ශ්‍රී ලංකාවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
තමන් සහ රජය අපකීර්තියට පත්කිරීමේ අරමුණින් අන්තර්ජාල වෙබ් අඩවි හරහා ප්‍රචාරය කෙරෙන ව්‍යාජ ලිපියක් සම්බන්ධව පරීක්ෂණයක් කර එම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ කරගෙන යන පිරිස අත්අඩංගුවට ගෙන නීති මඟින් කටයුතු කරන ලෙස ඉල්ලා සමරවීර මහතා මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව Daily Mirror පුවත් පත වාර්තා කරයි.
පසුගියදා ලන්ඩන් නුවර LTTE කොටි හිතවාදීන් පිරිසකගේ විරෝධාතාවට එරෙහිවූ වායි සැලකුණ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා ගේ සේවය අත්හිටුවන බවත් ඒ සම්බන්ධව වහාම පරීක්ෂණයක් කරන බවත්, ඒ සඳහා ඔහු මෙරටට ගෙන්වන බවත් ආදී වශයෙන් ලිපිය ලියා ඇත.
මෙම ලිපිය බ්‍රිතාන්‍ය දෙමළ ඩයස්පෝරාවේ Mr T. R. Balu යන අයට යවන පරිදි සමරවීර මහතා ලියන එකක් ලෙස සකස් කර ඒ සඳහා ඔහුගේ අත්සනද ව්‍යාජව යොදා තිබේ.
බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය අසල බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හා වූ සිද්ධිය පසුගිය 4වැනි දා සිදුවිය.
එහෙත් එම ලිපිය ලියා ඇත්තේ පෙබරවාරි 2 වැනි දිනය.

ඒ අනුව මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

