‍රතිශතය 72% කින්ද කාන්තා මරණ ප්‍රතිශතය 76% කින්ද පහත බැස තිබේ.

2017 වසරේදී පිරිමි සහ කාන්තා මරණ අතර වෙනස ඉතා අඩුවී ඇති අතර එය පුද්ගලයින් ලක්ෂයකට 180 ක් ලෙස සඳහන්.

මේ අතර ප්‍රධාන නගර වලින් දුරස්ව වාසය කරන පුද්ගලයින්ගේ මරණ අනුපාතිකය නාගරික පරිසරයක වෙසෙන පුද්ගලයින්ට වඩා වැඩි බවද මෙම දත්ත පෙන්වා දෙයි.

නොමේරු මරණ අනුපාතිකයද ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල ඉහළ බව වාර්තා වේ.

Australia's biggest killer revealed
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now