Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔබත් දවසේ බොහෝ වේලාවක් Head Phones හෝ Ear Pods භාවිතා කරන කෙනෙක්ද? එසේනම් මේ ලිපිය කියවන්න. (SBS සිංහල/වාර්තා)

ශ්‍රවණාබාධ සියල්ලෙන්ම තුනෙන් එකක් ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුව අධික ශබ්දය බව ශ්‍රවණවේදිනී සුසන්තා ජයකොඩි මහත්මිය සඳහන් කරයි.

National Hearing Awareness Week

Source: SBS

2018 වසරේ පෙබරවාරි 25 වන දින සිට මාර්තු 03 වන දින දක්වා ඔස්ට්‍රේලියාව තුළ “ශ්‍රවණය පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික සතිය” (National Hearing Awareness Week) ලෙස නම් කර තිබේ.

එනිසාම මෙය නිමිති කොටගෙන ශ්‍රවණය සහ බහුලව ඇතිවන ශ්‍රවණාබාධ පිළිබඳ සිඩ්නි නුවර වෙසෙන ශ්‍රවණවේදිනී සුසන්තා ජයකොඩි මහත්මිය සමග සිදු කළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සැකසේ.

National Hearing Awareness Week
Source: SBS

ශ්‍රවණය ඇතිවීම

ශ්‍රවණය නමැති සංසිද්ධිය හටගන්නේ මිනිස් කණ ශබ්ද තරංග හඳුනා ගැනීම මගිනි.

මිනිස් කණ අපට කොටස් 3 කට බෙදීමට හැකි බව ශ්‍රවණවේදිනී සුසන්තා ජයකොඩි මහත්මිය පවසයි.

එනම් බාහිර කණ, මැද කණ සහ අභ්‍යන්තර කණ යනුවෙනි.

ශබ්ද තරංග බාහිර කණින් ඇතුල්වී කන් බෙරයේ වැදී කම්පනය වේ.

එම කම්පනය මැද කණ හරහා සම්ප්‍රේෂණය වන අතර ඒවා තීව්‍ර වෙයි.

එම තීව්‍ර වූ ශබ්ද තරංග අභ්‍යන්තර කණේ ඇති ස්නායු මගින් මොළයට ගමන් කරනු ලබයි.

National Hearing Awareness Week
Source: SBS

ලෝකය තුළ බහුලව දැකිය හැකි ශ්‍රවණාබාධ

ශ්‍රවණවේදිනී සුසන්තා ජයකොඩි මහත්මිය පවසන පරිදි ලෝකය තුළ බහුලව දැකිය හැකි ශ්‍රවණාබාධ ප්‍රධාන කොටස් 3 කට බෙදේ.

01. Conductive Hearing loss (සම්ප්‍රේෂණයේදී ඇතිවන අවහිරතාවන් නිසා ශ්‍රවණයේ ඇතිවන ආබාධ)

කණ ඇතුළත කලාඳුරු (Ear Wax) ඇතිවීම නිසා ඇතිවන ශ්‍රවණාබාධ උදාහරණ ලෙස දැක්විය හැකිය.

ඊට අමතරව කණෙහි ඇතිවන ආසාදන සහ කන් බෙරයට ඇතිවන හානි නිසාද මෙම ආබාධ ඇතිවීමට හැකිය.

02. Sensorineural hearing loss (ස්නායු වල ආබධ නිසා නිසා ශ්‍රවණයේ ඇතිවන ආබාධ)

මෙය බොහෝ විට වයස් ගත වීමත් සමග මෙන්ම අනතුරු නිසා ඇතිවන ස්නායු දුබලතාවන් නිසා ඇතිවීමට ඉඩ තිබේ.

03. Mixed hearing loss (සම්ප්‍රේෂණය සහ ස්නායු වල ආබධ යන හේතු ද්විත්වයම නිසා ශ්‍රවණයේ ඇතිවන ආබාධ)

National Hearing Awareness Week
Source: SBS

ශ්‍රවණාබාධ ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු

ඉහත සඳහන් කළ ශ්‍රවණාබාධ සියල්ලෙන්ම තුනෙන් එකක් ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුව අධික ශබ්දය බව ශ්‍රවණවේදිනී සුසන්තා ජයකොඩි මහත්මිය සඳහන් කරයි.

ඊට අමතරව වයස් ගත වීමත් සමගද ශ්‍රවණාබාධ ඇතිවන බව සාමාන්‍ය දෙයක් බව ඇය පවසයි.

ජාන වලින්ද මෙම ශ්‍රවණාබාධ පැමිණෙන්නට හැකිය.

ඇතැම් ප්‍රතිජීවක ද බොහෝ විට ශ්‍රවණාබාධ සඳහා හේතුවේ.

කණේ සහ මොළයේ ආසාදන නිසාද ශ්‍රවණාබාධ ඇතිවිය හැකිය.

හදිසි අනතුරු නිසාද මේ තත්ත්වය උද්ගත වීමට බොහෝ විට ඉඩ තිබේ.

ඊට අමතරව දවසේ බොහෝ වේලාවක් ඔබේ ජංගම දුරකතනයට හෝ Ipod එකට ඔබේ කන් යොමු (Head Phone/Ear Pods) සම්බන්ධ කරගනිමින් සංගීතය සහ විවිධ ශබ්ද ඇසීමද ශ්‍රවණාබාධ ඇතිවීමට පහසුවෙන් අත වනන හේතුවකි.

ඔබට අන් යම් ශ්‍රවණාබාධයක් ඇති බවක් පෙනෙන්නට හෝ හැඟෙන්නට තිබෙනවා නම් වහාම ඔබේ පවුලේ වෛද්‍යවරයාව මුණ ගැසීම අතිශයින් වැදගත් බවද ශ්‍රවණවේදිනී සුසන්තා ජයකොඩි මහත්මිය පැවසුවාය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now