SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ වසර අවසාන නිවාඩු කාලය තුළ ඔබ රැකියා කරනවානම් අදාළවන නීති සහ හිමිකම් මෙන්න (SBS සිංහල/ වාර්තා)

වසර අවසාන මේ නිවාඩු කාලය තුළ සේවා ස්ථානයේ ඔබේ රැකියාව හා සම්බන්ධ නීති සහ හිමිකම් පිළිබඳ මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.

Australian street
Source: AAP

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS


Skip to article content

වසර අවසාන නිවාඩු සමය එළඹෙන විට, සේවා ස්ථාන, සේවා යෝජකයින් සහ සේවකයින් මෙම කාලය තුළ ඔවුන්ගේ ව්‍යාපාර ක්‍රියාත්මක වන ආකාරය සැලසුම් කිරීම ආරම්භ කළ යුතු බව Fair Work කොමිසම පවසයි.

මේ කාලයේදී බොහෝ ව්‍යාපාර කාර්යබහුල වන අතර ඔවුන්ගේ සේවකයන්ට වැඩිපුර පැය ගණනක් සහ රජයේ නිවාඩු දිනවල පවා සේවය කිරීමට අවශ්‍ය විය හැකිය.

අනෙක් පසින් වෙනත් ව්‍යාපාර මෙම නත්තල් නිවාඩු කාලය තුළ තාවකාලිකව වසා දැමිය හැකිය. නැතිනම් ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ ප්‍රමාණය අඩු .

වසර අවසාන මේ නිවාඩු කාලය තුළ සේවා ස්ථානයේ ඔබේ රැකියාව හා සම්බන්ධ නීති සහ හිමිකම් පිළිබඳ මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.

වසා දැමීමේ කාලයේදී සේවකයෙකු වාර්ෂික නිවාඩු (annual leave) ගැනීමට අවශ්‍ය වීම

සේවා යෝජකයෙකුට ඔවුන්ගේ වැටුප් award හෝ ලියාපදිංචි රාජකාරී ගිවිසුම අවසර ලබා දෙන්නේ නම්, නිවාඩු සමයේදී ව්‍යාපාරය තාවකාලිකව වසා දමා ඇති අතරේ වාර්ෂික නිවාඩු ලබා ගැනීම සඳහා තම සේවකයන්ව යොමු කළ හැකි බව Fair Work කොමිසම පවසයි.

බොහෝ රැකියා ගිවිසුම්වල සහ award වල සේවා යෝජකයෙකුට තම සේවකයන්ව නිවාඩු ලබා ගැනීමට යොමු කළ හැක්කේ කෙසේද සහ කවදාද යන්න පිළිබඳ නීති ඇත.

අදාළ ක්‍රම යටතේ සේවා යෝජකයෙකු තම සේවකයින්ට වාර්ෂික නිවාඩු ලබා ගැනීම සඳහා අවම කාලයකදී දැනුම්දීමක් ලබා දීමට අවශ්‍ය විය හැකිය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ව්‍යාපාරයක් වසා දැමිය හැක්කේ යම් කාල සීමාවන් තුළ පමණක් බවද ඒවායේ සඳහන් වේ.

එක් එක් award සහ ගිවිසුම් එකිනෙකට වෙනස් වේ, එබැවින් සේවා යෝජකයින් විසින් වාර්ෂික නිවාඩු භාවිතා කිරීමට සේවකයින්ට යම් උපදෙස් ලබා දීමට පෙර සහතික කර ගැනීමට ඔවුන්ගේ එම ගිවිසුම් පරීක්ෂා කළ යුතුය.

කිසිදු award හෝ ගිවිසුමක් අදාළ නොවන්නේ නම්, සේවා යෝජකයින්ට වාර්ෂික නිවාඩු ලබා ගැනීමට සේවකයා යොමු කළ හැක්කේ සාධාරණ හේතුවක් ඇතිනම් පමණි.

