Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ ඇමති Peter Diutton ට දකුණු අප්‍රිකාවේ සුදු ජාතික ගොවීන් ගැන හදිසියේ ඇතිවුණු අනුකම්පාව ඕස්ට්‍රේලියානු විසා ලබාදීමෙන් කෙලවර වන ලකුණු

Dutton considers refugee visas for 'persecuted' white South Africa farmers.

Source: SBS

දකුණු අප්‍රිකානු රජයේ නව ඉඩම් ප්‍රතිපත්තිය හේතුවෙන් පීඩාවට පත් දකුණු අප්‍රිකාවේ සුද ජාතික ගොවීන් හට සරණාගත හෝ මානුෂීය වීසා යටතේ ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton සැරසෙයි.

මේ වන විට දකුණු අප්‍රිකානු රජය ලෙස කටයුතු කරන African National Congress හෙවත් ANC පක්ෂය දකුණු අප්‍රිකාවේ පවතින ඉඩම් ප්‍රතිපත්ති වෙනස් කිරීමට සූදානම් වන අතර ඒ යටතේ යටත් විජිත සමයේදී සුදු ජාතිකයින් විසින්  බලහත්කාරයෙන්  ස්වදේශික දකුණු අප්‍රිකානුවන්ගෙන් අල්ලා ගත් ඉඩම් කිසිදු වන්දි මුදලක් ලබා නොදී නැවතත් ස්වදේශික දකුණු අප්‍රිකානු ජනතාවට ලබා දීමට කටයුතු සම්පාදනය කිරීමට සැරසෙයි.

මෙය ක්‍රියාත්මක වුවහොත් දකුණු අප්‍රිකාවේ ගොවි බිම් හිමි බොහෝ සුදු ජාතික අප්‍රිකානුවන්ට තම ඉඩම් අහිමි වීමේ තත්ත්වයක් පවතී.

මේ අතර එසේ ඉඩම් අහිමිවී පීඩාවට පත්වන සුදු ජාතිකයින් හට ඔස්ට්‍රේලියාවට පැමිණීමට සරණාගත හෝ මානුෂීය වීසා ලබා දීම කෙරෙහි අමාත්‍ය Peter Dutton  ගේ අවධානය යොමුව තිබෙන අතර ඔහු මේ පිළිබදව දකුණු අප්‍රිකාවේ විදේශ කටයුතු අමාත්‍යංශයෙන් කරුණු විමසා ඇති බවද සඳහන්.

නමුත් තම රටෙහි අභ්‍යන්තර කටයුතු සඳහා ඔස්ට්‍රේලියාවට මැදිහත් වීමේ කිසිදු  අයිතියක් නොමැති බවට දකුණු අප්‍රිකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය විරෝධය පළ කර තිබේ.

මේ අතර අමාත්‍ය Peter Dutton  ගේ උපදේශන මත ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දකුණු අප්‍රිකාවේ පීඩනයට පත්වන සුදු ජාතිකයින් ගේ තත්ත්වය අධීක්ෂණය කරමින් පසුවන බවත් ඔවුන් සඳහා සරණාගත හෝ මානුෂීය වීසා  ලබා දීම පිළිබඳ කටයුතු කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකු SBS පුවත් වෙත පැවසීය.

පසුගිය වසර තුළ පමණක් සරණාගත හෝ මානුෂීය වීසා යටතේ ඕස්ට්‍රේලියාව තුළ 12,000 ක් පමණ ස්ථිරව ස්ථාපිත කළ බවද වාර්තා වේ.

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************


2 min read

Published

Updated

By Madhura Seneviratne, James Elton-Pym

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now