මෙල්බන් නුවර නිවාස වලින් 15.2% ක ප්‍රතිශතයක smoke alarm සවි කර නොමැති බවත් සියලු නිවාස වලින් තුනෙන් එකක පමණ smoke alarm හරිහැටි ක්‍රියා නොකෙරෙන බවත් නවතම දත්ත වාර්තා කරයි.

වගකීම සහ අවදානම
තම නිවෙස් වල smoke alarm වල ආරක්ෂාව නොමැතිව කොපමණ මෙල්බන් වැසියන් සංඛ්‍යාවක් දිනපතා නින්දට යනවාද යන්න පිළිබඳ මෙල්බන් Metropolitan Fire Brigade හෙවත් මෙල්බන් ගිනි නිවන හමුදාවේ සහකාර ප්‍රධාන ගිනි නිවන නිලධාරී Martin Braid පැවසු බව "The Age" පුවත් පත වාර්තා කරයි.
ඇතැම් නිවෙස් වල වසර 10 කින් පමණ smoke alarm එකක් සවි කර නැති බව ද ඔහු පැවසුවේය.
"අපි විශ්වාස කරනවා හැම නිවසකම තිබෙන smoke alarm එක නිවැරදි ලෙස ක්‍රියා කරනවා කියලා. ඒක නිවැරදිව ක්‍රියා කරනවා දැයි පරීක්ෂා කර බැලීම නිවැසියන්ගේ වගකීම. බැටරිය මාරු කිරීම පමණක් නොව වසර 10 කට පසුව සෑම smoke alarm එකක්ම මාරු කළ යුතුයි." Martin Braid පැහැදිලි කළේය.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
Smoke alarm නොමැති වීමෙන් හෝ ඒවා හරිහැටි ක්‍රියාත්මක නොවීමෙන් නිවාස ගිනි ගැනීම් සිදුවීම මෙල්බන් නුවර අද වන විට සුලබ තත්ත්වයක් බවට පත්වී ඇති බව මෙල්බන් ගිනි නිවන හමුදාවේ සහකාර ප්‍රධාන ගිනි නිවන නිලධාරී Martin Braid පැවසීය.
"පහුගිය සතියේ එක් නිවෙසක ගිනි ගැනීමක් වාර්තා වී අපි එහි ගියා. එහි smoke alarm එක අක්‍රිය වෙලා තිබ්බේ. එම නිවසේ ගිනි ගැනීම සිද්ධ වුනේ මධ්‍යම රාත්‍රියට ආසන්න වේලාවකදී. නමුත් වාසනාවකට එහි සියලු දෙනා සිටියේ අවදියෙන්, මොකද ඔවුන්ගේ පියා සේවය නිමවී නිවෙස වෙත පැමිණෙන්නේ රාත්‍රී 11 ට පමණ. මේ නිසා කිසි කෙනෙකුට අනතුරක් වුනේ නැහැ." යනුවෙන් Martin Braid මෑතකදී සිදුවූ තම අත්දැකීමක් විස්තර කළේය.
නමුත් සෑම විටම එවැනි වාසනාවන්ත ප්‍රතිඵල අතදකින්නට නොලැබෙන බවද ඔහු සිහිපත් කළේය.
පසුගිය වසරේ මෙල්බන් ගිනි නිවන සේවාව ගිනි ගත් නිවාස 1532 ක් බේරා ගැනීමට ගිය නමුත් එහිදී නිවැසියන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවත් ඩොලර් මිලියන 33 ක දේපළ හානි සිදුවූ බවත් Martin Braid සඳහන් කළේය.

මෙල්බන් නිවැසියන්ගේ තත්ත්වය
මෙල්බන් ගිනි නිවන හමුදාවේ දත්ත සනාථ කරමින් Smoke Alarm නොමැති මෙල්බන් නිවාස 15% ක් පමණ තිබෙන බව Smoke Alarm Solutions හි ප්‍රධාන විධායක Cameron Davis පැවසීය.
ක්‍රියා කරන smoke alarm සෑම නිවසකම තිබිය යුතු දෙයක් බව Davis පැවසීය.
Smoke alarm නොමැති නිවාස 15.25 ක් ඇති බව දැනගැනීමෙන් තමන් කම්පනයට පත් වූ බවත් තමන්ට අනතුරක් සිදුවන තෙක් තමන් ඒ පිළිබඳව සැලකිලිමත් නොවන බවත් පවසන Davis පෙන්වා දෙන්නේ මේ මාසය තුළ පමණක් මෙල්බන් නුවරින් නිවාස ගිනි ගැනීම් පිළිබඳ සිදුවීම් 143 ක් වාර්තා වී ඇති බවද සඳහන් කළේය.

Smoke alarm පිළිබඳ නීති
ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත හා සසඳා බැලීමේදී වික්ටෝරියානු ප්‍රාන්තයේ smoke alarm පිළිබඳ නීති ඉතා දුර්වල බව Davis ගේ අලෙවි විධායිකා Melanie Tazelaar පැවසුවාය.
ඔස්ට්‍රේලියාව තුළ smoke alarm පිළිබඳ නීති ඉතා දැඩිව ක්‍රියාත්මක වන්නේ ක්වීන්ස්ල්නත ප්‍රාන්තයේ බවද ඇය පෙන්වා දෙයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

