ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාම, පොලී අනුපාතික මාසිකව ඉහළ දැමීම, එනිසාම නිවාස ණය ඇතුළු ණය සඳහා ආපසු ගෙවන මුදල් වාරිකය ඉහළ නැගීම හේතුවෙන් මේ දිනවල ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය පිළිබඳ අන් කවරදාටත් වඩා ජනතාව සාකච්ඡා කරන්නට පටන් ගෙන තිබේ.
ඒ අතරේ මේ වන විට ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය පිළිබඳ ඔබ දත යුතු කරුණු 12 ක් පිළිබඳ ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය ගෙන හැර දක්වා ඇත.
ඒවා පහත පරිදි වේ.
01. 2022 සැප්තැම්බර් කාර්තුව තුළ ඔස්ට්‍රේලියානු ආර්ථිකය 0.6% කින් සහ පසුගිය වසරට සාපේක්ෂව 5.9% කින් වර්ධනය වී තිබේ. COVID-19 ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් සිදුකළ lockdown කිරීම්වලින් පසු මෙය අඛණ්ඩව ආර්ථිකය වර්ධනය වූ සිව්වන කාර්තුව ලෙස සටහන් වේ. ගෘහස්ථ පරිභෝජනය වැඩිවීම, 1.1% කින් සිදුවිය.

02. ඔස්ට්‍රේලියානුවෝ වැඩිපුර වියදම් කළ අතර අඩුවෙන් ඉතිරි කළහ. ජනතාවගේ ඉතුරුම් අනුපාතය පූර්ව වසංගත මට්ටම් කරා ළඟා වෙමින් අඛණ්ඩව පහත වැටුණි. 2019 දෙසැම්බර් කාර්තුවේ 6.8% ට සාපේක්ෂව පසුගිය සැප්තැම්බර් කාර්තුව තුළ පවුලක ආදායමෙන් 6.9% ක් ඉතිරි කර ගෙන ඇත.

03. 2022 සැප්තැම්බර් කාර්තුව තුළ පාරිභෝගික මිල ගණන් 1.8% කින් සහ පසුගිය වසරට සාපේක්ෂව 7.3% කින් ඉහළ ගියේය. මෙය 1990 න් පසු වේගවත්ම වාර්ෂික වැඩිවීම විය. සැප්තැම්බර් කාර්තුව තුළ පාරිභෝගික මිල ඉහළ යාමේ ප්‍රධාන සාධාක වූයේ නිවාස, ගෑස් සහ ගෘහ භාණ්ඩය.

———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
04. වැටුප් වර්ධනය වීම නොකඩවා උද්ධමනයට පසුපසින් පැමිණි නමුත් ශ්‍රම වෙළෙඳපොලේ දැඩි තත්ත්වයන්ට ප්‍රතිචාර වශයෙන් ශක්තිමත් වීමේ සලකුනු පෙන්නුම් කළේය. සැප්තැම්බර් මාසයේ විරැකියා අනුපාතය සියයට 3.5 කි. පුද්ගලික අංශයේ වැටුප් මිල දර්ශකය 2022 සැප්තැම්බර් කාර්තුවේදී 1.2% කින් ඉහළ ගිය අතර එය 2010 සැප්තැම්බර් කාර්තුවේ සිට සිදුවූ ඉහළම වර්ධන වේගය වේ.

05. ඔස්ට්‍රේලියාව නොකඩවා ලෝකය සමඟ නැවත නැවතත් සම්බන්ධ විය. ජාත්‍යන්තර දේශ සීමා ලිහිල් කළ පළමු කාර්තුවේදී විදේශ සංචාර සඳහා වියදම් 58% කින් වර්ධනය විය. නිවාඩු සංචාර ඔස්ට්‍රේලියානුවන්ගේ ජීවිතයට නැවත පැමිණීමත් සමඟ ජාත්‍යන්තර සංචාර, පූර්ව වසංගත මට්ටම් වලට සාපේක්ෂව 56% ක වර්ධනයකට ළඟා විය.

