2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය: එක් දින ඉතිහාසයේ වැඩිම හයේ වරුසාව එල්ල කරමින් එංගලන්තය ඇෆ්ගනිස්තානය ලකුණු 150 කින් පරදවයි.

ICC Cricket World Cup 2019

Source: Getty Images

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 24 වන තරගය ලෙස ඊයේ (18/06) Manchester හිදී එංගලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරගයෙන් එංගලන්තය ලකුණු 150 ක දැවැන්ත ජයක් අත්කරගත්තේය.

කාසියේ වාසිය දිනූ එංගලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 කට ලකුණු 397 ක් රැස් කිරීමට ඔවුන් සමත් විය.

එහිදී බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙනුවෙන් නායක Eoin Morgan අගනා ලකුණු 148 ක් ලබාගත්තේය.

ඊට අමතරව Jonny Bairstow ලකුණු 90 ක්ද Joe Root ලකුණු 88 ක්ද ලබාගත්තේය.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ Rashid Khan ගේ පන්දුවාර 9 ට ලකුණු 110 ක් ලබාගැනීමට එංගලන්ත පිතිකරුවන් සමත්වූ අතර ඔහුට කිසිදු කඩුල්ලක් ලබා ගැනීමට නොහැකි වීමද මෙහිදී කැපී පෙනුණු සිදුවීමක් විය.

ජයග්‍රාහී 398 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 කට ලබාගත හැකිවුයේ ලකුණු 247 ක් පමණි.

තරගයේ වීරයා සම්මානය එංගලන්ත නායක Eoin Morgan හට හිමිවිය.

එංගලන්තයෙන් ලෝක වාර්තා 2 ක්

මෙම තරගයේ එංගලන්ත නායක Eoin Morgan පන්දු 71 කදී ලබාගත් ලකුණු 148 එක් දින තරග ඉතිහාසයේ ලෝක වාර්තා දෙකක් අලුත් කරන්නට සමත් විය.

ඔහුගේ ලකුණු 148 ට හයේ පහරවල් 17 ක් ඇතුළත් වූ අතර හතරේ පහරවල් 4 ක් ඇතුළත් විය.

එම හයේ පහර 17 න් 11 ක්ම ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ Rashid Khan හට එල්ල කිරීම තවත් සුවිශේෂී විය.

ඒ අනුව වැඩිම හයේ පහරවලින් පහර කෑ එක් දින පන්දු යවන්නා බවට Rashid Khan පත් විය.

මීට පෙර එක් දින ඉනිමකදී වැඩිම හයේ පහර සංඛ්‍යාවක් ලබා ඇති වාර්තාවට හිමිකම් කීවේ ඉන්දීය ආරම්භක පිතිකරු රෝහිත් ශර්මාය.

ඔහු 2013 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව හයේ පහර 16 ක් එල්ල කරමින් ලකුණු 209 ක් ලබා ගත්තේය.

මේ අතර මේ තරගයේදී එංගලන්ත කණ්ඩායම එල්ල කළ මුළු හයේ පහර සංඛ්‍යාව 25 ක් වූ අතර එය මෙතෙක් එක් දින තරගයකදී කණ්ඩායමක් ලබාගත් වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙස වාර්තා වේ.

ICC Cricket World Cup 2019
Eoin Morgan Source: ICC/ Facebook

ප්‍රසාද ලකුණු සටහන

මේ තරගය අවසන් වීමත් සමග 2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සමස්ත ප්‍රසාද ලකුණු සටහන පවතින්නේ පහත අයුරිනි.

ICC Cricket World Cup 2019
Source: Google

මේ අතර අද දිනයේ නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගය පැවැත්වීමට නියමිතය.

එම තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ආරම්භ වේ.


2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now