ලොව තුරඟ තරග අතර ජනප්‍රියම සහ ප්‍රමුඛ පෙළේ තුරඟ තරගයක් වන "Melbourne Cup" තුරඟ තරගය අද දිනයේ (07/11 ) මෙල්බන් නුවර Flemington තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය.
“රටම මොහොතකට නතර වන තුරඟ තරගය” ලෙස විරුදාවලිය ලත් මෙම "Melbourne Cup" තුරඟ තරගය අද පස්වරු 3 ට ආරම්භ වන්නේ Flemington තුරඟ තරග පිටියේදී අද පවත්වන 7 වන තරගය ලෙසය.
අද දිනයේදී Flemington තුරඟ තරග පිටියේදී තුරඟ තරග 10 ක් පවත්වන අතර පළමු තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ පෙරවරු 11 ට වන අතර දසවන තරගය පැවැත්වෙන්නේ පස්වරු 5.20 ට ය.
මෙවර "Melbourne Cup" තුරඟ තරගය සඳහා පිරිනමන මුළු ත්‍යාග මුදල ඩොලර් මිලියන 6.25 ක් වන අතර තරගයේ පළමු ත්‍යාගයට ඩොලර් මිලියන 3.6 ක් පිරිනැමේ.
ඒ අනුව "Melbourne Cup" තුරඟ තරගය ජයගන්නා අශ්වයාගේ අසරුවා හට එම ත්‍යාග මුදලෙන් 5% ක මුදලක් හිමිවන අතර එම අශ්වයාගේ පුහුණුකරු හට ත්‍යාග මුදලෙන් 10% ක මුදලක් හිමිවේ.

in the Birdcage on Melbourne Cup Day at Flemington Racecourse in Melbourne, Tuesday. Nov. 1, 2016. Source: AAP
Melbourne Cup 2017
වෙනදා මෙන්ම මෙවරද "Melbourne Cup" තුරඟ තරගය මීටර් 3200 ක ධාවනයකින් යුක්ත වන අතර අශ්වයින් 23 දෙනෙකු සහභාගී වීමට නියමිතය.
නමුත් ශරීර සුවතාව මත ඇතැම් අශ්වයින් තරගයෙන් ඉවත් කෙරෙන අතර අද පස්වරු 3 ට ස්වල්ප වෙලාවකට පෙර තරගයට සහභාගී වීමට නියමිත අශ්වයින් ගණන තීරණය කෙරේ.
Victoria Racing Club විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලියේ මෙවර තවත් සුවිශේෂී කරුණක් වන්නේ එහි ප්‍රථම කාන්තා සභාපතිනිය වන Amanda Elliott ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන ප්‍රථම "Melbourne Cup" තුරඟ තරගය මෙය වීමය.
ඇගේ Libran නමැති අශ්වයාද මෙවර "Melbourne Cup" තුරඟ තරගය සඳහා තරග වදිනු ඇත.
මෙවර Melbourne cup සදහා ඉදිරිපත්වී ඇති තුරඟුන් අතරින් Marmelo ,ජනප්‍රියත්වය අතින් ඉදිරියෙන් සිටින එක් තුරඟකු වන අතර, යම් හෙයකින් Marmelo තරගය ජයගත හොත් Melbourne cup ජයගන්නා පළමු බ්‍රිතාන්‍ය තුරඟා බවට වාර්තා අතරට එක් වෙයි.
Marmelo ගේ අසරුවා වශයෙන් කටයුතු කරනුයේ පසුගියදා ප්‍රමුඛ පෙළේ ඔස්ට්‍රේලියානු තුරඟ තරගයක් වන Cox Plate ජයග්‍රහණය කල Winx ගේ අසරුවා වශයෙන් කටයුතු කල Hugh Bowman වීමද විශේෂත්වයකි.
මෙවර තරගයට ඉදිරිපත්වන තුරගුන් 23 දෙනාගෙන් 11 දෙනෙකු විදේශීය රටවල පුහුණුව ලැබූ තුරඟුන් වේ.
විදෙස් රටවලින් තරගයට ඉදිරිපත් කර ඇති තුරඟුන් අතරින් ප්‍රංශයේ Tiberian අයර්ලන්තයේ Johannes Vermeer ,Rekindling, Wall of Fire සහ Max Dynamite එංගලන්තයේ Thomas Hobson ස්කොට්ලන්තයේ Nakeeta සහ ජර්මනියේ Red Cardinal ප්‍රමුඛ ස්ථානයේ සිටින තුරඟුන් වශයෙන් හදුන්වා දිය හැකිය.
ඔස්ට්‍රේලියානු තුරඟුන් අතරින් ඉදිරියෙන් සිටින්නේ පසුගිය වසරේ තරගය ජයගත් Robert Hickmott පුහුණු කල Almandin, සහ Darren Weir පුහුණු කල Humidor, Amelie's Star සහ Big Duke තුරඟුන් වන අතර, විදෙස් රටක තුරගෙකු තරගය ජයග්‍රහණය අත් කර ගනීද, ඕස්ට්‍රේලියානු තුරගෙකු ජය අත් කරගනීද යන්න පිළිබද අනාවැකි පළකිරීම මේ තරගයේදී ඉතා අසීරු කාරණයක් බවට පත්ව තිබේ.
2015 වසරේ තරගය ජයගත් පු හුණු කරු Darren Weir විසින් පුහුණු කල සුපිරි තුරගුන් කීප දෙනෙකු මෙවර තරගයට එක් වීම තවත් විශේෂ කරුණකි. 

