ඔස්ට්‍රේලියාවේ Medlab Pathology සේවාවටත් සයිබර් ප්‍රහාරයක්, 223,000 කගේ දත්ත සොරාගෙන (SBS සිංහල/ වාර්තා)

වෛද්‍ය වාර්තා, ක්‍රෙඩිට් කාඩ් අංක සහ Medicare අංක විශාල ප්‍රමාණයකට බලපාන ප්‍රධාන දත්ත සොරකමක් මෙහිදී සිදුවී ඇති අතර මෙයට පුද්ගලයන් 223,000ක් පමණ හසු වී ඇතැයි වාර්තා වේ.

cyber attacks

Source: AAP

ඔස්ට්‍රේලියාවේ තවත් සමාගමක පාරිභෝගික දත්ත සොරාගෙන ඇති බවට වාර්තා වේ.

2021 දෙසැම්බර් මාසයේදී තමන් විසින් අත්පත් කරගත් pathology ව්‍යාපාරයක් වන Medlab Pathology හි රෝගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ දත්ත හැකර්වරුන් විසින් සොරාගෙන ඇති බවට Australian Clinical Labs (ACL) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

වෛද්‍ය වාර්තා, ක්‍රෙඩිට් කාඩ් අංක සහ Medicare අංක විශාල ප්‍රමාණයකට බලපාන ප්‍රධාන දත්ත සොරකමක් මෙහිදී සිදුවී ඇති අතර මෙයට පුද්ගලයන් 223,000ක් පමණ හසු වී ඇතැයි වාර්තා වේ.

අදාළ ගනුදෙනුකරුවන්ට ආසන්න වශයෙන් මාස අටක කාලයක් මෙම සිද්ධිය ගැන සමාගම වාර්තා නොකර සිටි බවද සඳහන්.

වෛද්‍ය සහ සෞඛ්‍ය වාර්තා වැනි සොරාගෙන ඇති දත්ත වර්ග හේතුවෙන් මෙම සයිබර් ප්‍රහාරය විශේෂයෙන් සංවේදී එකක් බවද වාර්තා වේ.

File image
This attack remained unreported for eight months. Source: AAP

Australian Clinical Labs හෙවත් ACL ට අනුව මෙම සයිබර් ප්‍රහාරය ආශ්‍රිතව පහත දත්ත සොරාගෙන තිබේ:

  • Pathology පරීක්ෂණවලට සම්බන්ධ පුද්ගලයින් 17,539 කගේ වෛද්‍ය සහ සෞඛ්‍ය වාර්තා
  • පුද්ගලයින් 28,286 ක්‍රෙඩිට් කාඩ් අංක සහ ඔවුන්ගේ නම්. එවන් 15,724 ක් කල් ඉකුත් වී ඇති අතර 3,375 ක CVV කේතයන් තිබු බව සඳහන්
  • පුද්ගලයින් 128,608 කගේ Medicare අංක සහ ඔවුන්ගේ නම්

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

සොරාගත් දත්ත වැරදි ලෙස භාවිතා කිරීමක් ගැන වාර්තා වී නැහැ

සොරාගත් කිසිම තොරතුරක් වැරදි ලෙස භාවිතා කිරීමක් ගැන හෝ හැකර්වරුන් විසින් කරන ලද ඉල්ලීමක් පිළිබඳ කිසිදු සාක්ෂියක් අද දක්වා නොමැති බව ද ACL වාර්තා කර තිබේ.

තමන් දැන් සයිබර් ප්‍රහාරයට ලක්වූ Medlab server ය ඉවත් කර ඇති අතර, තම සමාගමේ පුළුල් පද්ධති සහ දත්ත සමුදායන් ට මෙම සිද්ධියෙන් බලපෑමක් ඇති නොකරන බව ද ACL පවසයි.

මීට පෙර ඔස්ට්‍රේලියාවේ විශාලතම පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණ සමාගම වන Medibank වෙතද සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බවට වාර්තා වූ අතර වෛද්‍ය වාර්තාවලට බලපාන සයිබර් ප්‍රහාරයක් ඔස්ට්‍රේලියානු සමාගමක් වාර්තා කළ දෙවන අවස්ථාව ලෙස මෙය සනිටුහන් වේ.

සයිබර් ප්‍රහාරයකදී කාලය යනු ඉතා වැදගත් සාධකයක් බවත් සයිබර් ප්‍රහාරයක් සිදුවී ක්‍රියා මාර්ගයක් නොගෙන සිටින සෑම දිනක්ම එහි බරපතල බව තවත් වැඩි කරන බවත් ලිබරල් සන්ධානයේ සයිබර් ආරක්ෂාව පිළිබඳ නියෝජිත James Paterson, Medibank සයිබර් ප්‍රහාරයෙන් පසුව පැවසීය.

කෙසේ වෙතත්, Medlab සම්බන්ධයෙන් ගත් කල, මෙම දත්ත සොරකම මුලින් සොයාගනු ලැබුවේ පසුගිය පෙබරවාරි මාසයේදී වූ නමුත් එය ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ පසුගිය සතියේදී ය.

ගනුදෙනුකරුවන් කළ යුත්තේ කුමක්ද?

ඉදිරි සතිවලදී Medlab වෙතින් මේ පිළිබඳ දැනුම්දීමක් කරනු ඇතිදැයි දැනගැනීම සඳහා හිටපු පාරිභෝගිකයින් ඔවුන්ගේ ඊමේල් සහ තැපෑල පරීක්ෂා කළ යුතු බව සමාගම යෝජනා කරයි.

එම දැනුම්දීම්වලට අදාළ පාරිභෝගික තොරතුරු පිළිබඳ නිවැරදි පැහැදිලි කිරීමක් මෙන්ම එම තොරතුරු අවභාවිතයෙන් ආරක්ෂා වීමට ගත හැකි අතිරේක පියවරයන් සමඟ සකස් කරන ලද තොරතුරු පත්‍රිකා ඇතුළත් වනු ඇතැයි වාර්තා වේ.

හැකි සෑම විටම බලපෑමට ලක්වූ පුද්ගලයින්ගේ තොරතුරු ආරක්ෂා කිරීම සඳහා අදාළ බලධාරීන් සමඟ ක්‍රියාකාරී පියවර ගණනාවක් ගෙන ඇති බව ද Medlab පැවසීය.


Share

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now