ඉදිරි දින 6 තුළ දකුණු ඔස්ට්‍රේලියාවේ උෂ්ණත්වය සෙල්සියස් 42 පනියි.

SA set to sizzle through six-day heatwave

Source: SBS

අද සිට ඉදිරි දින 6 ක කාලය තුළ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට අධික උෂ්ණත්වයක් සහිත කාල වකවානුවක් උදාවන බව ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය නිවේදනය කරයි.

ඒ අනුව ලබන බදාදා දිනයේදී (16/01) ඇඩිලේඩ් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42  දක්වා ඉහළ යන බව සඳහන්.

මේ අතර දකුණු ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාදේශීය ප්‍රදේශ වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 42  ට වඩා ඉහළ යන බවද වාර්තා වේ.

මෙම අධික උෂ්ණත්වය හේතුවෙන් ප්‍රාන්තයේ විදුලිය පද්ධතියට බලපෑමක් සිදුවිය හැකි බවත් දකුණු ඔස්ට්‍රේලියාවේ විදුලිය පද්ධතිය අධික උෂ්ණත්වයකදී ප්‍රතිචාර දක්වන ආකාරය මෙහිදී පරීක්ෂා කළ හැකි බවත් පැවසේ.

මීට පෙර 2016 වසරේදී අධික උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් දකුණු ඔස්ට්‍රේලියාවේ සමස්ත විදුලිය පද්ධතියම බිඳ වැටුණු බවද වාර්තා වේ.

කෙසේනමුත්, අධික උෂ්ණත්වය හමුවේ ප්‍රාන්තයේ විදුලිය පද්ධතිය බිඳ නොවැටී තබාගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගෙන ඇති බව දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අගමැති Steven Marshall පවසයි.

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************


Share

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now