ගංගොඩවිල සෝම හිමිගේ ඔස්ට්‍රේලියාවේ විහාරස්ථානයට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඩොලර් ලක්ෂ 5ක්.

$500, 000 grant for Berwick Temple building fund from the Australian Government.

Source: Supplied

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිගේ ඔස්ට්‍රේලියාවේ පිහිටි විහාරස්ථානය ලෙස සැලකෙන Berwick විහාරස්ථානයට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඩොලර් ලක්ෂ 5 ක මුල්‍ය ප්‍රතිපාදන ඊයේ දිනයේදී (07/02) ලබා දුන්නේය.

එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 6.5 ක් පමණ වේ.

$500, 000 grant for Berwick Temple building fund from the Australian Government.
Source: Supplied

Berwick විහාරස්ථානයේ ඉදිවන පුස්තකාලයට මෙන්ම අනෙකුත් ඉදිකිරීම් සඳහා මෙම මුදල් ලබා දුන් බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඔස්ට්‍රේලියාවම එකමුතු කිරීමේ වත්මන් රජයේ වැඩපිළිවෙල යටතේ මෙම මුල්‍ය ප්‍රතිපාදන ලබා දුන් බවත් ඒ අනුව Berwick ප්‍රදේශයේ ප්‍රජා කණ්ඩායම් වල එකමුතු බව වර්ධනය වනු ඇති බවත් අගමැති මොරිසන් වැඩිදුරටත් පවසා තිබේ.

$500, 000 grant for Berwick Temple building fund from the Australian Government.
Source: Supplied

කලාපයේ වෙසෙන විවිධ ප්‍රජා කණ්ඩායම් වල සංස්කෘතීන් සහ අත්දැකීම් මෙම ස්ථානය හේතුවෙන් ඒකරාශී වනු ඇති බව La Trobe බල ප්‍රදේශයේ මන්ත්‍රී Jason Wood පැවසීය.

මෙම විහාරස්ථානයේ ඉදි කිරීම් සහ සංවර්ධන කටයුතු සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ඩොලර් ලක්ෂ 5 ට අමතරව වික්ටෝරියානු ප්‍රාන්ත රජයෙන් ඩොලර් 240,000 ක්ද හිමිවනු ඇත.

----------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

----------------------------------------------------------------------------------------------------


Share

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now