Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

පොහොට්ටුවේ ජයෙන් පසුව ලංකාවේ දේශපාලනය ගැන විදෙස් පුවත් පත් වාර්තා කළ හැටි. (SBS සිංහල/වාර්තා)

ශ්‍රී ලංකාවේ මෙම උණුසුම ඉන්දියාව ප්‍රමුඛ විදෙස් රටවල පුවත් පත් ද ප්‍රධාන සිරස්තල යටතේ වාර්තා කර තිබුණි.

How foreign newspapers reported after SLPP’s victory in SL LG Polls.

Source: SBS

පසුගිය සෙනසුරාදා (10/02) ශ්‍රී ලංකාවේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහය හිමි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විශිෂ්ඨ ජයක් අත් කරගත්තේය.

ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හට මෙන්ම පවතින හවුල් රජයටද දැඩි පීඩනයක් එල්ල වෙමින් පවතී.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණයෙන් පසුව බත්තරමුල්ලේ පැවති මාධ්‍ය හමුකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහ මැතිවරණයක් ඉල්ලා සිටියේය.

මේ සමග ලාංකේය දේශපාලන ක්ෂේත්‍රය තවත් උණුසුම් වන්නට විය.

ශ්‍රී ලංකාවේ මෙම උණුසුම ඉන්දියාව ප්‍රමුඛ විදෙස් රටවල පුවත් පත් ද ප්‍රධාන සිරස්තල යටතේ වාර්තා කර තිබුණි.

එම පුවත් පත් වලින් කිහිපයක් වාර්තා කළ පුවත් පිළිබඳ මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

The Hindu

Rajapaksa-backed party wins big in Sri Lanka local government polls (11 Feb 2018)

How foreign newspapers reported after SLPP’s victory in SL LG Polls.
Source: The Hindu

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහය හිමි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විශිෂ්ඨ ජයක් අත් කරගත්තේය.

ඔවුන් පළාත් පාලන ආයතන 340 න් 200 කට අධික සංඛ්‍යාවක් ජයගැනීමට සමත් වී ඇත.

“මෙය ජනතාවගේ තීන්දුවක්. ජනතාව රජය ප්‍රතික්ෂේප කරලා තියෙනවා.” යනුවෙන් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා The Hindu පුවත් පතට පැවසීය.

 

Sri Lanka’s first national unity government in trouble. (14 Feb 2018)

Image

ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ පවතින ජාතික රජය පවත්වාගෙන යාමට අපහසු තත්ත්වයක් ඇතිවී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර මේ පිළිබඳ සාකච්ඡා පැවැත්වුණද රජය ඉදිරියට පවත්වා ගෙන යාමේ පැහැදිලි තීරණයක් තවමත් ගෙන නොමැති බව වාර්තා වේ.

ප්‍රතිසංස්කරන සහිතව රජය ඉදිරියට ගෙන යන ආකාරය සැලසුම් කිරීමට ප්‍රධාන පක්ෂ දෙකෙහිම කැබිනට් ඇමතිවරු ඇතුළත් විශේෂ කමිටුවක් මේ වන විට පත් කර ඇති බවද වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට බලපෑම් කරන බව ජනපති මෛත්‍රී, වික්‍රමසිංහ මහතා හට පවසා ඇති බවත් එනිසාම වික්‍රමසිංහ මහතා දැඩි පීඩනයකට මුහුණ පා සිටින බවත් වාර්තා වේ.

The Times of India

Sri Lanka ex-strongman's party makes strong showing in polls (12 Feb 2018)
How foreign newspapers reported after SLPP’s victory in SL LG Polls.
Source: Times of India

ශ්‍රී ලංකාවේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකාවේ හිටපු බලවන්තයා වන මහින්ද රාජපක්ෂ ගේ පක්ෂය විශිෂ්ට ජයක් අත් කරගැනීමෙන් පසුව වසර 3 කට පමණ පෙර පිහිටවු ජාතික රජය විසිරුවා හැර හදිසි මහ මැතිවරනයක් පවත්වන ලෙස මහින්ද රාජපක්ෂ ඉල්ලා සිටියි.

මෙම මැතිවරණයෙන් රජයට බහුතරය අහිමිවී ඇති බවත් නව රජයක් පත් කරගැනීමට ජනතාව අවස්ථාව ලබා දී ඇති බවත් මහින්ද රාජපක්ෂ මාධ්‍යට පැවසීය.

මහින්ද රාජපක්ෂ 2015 පැවති ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වුවත් වත්මන් ශ්‍රී ලංකා රජය ගෙන ඒමට යෝජිත නව ව්‍යවස්ථාවෙන් දෙමල ජනයා සමග බලය බෙදීමකට උත්සහ දරන නිසාත් රාජ්‍ය දේපළ විකුණන නිසාත් ශ්‍රී ලංකා ජනතාවට නැවත ඔහුව අවශ්‍ය වී තිබේ.

The Indian Express

Sri Lanka’s ruling United National Party in crisis after Mahinda Rajapaksa’s comeback win
How foreign newspapers reported after SLPP’s victory in SL LG Polls.
Source: The Indian Express

ශ්‍රී ලංකාවේ පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය දැඩි අර්බුදයකට මුහුණ දෙමින් සිටී.

මෙම අර්බුදය තව දුරටත් වැඩි කරමින් වික්‍රමසිංහ මහතා හට පක්ෂ නායකත්වයෙන් ඉවත්වන ලෙස ට පක්ෂය තුළින්ම බලපෑම් එල්ල වන බවද වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහය හිමි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද පරදවමින් විශිෂ්ඨ ජයක් අත් කරගත්තේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට බලපෑම් කරන බව ජනපති මෛත්‍රී, වික්‍රමසිංහ මහතා හට පවසා ඇති බවද වාර්තා වේ.

The New York Times (11 Feb 2018)

Election Losses Test Sri Lanka’s Leader, and the Country’s Direction.
How foreign newspapers reported after SLPP’s victory in SL LG Polls.
Source: The New York Times

ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයෙන් පසුව පිහිටවූ ශ්‍රී ලංකාවේ ජාතික රජයේ පළමු පළාත් පාලන මැතිවරණය ජනමත විචාරණයක් බවට පත් වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහය හිමි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ට විශාල ජයක් ගෙන දුන්නේය.

මහින්ද රාජපක්ෂ මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා වලට මෙන්ම ශ්‍රී ලංකාවේ විවිධ දූෂණ චෝදනා වලට ලක්ව සිටි නමුත් මෙම මැතිවරණය හරහා නැවත ඔහු තම බලය සියතට ගනිමින් සිටින බවක් පෙනේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මෙම ජයග්‍රහණය වත්මන් රජය දේශපාලන අතින් තවත් දුර්වල කිරීමට බොහෝ ඉඩ ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පවසයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


4 min read

Published

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now