උපාධි ප්‍රවේශය ලැබුවත් ඉංග්‍රීසි භාෂාවේ මූලික දැනුමවත් නැති ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ගේ ඇත්ත කතාව. (SBS සිංහල/වාර්තා)

International students

Source: AAP

ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල මෑත කාලයේදී විශාල වශයෙන් ලාභ ලැබූ බව වාර්තා විය.

පසුගිය වසරේ පමණක් ජාත්‍යන්තර සිසුන් හේතුවෙන් ඔස්ට්‍රේලියානු ආර්ථිකයට ඩොලර් බිලියන 32 ක් හිමවූ බව සඳහන්.

නමුත් ඇතැම් විශ්ව විද්‍යාල සහ අනෙකුත් විද්‍යාල අධික ලෙස ලාභ ලැබීමේ අරමුණින්  අඩු ඉංග්‍රීසි දැනුමක් සහිත ජාත්‍යන්තර සිසුන්ව බඳවා ගන්නා බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

International students
Source: AAP

ජාත්‍යන්තර සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන සෑම ජාත්‍යන්තර සිසුවෙක්ම තමන්ගේ පාඨ මාලාවට අදාළ ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වයක් පෙන්නුම් කළ යුතුය.

නමුත් එම මට්ටමට පහළින් සිටින සිසුන් හට English Language Intensive Courses for Overseas Students  හෙවත් ELICOS එකක් කර තමන්ගේ පාඨ මාලාවට ඇතුළත් විය හැකිය.

මේ ක්‍රමයේ ඇති සිදුරු හේතුවෙන් ඇතැම් විශ්ව විද්‍යාල සහ අනෙකුත් විද්‍යාල ජාත්‍යන්තර සිසුන්ගේ ඉංග්‍රීසි භාෂාවේ දනුම් මට්ටම නිසි පරිදි පරීක්ෂා නොකර ඔවුන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා දෙන බව වාර්තා වේ.

ඇතැම් ජාත්‍යන්තර සිසුන්ට තම පාඨ මාලාවේ පළමු වසර නිමා වීමෙන් පසුව වුවද හරි හැටි ඉංග්‍රීසි භාෂාවෙන් සන්නිවේදනය කිරීමට නොහැකි බව විශ්ව විද්‍යාල ප්‍රවීණයින් ABC පුවත් වෙබ් අඩවියට පවසා තිබේ.

International students
Source: Getty Images

ඉංග්‍රීසි දැනුම් මට්ටම

IELTS හා PTE වැනි ලොව පිළිගත් ඉංග්‍රීසි භාෂා විභාග හරහා ජාත්‍යන්තර සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම් මට්ටම පරීක්ෂා කරයි.

එක් එක් පාඨ මාලාව සඳහා නියම කර ඇති ලකුණු මට්ටමක් තිබේ.

ජාත්‍යන්තර සිසුන් අදාළ පාඨ මාලාවට පිවිසීමට එම ලකුණු මට්ටම ලබා ගත යුතුය.

සාමන්‍යයෙන් ඩිප්ලෝමාවක් හෝ උපාධියක් වැනි පාඨ මාලාවක් හැදෑරීමට අවම වශයෙන් IELTS ලකුණු 6 බැගින් හෝ ලබා ගත යුතුය.

නමුත් ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ගෙන් 25% ක් පමණ ELICOS හරහා ඔවුන් ගේ පාඨ මාලාවන් වෙත පිවිසෙන බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්

මේ වන විට ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් 753,000 ක් පමණ සිටින අතර ඔවුන්ගෙන් 380,000 ක් පමණ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ වැඩි ප්‍රතිශතයක ජාත්‍යන්තර සිසුන් පැමිණෙන්නේ චීනයෙන් වන අතර එම ප්‍රතිශතය සාමාන්‍යයෙන් 30% කි.

සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාව තුළ වසර දෙකක උපාධියක් හදාරන විට ඩොලර් ලක්ෂයකට ආසන්න මුදලක් ජාත්‍යන්තර සිසුවෙකුට වැය වන බව අනාවරනය වී තිබේ.

වැඩිම ජාත්‍යන්තර සිසුන් සිටින ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම විශ්ව විද්‍යාල 5 පහත පරිදි වේ.

International students
Source: ABC Australia

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය

--------------------------------------------------------------------------------------------------------


Share

3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now