තාවකාලික වසා දැමීමක් ආවරණය කිරීම සඳහා ප්‍රමාණවත් වාර්ෂික නිවාඩු නොමැති සේවකයින්

සේවක - සේව්‍ය ගිවිසුම පහත සඳහන් තත්ත්ව සඳහා ඉඩ දෙන්නේ නම්, සේවකයින්ට තම සේවායෝජකයා සමඟ ඉහත කරුණට එකඟ විය හැකිය:

  • වාර්ෂික නිවාඩු ඇතිවීමට පෙර ඒවා ලබා ගැනීම
  • වැටුප් රහිත නිවාඩු ලබා ගැනීම

වසා දැමීමේ නීති නොමැති සේව්‍ය - සේවක ගිවිසුම්

සේවා යෝජකයන්ට නිවාඩු සමයේදී සේවා ස්ථානය තාවකාලිකව වසා දැමීම් සඳහා ඔවුන්ගේ ගිවිසුමේ මඟ පෙන්වීමට ඉඩ දෙන නීති නොමැති නම් වසා දැමීමකදී වාර්ෂික නිවාඩු ලබා ගැනීමට තම සේවකයන්ව යොමු කළ නොහැකි බව Fair Work කොමිසම පවසයි.

කෙසේ වෙතත්, වසා දැමීමකදී වාර්ෂික නිවාඩු හෝ වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට සේවකයින්ට තම සේවායෝජකයා සමඟ එකඟ විය හැකිය.

තාවකාලිකව වසා දැමීමේ කාලය තුළ රාජකාරී කිරීම

ව්‍යාපාරයක් තාවකාලිකව වසා දැමූවත් යම් සේවකයෙකු දිගටම තම රාජකාරී කරන්නේ නම්, ඔවුන්ට ඔවුන්ගේ සාමාන්‍ය වැටුප ලැබිය යුතුය.

වසා දැමීමේ කාලයේදී ඕනෑම ප්‍රසිද්ධ නිවාඩු දිනයකදී පවා අදාළ සේවකයින්ට වැටුප් අහිමි නොකර නිවාඩු ලබා දිය යුතුය, නැතහොත් ඔවුන්ගේ සේවක ගිවිසුමට අනුව ඔවුන්ට public holiday rates හෙවත් නිවාඩු දිනකදී සේවය කරනවිට වැඩිපුර ගෙවන මුදල ගෙවිය යුතුය. 

රජයේ නිවාඩු දිනයක හෝ අතිකාල සේවයේ යෙදීම

ඉල්ලීම සාධාරණ නම්, සේවා යෝජකයන්ට තම සේවකයන්ට අතිකාල සේවා කිරීමට හෝ රජයේ නිවාඩු දිනවල සේවය කිරීමට ඉල්ලා සිටිය හැක.

සේවකයෙකුට සාධාරණ හේතු තිබේ නම් එම දිනවල සේවය කිරීමට කරන ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ හැකිය.

 මෙම ඉල්ලීම සාධාරණද යන්න පහත කරුණු කිහිපය මත රඳා පවතී:

  • ව්‍යාපාරයේ අවශ්‍යතා
  • සේවකයාගේ කාර්යභාරය සහ වගකීම
  • පවුල හෝ ඔවුන්ව රකබලගනීමේ ක්‍රියා වැනි සේවකයාගේ පුද්ගලික කැපවීම්
  • අමතර සේවා පැය පිළිබඳ සේවකයාට කොපමණ කාලයක් තුළ දැනුම්දීමක් ලැබේද යන්න
  • සේවක ගිවිසුමේ අන්තර්ගතය

සේවකයෙකුගෙන් රජයේ නිවාඩු දිනයක සේවය කරන ලෙස ඉල්ලා සිටින විට, සේවා යෝජකයින් අදාළ සියලු තත්වයන් සලකා බැලිය යුතුය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now