Melbourne Cup 2017 Source: AAP
Melbourne Cup කුසලානය
Melbourne Cup කුසලානය “Loving Cup” ලෙසද හැඳින්වෙන අතර එය කැරට් 18 රත්‍රන් වලින් නිමවා ඇත.
තනිකරම අතින් සාදන ලද මෙම කුසලානය Melbourne Cup තුරඟ තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගන්නා අශ්වයාගේ හිමිකරුට පිරි නමයි.
ජයග්‍රාහී අශ්වයාගේ අසරුවාට සහ පුහුණුකරුට එම කුසලානයේ ම ක්ෂුද්‍ර ආකෘති දෙකක් පිරිනමන බවද සඳහන්.
Melbourne Cup කුසලානයේ වටිනාකම ඩොලර් 150,000 ක් වන අතර ජයග්‍රාහී අශ්වයාගේ අසරුවාට සහ පුහුණුකරුට හිමීවන කුසලාන වල වටිනාකම ඩොලර් 10,000 කි.
සෑම වසරකම නව කුසලානයක් මෙම තරඟය සඳහා නිර්මාණය කරන බවද වාර්තා වේ.
මෙවර "Melbourne Cup" තුරඟ තරගය නැරඹිමට 100,000 ක පමණ පිරිසක් Flemington තුරඟ තරග පිටියට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර මෙම තරගය රටවල් 160 ක පමණ ප්‍රේක්ෂකයින් පිරිසක් නරඹන බවද වාර්තා වේ.

Source: State Library of Victoria.
Melbourne Cup ඉතිහාසයෙන් බිඳක්
ඉතිහාසයේ ප්‍රථම වරට Melbourne Cup තුරඟ තරගයක් පවත්වා ඇත්තේ 1861 වසරේදී වන අතර එවකට 4000කට ආසන්න ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මෙම තරගය නැරඹීමට පැමිණි බව සඳහන්.
මංගල Melbourne Cup තුරඟ තරඟය ජයග්‍රහණය කරනු ලැබුවේ Archer නමැති අශ්වයා විසින් වන අතර 1862 වසරේ පැවති දෙවැනි Melbourne Cup තුරඟ තරඟයෙන්ද ඔහු ජය ගත්තේය.
මංගල තරගයේ ජයග්‍රාහක ත්‍යාගය වුයේ පවුම් 170 ක් සහ රත්‍රන් ඔරලෝසුවක් ය.
1875ට පෙර "Melbourne Cup" තුරඟ තරගය බ්‍රහස්පතින්දා දිනයේදී පැවති අතර, පසුව එය නොවැම්බර් මස පළමු අගහරුවාදා පැවැත් වීමට තරග සංවිධායකයින් තීරණය කළ බව සදහන්.
Melbourne Cup තුරඟ තරඟය පවත්වන දිනය වික්ටෝරියානු ප්‍රාන්තයට ප්‍රසිද්ධ නිවාඩු දිනයක් වන අතර එලෙස එම දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් කරනු ලැබුවේ 1877 වසරේදීය.
Bart Cummings, "Melbourne Cup" වැඩිම වාර ගණනක් ජයග්‍රහණය කර ඇති පුහුණු කරු වන අතර, ඔහු 12 වතාවක් මෙම සුපිරි තුරග තරගය ජයගන්නට සමත් වී තිබේ.
Makybe Diva වැඩිම වාර ගණනක් "Melbourne Cup" ජයගත් අශ්වයා වන අතර තුන් වතාවක් මෙම තරගයේ ජයග්‍රහණය හිමිකරගන්නට Makybe Diva සමත් වී තිබේ.
අසරුවන් අතරින් වැඩිම වර ගණනක් "Melbourne Cup" ජයගෙන ඇත්තේ Bobby Lewis සහ Harry White වන අතර ඔවුන් දෙදෙනාම සිව් වතාව බැගින් මෙම සුපිරි තුරග තරගයේ ජය හිමි කරගන්නට සමත් වී තිබේ.
-------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
-------------------------------------------------------------------------------------------------------
Share

