SKIP TO MAIN CONTENT

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය: ඇෆ්ගනිස්තානය ලකුණු 62 කින් පැරදවූ බංග්ලාදේශය ප්‍රසාද ලකුණු සටහනේ ලංකාව පසුකරමින් ඉහළට.

ICC Cricket World Cup 2019
Source: ICC/ Facebook

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 31 වන තරගය ලෙස ඊයේ (24/06) Southampton හිදී ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතර පැවති තරගයෙන් බංග්ලාදේශය ලකුණු 62 ක ජයක් අත්කරගත්තේය.

කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තානය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට බංග්ලාදේශයට ආරාධනා කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 කට ලකුණු 262 ක් රැස් කිරීමට ඔවුන් සමත් විය.

එහිදී බංග්ලාදේශය වෙනුවෙන් Mushfiqur Rahim ලකුණු 83 ක් ලබාගත් අතර Shakib Al Hasan ලකුණු 51 ක් ලබාගත්තේය.

ජයග්‍රාහී ලකුණු 263 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි  ඇෆ්ගනිස්තානු කණ්ඩායම පන්දුවාර 47 කදී ලකුණු 200 කට සියලු දෙනාම  දවාගැනීමට බංග්ලාදේශයට හැක විය.

එහිදී Shakib Al Hasan බංග්ලාදේශය වෙනුවෙන් කඩුලු 5 ක් ලබාගත් අතර තරගයේ වීරයා සම්මානය ද හිමි කරගත්තේය.

මේ තරගයේ ලබාගත් ලකුණු 51 සමගින් මේ වන විට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමටද Shakib Al Hasan හට හැකිවී තිබේ.

මේ දක්වා තරග 6 කදී ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 476 ක් වන අතර ඊට ශතක 2 ක් සහ අර්ධ ශතක 3ක් ඇතුළත් වේ.

ප්‍රසාද ලකුණු සටහන

මේ තරගය අවසන් වීමත් සමග 2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සමස්ත ප්‍රසාද ලකුණු සටහන පවතින්නේ පහත අයුරිනි.

ICC Cricket World Cup 2019
Source: ICC/ Facebook

මේ අතර අද දිනයේ ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගය පැවැත්වීමට නියමිතය.

එම තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ආරම්භ වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now