ඉදිරියේදී ස්ථිර පදිංචිය අයදුම් කරන අයට ඕස්ට්‍රේලියානු සාරධර්ම පිළිබද පරීක්ෂණයකටත් මුහුණදීමට සිදුවෙන ලකුණු (SBS සිංහල /වාර්තා)

visa

Source: AAP

ඔස්ට්‍රේලියාවට පය තැබීමට පෙර සිටම සංක්‍රමිකයන්ට ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය ලබා දීම ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබද අමාත්‍ය Alan Tudge විසින් විවේචනය කොට තිබේ. ඔස්ට්‍රේලියාව පසුගිය වසරේ ස්ථිර පදිංචි කරුවන් 162000ක් ලබා ගත්තත් ඉන් අඩක් ඔස්ට්‍රේලියාව තුල සිටින තාවකාලික සංක්‍රමණිකයන් වුවත් අනෙක් අය ඕස්ට්‍රේලියාවේ පය තබා වත් නොමැති බව ඔහු පවසා තිබේ.

Tudge මහතා ලන්ඩනයේදී පවසා ඇත්තේ එම තත්වය නැවත සලකා බැලිය යුතු බවයි.

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි වීසා ක්‍රමය තුල තුනෙන් දෙකක් කුසලතා වීසා වන අතර ඉතිරිය පවුලේ සාමාජිකයන් සදහා වේ

එසේම විදේශයන් වල සිටින පුද්ගලයන්ගේ නියම තොරතුරු ලබා ගැනීම අභියෝගයක් බව ඔහු පවසා තිබේ

ඕස්ට්‍රේලියානු සාරධර්ම පරීක්ෂාව

දැනට සාරධර්ම පිළිබද දිවුරුමක් කිරීමට ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබන පුද්ගලයන්ට සිදුවේ . නමුත් රජයට අවශ්‍ය වී තිබුනේ ඒ පිළිබද පරීෂණයක් හා ඉංග්‍රීසි භාෂා පරීක්ෂාවක් හදුන්වා දීමටයි . එසේම මෙම වසර මුලදී පුරවැසිභාවය පිළිබද අමාත්‍ය වරයා විසින් සංක්‍රමණිකයන් සදහා ඉංග්‍රීසි කතා කිරීම පිළිබද පරීක්ෂණයක් හඳුන්වා දිය යුතු බවද පවසා තිබේ

ඔස්ට්‍රේලියාව තුල සහජීවනය සදහා සාරධර්ම පිළිබද දිවුරුම අත්‍යාවශ්‍ය බවයි ඔහු පවසන්නේ

නමුත් මීට වඩා දැඩි ක්‍රමයකින් ඕස්ට්‍රේලියානු සාරධර්ම වන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස , ආගමික නිදහස , ලිංගික සමානත්මතාව ප්‍රජාතන්ත්‍රවාදී හා සමානාත්මතාව ආදිය මැන බැලීම ට අවශ්‍ය බව ඔහු පවසයි

මීට පෙර පුරවැසිභාවය පිළිබද වෙනස්කම් කිරීමට තැත් කිරීමේදී කම්කරු පක්ෂය විසින් එය නවතා දැමුවා

දැනට ඇති පරීක්ෂාවන්

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසියේ හිටපු පුද්ගලයෙකු වන John Coyne, පවසන්නේ ජනතාව වීසා ලාබීන් ව දැඩි ලෙස පරීක්ෂාවක් බලාපොරොත්තු වන බවයි

නමුත් පැරණි පරීක්ෂාවන් ද ඉතා සුපරීක්ෂාකාරී බවද ඔහු පවසයි

මේ පිලිබදව අදහස් දක්වන කමක්රු පක්ෂයේ Anthony Albanese පවසන්නේ මෙම තත්වය පිළිබද විදේශයන්හිදී අදහස් දැක්වීම වැරදී බවයි

 

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************


2 min read

Published

Updated

By Charitha Adikari



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now