මෙවර ක්රිකට් ලෝක කුසලාන තරගාවලියේ 23 වන තරගය ලෙස ඊයේ (17/06) Taunton හිදී බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ බංග්ලාදේශය අතර පැවති තරගයෙන් බංග්ලාදේශය කඩුලු 7 ක විශිෂ්ඨ ජයක් අත්කරගත්තේය.
කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය ප්රථමයෙන් පන්දුවට පහර දීමට කොදෙව්වන්ට ආරාධනා කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 කට ලකුණු 321 ක් රැස් කිරීමට ඔවුන් සමත් විය.
එහිදී බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙනුවෙන් කඩුලු රකින ක්රීඩක Shai Hope අගනා ලකුණු 96 ක් ලබාගත් අතර Evin Lewis ලකුණු 70 ක්ද Shimron Hetmyer ලකුණු 50 ක්ද ලබාගත්තේය.
ජයග්රාහී 322 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම කිසිවෙකුත් නොසිතු පරිදි කඩුලු 3 කට ලකුණු 322 ක් ලබා තරගයේ ජය සනිටුහන් කළේය.
ඔවුන් හට තවත් පන්දුවාර 8 කුත් පන්දු 3 ක් ඉතිරිව තිබියදී මෙම ජයග්රහණය වාර්තා කිරීම තවත් සුවිශේෂී සිදුවීමක් විය.
බංග්ලාදේශය වෙනුවෙන් Shakib Al Hasan නොදැවී ලබාගත් ලකුණු 124 කැපී පෙනෙන ඉනිම බවට පත්විය.
ඊට අමතරව Liton Das නොදැවී ලකුණු 94 ක් ලබාගත් අතර Tamim Iqbal ලකුණු 48 ක් ලබාගත්තේය.
තරගයේ වීරයා සම්මානය බංග්ලාදේශ කණ්ඩායමේ Shakib Al Hasan හට හිමිවිය.
බංග්ලාදේශයේ ඉහළම ලකුණු හඹායාම
බංග්ලාදේශ එක් දින තරග ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යාම මෙය බව වාර්තා වේ.
ඊට අමතරව මෙහිදී නොදැවී ලබාගත් ලකුණු 124 ත් සමග Shakib Al Hasan තම එක් දින ලකුණු 6000 සීමාව පසුකළ අතර ලෝක කුසලාන තරගාවලියකදී වැඩිම ලකුණු රැස් කළ බංග්ලාදේශ පිතිකරුවා බවටද පත් විය.

ප්රසාද ලකුණු සටහන
මේ තරගය අවසන් වීමත් සමග 2019 එක් දින ක්රිකට් ලෝක කුසලාන තරගාවලියේ සමස්ත ප්රසාද ලකුණු සටහන පවතින්නේ පහත අයුරිනි.

මේ අතර අද දිනයේ එංගලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර තරගය පැවැත්වීමට නියමිතය.
එම තරගය ඔස්ට්රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද රාත්රී 7.30 ට ආරම්භ වේ.

