වර්ණවාදය හුවා දක්වමින් රියදුරෙකුට පරිභව කළ ඔස්ට්‍රේලියානු පොලිස් නිලධාරියෙකු සම්බන්ධ පරීක්ෂණ ඇරඹේ. (වීඩියෝ සහිතයි)

Racism

Source: SBS

නත්තල් දිනයේදී මෝටර් රථයක් ධාවනය කරමින් සිටි රියදුරෙකු හට වර්ණවාදය හුවා දක්වමින් පරිභව කළ නිව් සවුත් වේල්ස් පොලිස් නිලධාරියෙකු සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙවර නත්තල් දිනයේදී මෝටර් රථයක් ධාවනය කරමින් සිටි චීන ජාතික රියදුරෙකු හට සිය වාහනය නැවැත්වීමට සංඥා නිකුත් කළ අදාළ පොලිස් නිලධාරියා කුමන රටේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණියේදැයි අදාළ රියදුරාගෙන් ප්‍රශ්න කර ඇත.

එහිදී තමන් චීනයේ සිට පැමිණි බවට රියදුරා පවසා සිටි අතර එසේනම් නැවතත් චීනයටම යන ලෙස අදාළ පොලිස් නිලධාරියා වර්ණවාදය හුව දක්වමින් පරිභව කර තිබේ.

මේ සියල්ල තවත් පුද්ගලයෙකු බල සිට වීඩියෝ ගත කර ඇති අතර අනතුරුව ඔහු එම වීඩියෝව Facebook සමාජ ජාලයට මුදා හැර තිබේ.

මේ අතර සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා පිළිබඳ නිව් සවුත් වේල්ස් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News, SBS Sinhala program



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now