SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවට හොරෙන් එන්න හදපු ලංකාවේ 131 ක් මැලේසියාවේදී කොටු වෙයි.

Malaysia Sri Lanka smuggling
Source: AP

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට නීති විරෝධීව පැමිණෙමින් සිටියදී බවට සැකකෙරෙන ශ්‍රී ලාංකිකයින් 131 ක් මැලේසියාවට අයත් මුහුදු සීමාවේදී මැලේසියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වසරක් පුරාවට සිදු කරගෙන යමින් සිටි විශාලතම නීති විරෝධී මිනිස් ජාවාරම් මෙහෙයුමක් යටතේ මොවුන් පිරිස මෙසේ නීති විරෝධීව සංක්‍රමණය කරමින් තිබුණු බව වාර්තා වේ.

බහාලුම් නෞකාවක් නවීන පන්නයට නිමවා ඒ තුළ මේ පිරිස ප්‍රවාහනය කරමින් සිටියදී මැලේසියාවේ දකුණු දිග Johor ප්‍රාන්තයේ මුහුදු සීමාවට එහායින් මැලේසියානු පොලීසිය පසුගිය මැයි 01 වන දින මොවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ අත්අඩංගුවට පත් පිරිස අතර පිරිමින් 98 දෙනෙකුද, කාන්තාවන් 24 දෙනෙකුද ළමුන් 9 දෙනෙකුද සිටි බව සඳහන්.

මෙම නීති විරෝධී සංක්‍රමණිකයින් ප්‍රවාහනය කිරීමට සහය සැපයූ තවත් මැලේසියානු  ජාතිකයින් 5 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වනවිට මෙම නීතවිරෝධී සංක්‍රමණය පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන අතර මැලේසියාවේ  ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්   මැලේසියානු බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවද ශ්‍රී ලංකා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now