ඔස්ට්‍රේලියාවේ හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ නැෂනල්ස් පක්ෂයේ හිටපු නායක Barnaby Joyce සහ ඔහුගේ සහකාරිය වන Vikki Campion තම රහස් ආදර සම්බන්ධය පිළිබඳ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඊයේ රාත්‍රියේදී අනාවරණය කළෝය.
Channel 7 රූපවාහිනී නාලිකාව ඔස්සේ මෙහෙයවූ සම්මුඛ සාකච්ඡාමය වැඩසටහනකට සහභාගී වෙමින් ඔවුන් දෙපළ මේ තොරතුරු හෙළිදරව් කළේය.
Vikki Campion, Barnaby Joyce නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරය සහ නැෂනල්ස් පක්ෂයේ නායකත්වය දරන සමයේ ඔහුගේ මාධ්‍ය ලේකම් වරිය ලෙස කටයුතු කළ අතර ඔවුන් දෙදෙනා අතර ඇතිවූ රහස් ප්‍රේම සමබන්ධය හේතුවෙන් Vikki Campion ගැබ් ගත් බව පසුව මාධ්‍ය තුළින් හෙළිදරව් විය.
ඒ සමගම Barnaby Joyce හට ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරයෙන් සහ නැෂනල්ස් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වන ලෙසට බලපෑම් එල්ල වන්නට විය.
කෙසේවෙතත්, සති කිහිපයකට පසුව ඔහු තම සියලු තනතුරුවලින් ඉල්ලා අස්විය.
තමන් ගැබ් ගත් බව දැනගත් මොහොතේ එය ගබ්සා කරගැනීමට සිතු නමුත් දරුවාව හදා ගැනීමට Barnaby Joyce කැමැත්ත පළ කිරීමෙන් අනතුරුව එම තීරණය වෙනස් කළ බව Vikki Campion ඊයේ රාත්‍රියේ පැවති රූපවාහිනී සාකච්ඡාවේදී පැවසුවාය.
තමන්ට දාව Vikki Campion හට දරුවෙකු ලැබෙන බව දැනගත් විට තමන්ට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරය අහිමිවන බව තමන් දැන සිටි බවත් දෙසැම්බර් මාසයේ New England ආසනයේ පැවති අතුරු මැතිවරණය සඳහා තරග කිරීමට තමන් සූදානම් වූ බවත් එහිදී Barnaby Joyce හෙළිදරව් කළේය.
Channel 7 රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වූ මෙම සම්මුඛ සාකච්ඡාමය වැඩසටහනට Barnaby Joyce සහ Vikki Campion ඩොලර් 150,000 ක් ලබාගත් බව පසුගිය සතියේ මාධ්‍ය තුළින් අනාවරණය විය.
කෙසේවෙතත්, තමන් අතින් වැරද්දක් සිදුවූ බවත් එයට සමාවෙන ලෙසත් Barnaby Joyce එහිදී පැවසුවේය.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

