SKIP TO MAIN CONTENT

ස්ටීව් ස්මිත්ට සහ ඩේවිඩ් වෝර්නර්ට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනම් වීමේ අවධානමක් (SBS සිංහල / වාර්තා )

Australian captain Steve Smith, left, and Dave Warner stand down after the ball tampering incident n South Africa.
Australian captain Steve Smith, left, and Dave Warner stand down after the ball tampering incident n South Africa. Source: AAP

2 min read

Published

Updated

By Sanjaya Dissanayake

Source: espncricinfo, SBS


Skip to article content

දකුණු අප්‍රිකා  ඕස්ට්‍රේලියා තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අතර තුරදී පන්දුව පලුදු කිරීමේ සිද්ධියට අනුබල දීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීව් ස්මිත් සහ උපනායක ඩේවිඩ් වෝනර් ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනමකට ලක්වීමේ අවධානමකට මුහුණ දී සිටින බව ක්‍රිකට් ප්‍රවීනයන් පෙන්වා දී තිබේ.  ස්ටීව් ස්මිත් හට සම්පුර්ණ තරග ගාස්තුවමඅහිමි කිරීමටත්, එක් ටෙස්ට් තරගයක් සදහා තහනමක් පැනවීමටත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ගෙන ඇති තීරණය ඔවුන්ට ලබාදෙන දඩුවමේ ආරම්භයක් පමණක් බවත් විචාරකයින් වැඩි දුරටත් සදහන් කරයි.

 

මෙම සිද්ධියේදී Cricket Australia ආයතනයේ නීති රෙගුලාසි ස්ටීව්  ස්මිත් සහ  ඩේවිඩ් වෝනර් උල්ලංඝනය කර ඇති නිසාවෙන් මේ ආකාරයෙන් ඔවුන් ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තරග තහනමකට ලක් වීමේ අවධානමකට මුහුණ දී සිටින බව සදහන්.

 

 මීට  අමතරව පන්දුව පලුදු කිරීමේ සිද්ධියට මුල්වූ  Cameron Bancroft ගේ තරග ගාස්තුවෙන්  සියයට  75 ක් දඩ ලෙස අය  කර ගැනීමටත්, ඔහුගේ ප්‍රසාද ලකුණු වලින් තුනක් අඩු කිරීමටත් අනතර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර  ඇති බව සදහන්.

 

 මෙම පන්දුව පලුදු කිරීමේ සිද්ධිය පිලිබදව තමන් දැනුවත්ව සිටි බව නායක ස්ටීව් ස්මිත් ඇතුළු ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජෙය්ෂ්ඨ ක්‍රීඩකයින් පිළිගැනීමත් සමග ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වයට දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.

**************************************************************************************

SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

**********************************************************************************

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now