එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය 2015 වසරේ පැවති මහ මැතිවරණයෙන් අනතුරුව පිහිටුවා ගත් සභාග (ජාතික) රජයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත් වීමට තීරණයකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ඊයේ (19/02) රාත්‍රියේදී ප්‍රකාශ කළේය.
මේ සමගම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කොට නව අගමැතිවරයෙක් පත්කිරීමේ ඉඩකඩ උදෙසා නීතිමය තත්ත්වය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා බැලීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවද ඔහු සඳහන් කළේය.

පසුගිය පෙබරවාරි 10 වන දින පැවති පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විශිෂ්ඨ ජයක් අත්කරගනීත් සමග එක්සත් ජාතික පක්ෂය හා නිදහස් සන්ධානය අතර පැවති මත ගැටුම් උත්සන්න වී දේශපාලන අස්ථාවර භාවයක් හටගන්නට පටන් ගත්තේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නිදහස් සන්ධානය ට සභාග රජයෙන් ඉවත් වී තනිවම රජයක් පිහිටුවීමට අවශ්‍ය බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අගමැතිවරයෙක් පත් කිරීමට අවශ්‍ය බවත් ජනපති මෛත්‍රීට පසුගිය සති අන්තයේදී දැනුම් දුන්නේය.
මේ අතර පාර්ලිමේන්තු විශ්වාසභංගයකින් තොරව තමන් අගමැතිධුරයෙන් ඉවත් කිරීමට නොහැකි බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නිදහස් සන්ධානය රජය හැරගියත් එක්සත් ජාතික පක්ෂය තනි රජයක් පිහිටුවන බව ද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පවසා සිටියේය.
කෙසේවෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජ්‍යේෂ්ඨයින් පිරිසක් ඊයේ (18/02) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබුණි.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍ය ධූරයෙන් ඉවත් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිදුකර ඇති යෝජනාව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බව Daily Mirror පුවත්පත වාර්තා කරයි.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍ය ධුරයෙන් ඉවත් නොවන්නේ නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අග්‍රමාත්‍යවරයෙකු පත් කිරීමේ යෝජනාව ද මෙහිදී ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබේ.
ඒ සඳහා නිමල් සිරිපාල ද සිල්වා මහතා ගේ නම යෝජනා කෙරුණු බවද වාර්තා වෙයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂය සමග පවත්වන සභාග රජයෙන් ඉවත්වන්නේ නම් තමන්ගේ සහයෝගයද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවන බව එක්බද්ධ විපක්ෂය ද පවසා තිබේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

