2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය: දුර්වල පන්දු රැකීම හමුවේ අවසන් ඕවරයේදී දකුණු අප්‍රිකාව පැරදවූ නවසීලන්තය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට.

ICC Cricket World Cup 2019

Source: Getty Images

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 25 වන තරගය ලෙස ඊයේ (19/06) Birmingham හිදී නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරගයෙන් නවසීලන්තය කඩුලු 4 ක තියුණු ජයක් අත්කරගත්තේය.

කාසියේ වාසිය දිනූ නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකාවට ආරාධනා කළ අතර නියමිතවූ පන්දුවාර 49 අවසානයේ කඩුලු 6 කට ලකුණු 241 ක් රැස් කිරීමට ඔවුන් සමත් විය.

එහිදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් Rassie van der Dussen නොදැවී ලකුණු 67 ක් ලබාගත් අතර Hashim Amla ලකුණු 55 ක් ලබාගත්තේය.

ජයග්‍රාහී ලකුණු 242 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 3 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 245 ක් ලබා තරගයේ ජය සටහන් කළේය.

නවසීලන්තය වෙනුවෙන් නායක Kane Williamson නොදැවී ලබාගත් ලකුණු 106 මෙම ජයග්‍රහණයට මූලිකම හේතුව විය.

ඔහුට අමතරව පසුපෙළ පිතිකරු Colin de Grandhomme ලබාගත් ලකුණු 60 ද ජයග්‍රහණය සඳහා ප්‍රබල පිටිවහලක් විය.

දකුණු අප්‍රිකාවට මෙම තරගය ජයගැනීමට ඉතා හොඳ අවස්ථාවක් තිබූ නමුත් ඔවුන්ගේ දුර්වල පන්දු රැකීම එම ජයග්‍රහණය උදුරා ගත්තේය.

තරගයේ වීරයා සම්මානය නවසීලන්ත නායක Kane Williamson හට හිමිවිය.

ICC Cricket World Cup 2019
Kane Williamson Source: ICC/Facebook

ප්‍රසාද ලකුණු සටහන

මේ තරගය අවසන් වීමත් සමග 2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සමස්ත ප්‍රසාද ලකුණු සටහන පවතින්නේ පහත අයුරිනි.

ICC Cricket World Cup 2019
Source: Google

මේ අතර අද දිනයේ ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර තරගය පැවැත්වීමට නියමිතය.

එම තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ආරම්භ වේ.


2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now