ඔස්ට්‍රේලියාව පුරාම Telstra ජංගම දුරකථන සම්බන්ධතාවන් අද (21/05) පෙරවරුවේ බිඳ වැටුණු බව වාර්තා වේ.
එම පිළිබඳ දහස් ගණන් පැමිණිලි Telstra සමාගමට අද පෙරවරුවේ සිට නොකඩවා ලැබෙමින් පවතින බවත් ඉන් බොහොමයක් සමාජ ජාල ඔස්සේ ලැබීම කැපී පෙනෙන සිදුවීමක් බවත් සඳහන්.
Telstra සබඳතාවන් බිඳ වැටුණු බවට ප්‍රථම පැමිණිල්ල අද පෙරවරු 10 ට පමණ ලැබුණු අතර එහිදී Telstra 3G සහ 4G පාරිභිකයින් හට සබඳතා අහිමිවී ඇති බවට පැමිණිලි කෙරිණි..
මෙම බිඳ වැටීම පිළිබඳ Telstra සමාගම දැනුවත්වී ඇති බවත් සිදුවූ අපහසුතාවන් පිළිබඳ කණගාටුව පළ කරන බවත් Telstra සමාගම නිවේදනය කර සිටියි.
අද පෙරවරු 11.07 වන විට අන්තර්ජාල පහසුකම් සහ ජංගම දුරකතන සබඳතා ඇන හිටීම සම්බන්ධව පැමිණිලි 15,000 ක් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවලින් Telstra සමාගම වෙත ලැබුණු බවද වාර්තා වේ.
Telstra සම්බන්ධතාව ඇති ජංගම දුරකතනවලින් ඇමතුම් ලබා ගැනීම හදිසි ඇමතුම් දක්වා සීමා වීම පැමිණිලි අතරින් බරපතලම පැමිණිල්ල විය.
මෙම ගැටලුව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන හදිසි ඇමතුම් අංකය වන 000 වෙත ඇමතුම් ලබා ගැනීමටද බලපෑ හැකිය බව අනුමාන කෙරේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

