නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
Sydney Gay & Lesbian Mardi Gras (පෙබරවාරි 16 - මාර්තු 04)
Mardi Gras යනු සමලිංගික හා සම කාමී පුද්ගලයින් සිඩ්නි නුවර වාර්ෂිකව පවත්වන උත්සවයකි.
ලෝක ප්‍රසිද්ධ මෙම උත්සවය සඳහා විවිධ රටවලින් දහස් ගණන් සංචාරකයින් පැමිණෙන බවද වාර්තා වේ.
වාර්ෂිකව පවත්වන Mardi Gras උළෙලේ සුප්‍රකට Mardi Gras පාගමන මෙවර මාර්තු මස 03 වන දින රාත්‍රී 7 ට ආරම්භ වේ.

Sydney Royal Easter Show (මාර්තු 23 - අප්‍රේල් 03)
1823 වසරේ ආරම්භ කළ Sydney Royal Easter Show, ප්‍රවේශ පත්‍ර නිකුත් කරමින් පවත්වන ඔස්ට්‍රේලියාවේ විශාලතම වාර්ෂික උත්සවය වේ.
සාමන්‍යයෙන් මේ සඳහා 850,000 ක පමණ පිරිසක් වාර්ෂිකව සහභාගී වන බව වාර්තා වේ.
මෙයින් ලැබෙන ආදයම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රාජකීය කෘෂිකර්ම සංවිධානයට බැර කෙරෙන අතර එයින් ප්‍රාන්තයේ කෘෂිකාර්මික වැඩසටහන් සඳහා මෙන්ම අධ්‍යපාන කටයුතු, තරුණ කටයුතු සහ ප්‍රාදේශීය ප්‍රදේශ සංවර්ධනය කිරීමට යොදා ගනී.
Sydney Royal Easter Show මගින් අතීතයේ ගම්බද සිට නූතන නාගරික සමාජය දක්වා ඔස්ට්‍රේලියාවේ සංස්කෘතිය විකසනය වූ අයුරු ප්‍රති නිරූපණය කරයි.
Sydney Showground සහ Sydney Olympic Park හිදී මෙය පැවත්වේ.

වික්ටෝරියා ප්‍රාන්තය
Melbourne’s Moomba Festival (මාර්තු 09 – 12)
මෙල්බන් නගර සභාව විසින් වාර්ෂිකව පවත්වනු ලබන Moomba Festival,ඔස්ට්‍රේලියාවේ විශාලතම ප්‍රජා උත්සවය ලෙස හැඳින්වේ.
වික්ටෝරියානු ප්‍රාන්තයේ “කම්කරු දිනය” ද අළලා දීර්ඝ සති අන්තයත් ඇතුළුව පැවත්වෙන මෙය 1955 වසරේ ආරම්භ කරන ලද්දකි.
සාමාන්‍යයෙන් මිලියනයක පමණ ජනතාවක් වාර්ෂිකව මේ සඳහා සහභාගී වන අතර 1996 දී සහභාගී වූ මිලියන 1.7 ක පිරිස Moomba Festival ඉතිහාසයේ වාර්තාගත අගය ලෙස වාර්තා වේ.
Moomba පාගමන මෙහි වැදගත්ම කාර්යය ලෙස වාර්තා වන අතර ගිනිකෙළි සංදර්ශන, යාරා ගංගාවට සමාන්තරව පවත්වන සැණකෙළි, ජල ක්‍රීඩා, birdman rally සහ සංගීත සංදර්ශන සෙසු අංග ලෙස පැවැත්වේ.
පවුලේ සැමට විනෝද විය හැකි මෙය මෙල්බන් නුවර Alexandra Gardens and Birrarung Marr හිදී පැවැත්වේ.

Melbourne International Flower and Garden Show (මාර්තු 21 – 25)
දකුණු අර්ධ ගෝලයේ පවත්වන විශාලතම උද්‍යාන කටයුතු සම්බන්ධ උත්සවය ලෙස හැඳින්වෙන Melbourne International Flower and Garden Show 1995 වසරේ පටන් වාර්ෂිකව පවත්වන මල් සහ පැල ප්‍රදර්ශනයකි.
ලෝක උරුමයක් ලෙස සැලකෙන මෙල්බන් නුවර පිහිටි Carlton උද්‍යානයේ සහ Royal Exhibition ගොඩනැගිල්ලේ දී මෙය පැවත්වෙන අතර වාර්ෂිකව ලක්ෂයකට අධික පිරිසක් මේ සඳහා සහභාගී වෙයි.
ලෝකයේ පවත්වන ප්‍රමුඛතම මල් සහ පැල ප්‍රදර්ශන 5 න් එකක් ලෙසද මෙය වාර්තා වේ.