06. ගුවන් සේවා කාර්යබහුල වී ගුවන් ගමන් වැඩි විය. ඉහළ ගිය ඉල්ලුමත් සමඟ ගුවන් ප්‍රවාහන කර්මාන්තයේ ක්‍රියාකාරකම් 25.2% කින් ඉහළ ගියේය. ප්‍රධාන ඉංජිනේරු සහ යටිතල පහසුකම් ව්‍යාපෘතිවල පසුබිම මත ඉදිකිරීම් කර්මාන්තය ශක්තිමත් වූ අතර 2.3% කින් ඉහළ ගියේය. ගල් අඟුරු කැණීම් කටයුතු නොකඩවා කාර්තු හතරකින් පහත වැටී ඇත.

07. දේශීය සංචාරණය ඉහළ ගියේය. ප්‍රවාහන සේවා වියදම් 13.9% කින් ඉහළ ගොස් ඇති අතර එය පූර්ව වසංගත මට්ටම්වලින් 70% ක වර්ධනයක් දක්වා ළඟා විය. සැපයුම් අවහිරතා ලිහිල් වීමට පටන් ගත් අතර ආනයනය ඉහළ යාමත් සමඟ අපි තවත් මෝටර් රථ මිලදී ගත්තෙමු. සංචරණය වැඩි වීමත් සමඟ ආහාර සැපයීමේ සහ නවාතැන් සේවා ද 5.5% කින් ශක්තිමත් විය.

08. ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන අපනයනය තවමත් බැටළු ලොම් වලින් නිෂ්පාදිත වූල්ය. තෙත් කාලගුණය ගල් අඟුරු අපනයනයට බාධාවක් වූ අතර, ලොම් සහ කපු ප්‍රමුඛ ග්‍රාමීය අපනයන 9.8$ කින් ඉහළ ගියේය. නව ජංගම දුරකථන මාදිලි ලැබීමත් සමඟ සන්නිවේදන උපකරණ ආනයනය 5.7% කින් ඉහළ ගියේය.

09. ලිතියම් හේතුවෙන් අපනයනය වර්ධනය විය. ඔස්ට්‍රේලියාවේ ලිතියම් සාන්ද්‍ර අපනයනය මෙම කාර්තුවේදී ඩොලර් බිලියන 3.4 ක අගයකට ළඟා වූ අතර වසර පුරා හය ගුණයකින් ඉහළ ගියේය. මේ වන විට ලිතියම් ඔස්ට්‍රේලියාවේ හොඳම අපනයන භාණ්ඩ 10 අතරට පැමිණ ඇත.

10. යටිතල පහසුකම් ගොඩනැගීමේ වර්ධනය හේතුවෙන් පුද්ගලික ව්‍යාපාර ආයෝජන 2.5% කින් ඉහළ ගියේය. ගොඩනැගිලි ඉදිකිරීම සඳහා වූ අනුමත කිරීම් ඉහළ යාම, ශ්‍රම සහ ද්‍රව්‍ය හිඟය මධ්‍යස්ථ කිරීම සහ කාලගුණික තත්ත්වයන් වැඩිදියුණු වීම හේතුවෙන් නිවාස ගොඩනැගීමේ ක්‍රියාකාරකම් 3.4% කින් ඉහළ ගියේය.

11. සැප්තැම්බර් කාර්තුව තුළ විශාල මූල්‍ය සමාගම්වල ලාභය 4.9% කින් ඉහළ ගියේය. මුදල් අනුපාතිකයේ ඉහළ යාම, ණය දෙන්නන් තැන්පතුවලට වඩා ඉක්මනින් ණය මත අනුපාත වැඩි කිරීමට නැඹුරු විය. මෙය 2008 සැප්තැම්බර් කාර්තුවෙන් පසු මූල්‍ය ක්ෂේත්‍රයේ ලද ලාභයේ වේගවත්ම වර්ධනය විය.

12. වසර 2019 මාර්තු කාර්තුවෙන් පසු ප්‍රථම වරට අය වැය හිඟයකට පැමිණ ඇත. දුර්වල වෙළෙඳපොල මිල හේතුවෙන් සැප්තැම්බර් කාර්තුව තුළ පතල් කර්මාන්තයේ ලාභ 7.1% කින් පහත වැටුනි.

