ඔස්ට්‍රේලියාවේ විශාලතම පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණ සමාගමටත් සයිබර් ප්‍රහාරයක්, පාරිභෝගික දත්ත ලක්ෂ ගණනක් හැක් කෙරේ

තම සමාගමට එල්ලවූ සයිබර් ප්‍රහාරය සිතුවාට වඩා විශාල බව Medibank සමාගම හෙළිදරව් කර ඇති අතර එහිදී සාමාන්‍ය පාරිභෝගික දත්ත සොරාගෙන ඇති බව අනාවරණය කෙරිණි.

Medibank signage seen from the street

Medibank CEO David Koczkar said his organisation continued to work with federal government agencies to investigate the data breach. Source: AAP / Julian Smith

ඔස්ට්‍රේලියාවේ විශාලතම පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණ සමාගම වන Medibank වෙත එල්ලවූ සයිබර් ප්‍රහාරය සිතුවාට වඩා විශාල බව එම සමාගම පිළිගෙන තිබේ.

එහිදී සමාගම සතු සාමාන්‍ය පාරිභෝගික දත්ත සොරාගෙන ඇති බව අනාවරණය කෙරිණි.

මෙම දත්ත සොරකමෙන් පසුව පුද්ගලික තොරතුරු සොරකම් කිරීමට ලක්ව ඇති වත්මන් සහ හිටපු ගනුදෙනුකරුවන්ව Medibank සමාගම සම්බන්ධ කරගැනීමට සූදානම් වන බව වාර්තා වේ.


හැකර්වරුන් විසින් සොරාගෙන ඇති දත්ත අතරේ Medibank පාරිභෝගික දත්ත අඩංගු ලිපිගොනු මෙන්ම පුද්ගලික සහ සෞඛ්‍ය හිමිකම් තොරතුරු ඇතුළත් offshoot Ahm වෙතින් රක්ෂණ වාර්තා 1,000ක් ඇතුළත් බව සඳහන්.

සොරකමට ලක්වූ මෙම අලුතින් නිකුත් කරන ලද තොරතුරු පසුගිය සතියේ හෙළිදරව් වූ ජාත්‍යන්තර සිසුන් වන පාරිභෝගිකයින්ගේ සහ Ahm රක්ෂණ සමාගමේ දත්තවලට අමතර ඒවා බව ද වාර්තා වේ.
People walking past a Medibank office.
Medibank said the hack had taken a "distressing" turn with the receipt of a series of extra files from the hacker or hackers. Source: AAP / Bianca De Marchi
පසුගිය මාසයේ සිදුවූ Optus සමාගමේ දත්ත සොරකමට පසු මාස කිහිපයක් ඇතුළත සිදුවූ දෙවන ඉහළ පෙළේ දත්ත හැක් කිරීම මෙය වේ.

සොරකම් කරන ලද පාරිභෝගික දත්තවල සම්පූර්ණ ප්‍රමාණය දැන ගැනීමට තවම ඉක්මන් වැඩි නමුත් මෙම දත්ත සොරකමේ ප්‍රමාණය කලින් සිතුවාට වඩා පුළුල් වී ඇති බව Medibank සමාගම පවසයි.

කෙසේවෙතත්, මෙම දත්ත සොරකමේ බලපෑමට ලක්වූ තම පාරිභෝගිකයින්ගේ සංඛ්‍යාව තවදුරටත් වර්ධනය වනු ඇතැයි මිලියන හතරක් පමණ ගනුදෙනුකරුවන් සිටින Medibank සමාගම අපේක්ෂා කරයි.


මෙම දත්ත හැක් කිරීමත් සමඟ තම පාරිභෝගිකයින්ට ඔවුන්ගේ විද්‍යුත් තැපෑල, කෙටි පණිවුඩ හෝ දුරකථන ඇමතුම් හරහා ලැබෙන ඕනෑම සැක සහිත පණිවිඩ පිළිබඳව විමසිලිමත් වන ලෙස Medibank සමාගම සිය පාරිභෝගිකයින්ට අනතුරු ඇඟවීය.

මෙම සිදුවීම නිසා Medibank සමාගමේ ප්‍රධාන විධායක David Koczkar තම පාරිභෝගිකයින්ගෙන් සමාව අයැදින බව යලි අවධාරණය කළේය.

"මෙය ද්වේශසහගත ප්‍රහාරයක් වන අතර අපරාධකරුවන් විසින් උපරිම බයක් ඇති කිරීමට සහ හානියක් සිදුකිරීමේ අදහසින් අපගේ ප්‍රජාවේ වඩාත්ම අවදානමට ලක්විය හැකි සාමාජිකයින්ට සිදු කර තිබෙනවා." යනුවෙන් ඔහු පැවසුවේය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

දත්ත සොරකම ගැන විමර්ශනයක්

මෙම දත්ත සොරකම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා Medibank සමාගම මධ්‍යම රජයේ ආයතන සමඟ අඛණ්ඩව කටයුතු කරන බව Medibank සමාගමේ ප්‍රධාන විධායක David Koczkar ප්‍රකාශ කළේය.

මේ අතර ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය මෙම දත්ත හැක් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර තිබේ.

හැකර්වරුන් ගිගාබයිට් 200 ක දත්ත සොරකම් කර ඇති බව පසුගිය සතියේ Medibank සමාගම පැවසූ අතර, පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය ඉතිහාසය, වෛද්‍ය සේවා ලැබුණු ස්ථාන සහ ඔවුන්ගේ රෝග විනිශ්චය සහ ක්‍රියා පටිපාටිවලට අදාළ තොරතුරු ඊට ඇතුළත් වී ඇති බව පැවසුවේය.

Medibank සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ කරන අතරේ හැකර්වරුන් සොරාගත් තොරතුරු ප්‍රාණ ඇපයට තබාගෙන සිටි බව මධ්‍යම රජයේ සයිබර් ආරක්ෂණ ඇමතිනි Clare O'Neil පැවසුවේය.

සංවේදී දත්ත නිසියාකාරව ආරක්ෂා නොකරන සමාගම් සඳහා දඩුවම් විශාල වශයෙන් වැඩි කරන නව නීති සම්පාදනයක් රජය මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ සඳහා පනවන දඩ මුදල ඩොලර් මිලියන 50, අදාළ කාල සීමාව තුළ සමාගමේ පිරිවැටුමෙන් සියයට 30ක් හෝ සොරකම් කරන ලද දත්ත වලින් ලබාගත් ඕනෑම ප්‍රතිලාභයක වටිනාකම මෙන් තුන් ගුණයක් දක්වා වූ අගයෙන් වැඩිම අගය දක්වා ඉහළ යනු ඇත.

Share

Published

Updated

By Madhura Seneviratne
Source: AAP, SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service