SKIP TO MAIN CONTENT

වසර 25 කට පසුව ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති Tony Abbott ගේ මැතිවරණ ආසනය ස්වාධීන අපේක්ෂිකාවකට පරදියි.

Former prime minister Tony Abbott has lost his electorate of Warringah to independent Zali Steggall
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඊයේ (18/05) පැවති ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැතිවරයෙකු වූ Tony Abbott ගේ Warringah ආසනය කැපී පෙනෙන පරාජයකට පත්ව තිබේ.

Tony Abbott ගේ Warringah ආසනය වසර 25 ක් පුරාවට ලිබරල් සන්ධානයේ බලකොටුවක්ව තිබූ අතර මෙවර එය පරාජය වුයේ ස්වාධීන අපේක්ෂිකා Zali Steggall හටය.

තමන් පරාජය පිළිගන්නා බවත් නිහඬව සිටිනවාට වඩා පරාජය වීම ගෞරවයක් බවද Tony Abbott ඊයේ රාත්‍රියේ තම පාක්ෂිකයින් හමුවේ පැවසීය.

1994 සිට මේ දක්වා Tony Abbott විසින් Warringah ආසනය නියෝජනය කළ අතර ඉන් අනතුරුව එය ලිබරල් පක්ෂයෙන් ගිලිහුණු ප්‍රථම අවස්ථාව මෙය වේ.

2013 සිට 2015 දක්වා ඔස්ට්‍රේලියාවේ 28 වන අග්‍රාමාත්‍යවරයා ලෙසද Tony Abbott කටයුතු කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now