Melbourne International Comedy Festival (මාර්තු 28 – අප්‍රේල් 22)
1987 වසරේ ආරම්භ වූ Melbourne International Comedy Festival, ලොව හාස්‍ය උළෙල වල් අතරින් තුන්වන විශාලතම හාස්‍ය උළෙල ලෙස වාර්තා වේ.
සංස්කෘතික අංග සඳහා ඔස්ට්‍රේලියාවේ වැඩිම පිරිසක් ආකර්ෂණය කරගන්නා උත්සවය ලෙසද මෙය හැඳින්වේ.
මෙල්බන් නගරයේ ඇති ප්‍රධාන රංග ශාලා සහ සංස්කෘතික ශාලා වල පැවත්වෙන මේ සඳහා දේශීය හා ජාත්‍යන්තර ශිල්පීන් සිය ගණනක් සහභාගී වන බවද සඳහන්.

Formula 1st Australian Grand Prix (මාර්තු 22 – 25)
මෙල්බන් නුවර වාර්ෂිකව පවත්වනු ලබන ලොව වේගවත්ම මෝටර් රථ ධාවන තරගාවලියක් වන Formula 1st Australian Grand Prix මෙවරද මෙල්බන් නුවර Albert Park Grand Prix මෝටර් රථ ධාවන පථයේදී පැවැත්වේ.

Melbourne International Coffee Expo (මාර්තු 22 – 24)
මෙල්බන් නුවර 7 වන වරටත් වාර්ෂිකව පවත්වනු ලබන Melbourne International Coffee Expo, ආසියා පැසිෆික් කලාපයේ විශාලතම සහ ආකර්ෂණීයම කෝපි සම්බන්ධ උත්සවය ලෙස වාර්තා වේ.
කෝපි අවන්හල් හිමියන්, ඔවුන් සඳහා උපකරණ නිෂ්පාදනය කරන්නන්, සේවා සපයන්නන් සහ කෝපි නිෂ්පාදකයින් 9000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන මෙය මෙවර Melbourne Showgrounds හිදී පැවැත්වේ.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
Adelaide Festival (මාර්තු 2 - 18)
ඇඩිලේඩ් නුවර වාර්ෂිකව පවත්වන මෙය වසර 55 කට අධික කාලයක පටන් පවත්වනු ලබයි.
වේදිකා නාට්‍ය, ශ්‍රාස්තීය හා නූතන සංගීතාංග වලින් සපිරුණු මෙය ඇඩිලේඩ් නගර මධ්‍යයේ ඇති ප්‍රධාන ස්ථාන වල පැවැත්වේ.

Womadelaide (මාර්තු 2 - 12)
ඇඩිලේඩ් නුවර වාර්ෂිකව පවත්වන මෙය 1992 වසරේ ආරම්භ කරන ලද අතර නාට්‍ය, සංගීතය හා රංග කලාව යන ප්‍රධාන අංග වලින් සමන්විත සැණකෙළියකි.
ඊට අමතරව ආහාර පාන රැගත් කුටි විශාල සංඛ්‍යාවකින්ද මෙය සමන්විත වේ.
ඇඩිලේඩ් උද්භිද උද්‍යානයේ දී මෙය පැවැත්වේ.

ACT
Enlighten Canberra (මාර්තු 2 – 17)
විවිධ වර්ණ වලින් යුක්ත විදුලි බුබුළු වලින් කැන්බරා නුවර ඒකාලෝක කරමින් පවත්වනු ලබන Enlighten Canberra සංගීතාංග හා සංස්කෘතිකාංග වලින් යුක්ත වේ.
කැන්බරා හි මධ්‍යම පාර්ලිමේන්තු ගොඩනැගිල්ල සහ ඒ ආශ්‍රිත කලාපය විවිධ වර්ණවලින් හැඩගන්වෙන මෙය 2011 වසරේදී ආරම්භ කරන ලදී.

Canberra Balloon Spectacular (මාර්තු 10 – 18)
1987 වසරේ ආරම්භ කළ මෙය කැන්බරා හි පැරැණි පාර්ලිමේන්තු භූමියේ සිට ක්‍රියාත්මක වේ.
ලොව උණුසුම් බැලුන් යොදාගනිමින් වැඩිම දුරක් ධාවනය කෙරෙන උත්සවය ලෙසද මෙය වාර්තා වන අතර මාර්තු 10 – 18 අතර කාලයේ සෑම දිනකම අලුයම බැලුන් 50 ක් පමණ ගුවන් ගත කෙරෙන බවද වාර්තා වේ.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
Sculpture by the Sea, Cottesloe (මාර්තු 02 – 19)
බටහිර ඔස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ Cottesloe මුහුදු වෙරළ මූර්ති සහ ප්‍රතිමා වලින් පිරී යන උත්සවයක් ලෙස මෙය හැඳින්වේ.
දේශීය හා ජාත්‍යනතර ශිල්පීන් 70 කට අධික සංඛ්‍යාවක් තමන්ගේ මූර්ති හා ප්‍රතිමා මෙම උත්සවයේදී නිර්මාණය කර එළි දක්වයි.

ක්වීන්ස්ලන්තය
World Science Festival, Brisbane (මාර්තු 21 – 25)
විද්‍යාව හා කලාව එකට කැටි කරමින් බ්‍රිස්බන් නුවර වාර්ෂිකව පවත්වනු ලබන මේ සඳහා ආසියා පැසිෆික් කලාපයේ විද්‍යාඥයින් මෙන්ම කලාකරුවන්ද සහභාගී වෙයි.

*********************************************************************
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************

