SKIP TO MAIN CONTENT

මෙල්බන් නුවර ඝන මීදුම හේතුවෙන් ගුවන් ගමන් ප්‍රමාද වෙයි.

Flights interrupted as Melbourne Fog.
Source: SBS

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

අද (14/05) උදෑසන කාලයේදී මෙල්බන් නුවර හටගත් ඝන මීදුම් තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් වලට බාධා සිදුවූ බව The Age පුවත්පත වාර්තා කරයි.

ඝන මීදුම් තත්ත්වය හේතුවෙන් ඇතිවූ අඩු දෘශ්‍යතාව නිසා තම ගුවන් සේවයේ ඇතැම් ගුවන් ගමන් සඳහා බාධා එල්ල වූ බවත් මෙල්බන් ගුවන් තොටුපොළට ගොඩ බැස්සවීමේදී ඉතා සෙමෙන් ගුවන් යානා ගොඩ බැස්සවීමට උපදෙස් ලබා දුන් බවත් Qantas  ගුවන් සේවයේ විශේෂ නියෝජිතවරියක් The Age පුවත්පතට පවසා තිබුණි.

මෙල්බන් ගුවන් තොටුපොළ හරහා අද පෙරවරුවේ සිදු කෙරුණු සියලු ගුවන් ගමන් සඳහා මෙම මීදුම් තත්ත්වය සැලකිය යුතු බලපෑමක් සිදු කළ බවද ඇය පැවසුවාය.

Virgin ගුවන් සේවයට අයත් ඇතැම් ගුවන් යානාද මෙම අයහපත් කාලගුණය හේතුවෙන් තම ගුවන් ගමන් ප්‍රමාද කර ඇති බව වාර්තා වේ.

එහිදී Virgin ගුවන් සේවයේ ගුවන් ගමන් 4 ක් අවලංගු කර ඇති අතර තවත් ගුවන් ගමන් 7 ක් ප්‍රමාද කර තිබේ.

මෙල්බන් ගුවන් තොටුපොළ හරහා අද දිනයේ ගමන් කිරීමට අපේක්ෂිත ගුවන් මගීන් හට තම ගුවන් සේවය අමතා ගුවන් ගමන් වල තත්ත්වය පෙරාතුව දැනගන්නා ලෙස බලධාරීන් ඉල්ලා සිටියි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now