SKIP TO MAIN CONTENT

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය: පාකිස්තානයේ ලකුණු 49 ක ජයග්‍රහණය දකුණු අප්‍රිකාව ලෝක කුසලානයෙන් නෙරපයි.

ICC Cricket World Cup 2019
Source: Getty Images

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 30 වන තරගය ලෙස ඊයේ (23/06) ලන්ඩන් නුවර Lord's ක්‍රීඩාංගනයේදී පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරගයෙන් පාකිස්තානය ලකුණු 49 ක ජයක් අත්කරගත්තේය.

කාසියේ වාසිය දිනූ පාකිස්තානය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර නියමිතවූ පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 කට ලකුණු 308 ක් රැස් කිරීමට ඔවුන් සමත් විය.

එහිදී පාකිස්තානය වෙනුවෙන් Haris Sohail ලකුණු 89 ක් ලබාගත් අතර Babar Azam ලකුණු 69 ක් ලබාගත්තේය.

මෙහිදී දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තහීර් කඩුලු 2 ක් බිඳ දමමින් ලෝක කුසලාන තරග වලදී වැඩිම කඩුලු සංඛ්‍යවක් දවාගත් දකුණු අප්‍රිකානු පන්දු යවන්නා බවට පත් විය.

මේ තරගයේ කඩුලු ද්විත්වයත් සමග ඉම්රාන් තහීර් ලෝක කුසලාන තරග වලදී කඩුලු 39 ක් බිඳ දමා ඇති අතර මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ දකුණු අප්‍රිකාවේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ඇලන් ඩොනල්ඩ් ය. ඔහු ලෝක කුසලාන තරග වලදී කඩුලු 38 ක් බිඳ දමා තිබුණි.

ජයග්‍රාහී ලකුණු 309 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි  දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 50ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත්තේ ලකුණු 259 ක් පමණි.

තරගයේ වීරයා සම්මානය පාකිස්තානයේ Haris Sohail හට හිමිවිය.

ප්‍රසාද ලකුණු සටහන

මේ තරගය අවසන් වීමත් සමග ඇෆ්ගනිස්තානය සමග දකුණු අප්‍රිකාවට ද මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව මගහැරී තිබේ.

මේ තරගය අවසන් වීමත් සමග 2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සමස්ත ප්‍රසාද ලකුණු සටහන පවතින්නේ පහත අයුරිනි.

ICC Cricket World Cup 2019
Source: Facebook

මේ අතර අද දිනයේ ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතර තරගය පැවැත්වීමට නියමිතය.

එම තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ආරම්භ වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now