Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

5% ක තැන්පතුවකින් ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයක නිවසක් ගැනීමට ජුනි 30 ට පෙර 4,000 කට අවස්ථාව

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයක නිවසක් මිලදී ගැනීම සඳහා සුදුසුකම් ලත් පළමු නිවාස ගැනුම්කරුවන්ට සහාය වීම මෙහි අරමුණ වේ.

4,000 places are still available under the Regional First Home Buyer Guarantee Scheme before the 30 June

4,000 places are still available under the Regional First Home Buyer Guarantee Scheme before the 30 June Source: AAP / Sam Mooy

ඔස්ට්‍රේලියාවේ ඉහළ යමින් පවතින නිවාස මිල ගණන් සහ ජීවන වියදම් පීඩනය මධ්‍යයේ මධ්‍යම රජයේද සහය ඇතිව ඔබේ නිවාස සිහිනය සැබෑ කරගැනීමට තවමත් අවස්ථාව තිබෙන බව නිවාස කටයුතු පිළිබඳ අමාත්‍ය Julie Collins පවසයි.

විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සහය ඇතිව ක්‍රියාත්මක වන Regional First Home Buyer Guarantee වැඩසටහන යටතේ තවත් අයදුම්කරුවන් 4,000 කට පමණ 2022-23 මුල්‍ය වර්ෂය තුළදී තමාගේ නිවාස සිහිනය සැබෑ කරගැනීමට අවස්ථාව ඇති බව ඇය පැවසුවාය.

Regional First Home Buyer Guarantee වැඩසටහන

Regional First Home Buyer Guarantee (RFHBG) වැඩසටහන යනු Home Guarantee යෝජනා ක්‍රමයේ (HGS) එක් කොටසකි.

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන්ට ඉක්මනින් නිවසක් මිලදී ගැනීමට සහාය වීම සඳහා ඔස්ට්‍රේලියානු රජයේ සහය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

මෙය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය වෙනුවෙන් ජාතික නිවාස මුල්‍ය හා ආයෝජන සංස්ථාව (NHFIC) විසින් පරිපාලනය කෙරේ.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයක නිවසක් මිලදී ගැනීම සඳහා සුදුසුකම් ලත් පළමු නිවාස ගැනුම්කරුවන්ට සහාය වීම මෙහි අරමුණ වේ.

2022-23 මුල්‍ය වර්ෂය සඳහා පළමු නිවාස ගැනුම්කරුවන් 10,000 කට මේ හරහා අවස්ථාව ලබා දී ඇති අතර තවත් 4,000 කට පමණ එළඹෙන ජුනි 30 වනදා දක්වා අවස්ථාව ඉතිරිව ඇති බව නිවාස කටයුතු පිළිබඳ අමාත්‍ය Julie Collins නිවේදනය කර ඇත.

මෙම වැඩසටහන යටතේ සහභාගී වන නිවාස ණය ලබා දෙන්නෙකුගෙන්, සුදුසුකම් ලත් පළමු නිවාස ගැනුම්කරුවකුගේ නිවාස ණයෙන් කොටසක් NHFIC විසින් සහතික කෙරේ.

මෙමගින් සුදුසුකම් ලත් නිවාස ගැනුම්කරුවෙකුට ණය දෙන්නන්ගේ රක්‍ෂණය (Lenders Mortgage Insurance) නොගෙවා 5% ක තරම් කුඩා තැන්පතුවකින් නිවසක් මිලදී ගැනීමට හැකියාව ලැබේ.

අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම් සහ සැපිරිය යුතු අවශ්‍යතා

  • නිවාස ණයට ඇතුල් වන අවස්ථාවේදී ඔස්ට්‍රේලියානු පුරවැසියෙක් වීම (2023 ජූලි 01 සිට මෙය වෙනස් වේ)
  • අවම වශයෙන් වයස අවුරුදු 18 ක් විය යුතුය
  • තනි පුද්ගලයෙකු සඳහා $125,000 දක්වා හෝ යුවලක් සඳහා $200,000 දක්වා වාර්ෂික ආදායමක් තිබීම
  • මිලදී ගත් නිවසෙහි තමන්ම පදිංචි වීමට අදහස් කළ යුතුය
  • මීට පෙර ඔස්ට්‍රේලියාවේ දේපලක් හිමිකර නොගත් හෝ ඒ සඳහා උනන්දුවක් නොතිබූ පළමු නිවාස ගැනුම්කරුවකු විය යුතුය
  • නිවාස ගැනුම්කරුවන් තමන් නිවාස ණය ගිවිසුම ක්‍රියාත්මක කරන දිනට පෙර මාස 12ක කාලයක සිට ඔවුන් මිලදී ගන්නා ප්‍රාදේශීය ප්‍රදේශයේ හෝ යාබද ප්‍රාදේශීය ප්‍රදේශයක ජීවත් වී තිබිය යුතුය

ප්‍රාදේශීය කලාපයක් යනු කුමක්ද?

ප්‍රාදේශීය කලාපයක් අර්ථ දක්වා ඇත්තේ පහත පරිදිය:

  • Statistical Area Level 4 (ASGS SA4 2016) ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක හෝ Northern Territory හෝ ප්‍රධාන නගරය ආශ්‍රිත නොවන ප්‍රදේශ;
  • Norfolk Island;
  • 2016 ජූලි මාසයේදී ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) විසින් ප්‍රකාශයට පත් කරන ලද අනුවාදයේ අර්ථ දක්වා ඇති පරිදි Jervis Bay, Christmas Island හෝ Cocos (Keeling) Islands යන ප්‍රදේශ;

එක් එක් ප්‍රාන්තයේ ප්‍රධාන නගර ආශ්‍රිත කලාප සහ Northern Territory සහ සමස්ත Australian Capital Territory Regional First Home Buyer Guarantee වැඩසටහනින් බැහැර කර ඇත.

මෙම ප්‍රදේශවල නිවාස ගැනුම්කරුවන්ට First Home Guarantee හෝ Family Home Guarantee වැඩසටහන් සඳහා සුදුසුකම් ලැබිය හැකිය.

ඔබේ නිවාසය මිලදී ගැනීමට යන ප්‍රදේශය මෙම වැඩසටහනට අදාළ ප්‍රාදේශීය ප්‍රදේශයක්ද යන්න පිළිබඳ මෙතනින් දැනගන්න.

දේපල වර්ග සහ මිල සීමාවන්

මෙම වැඩසටහන යටතේ, නිවාස ගැනුම්කරුවන්ට පහත ගනයට අයත් නේවාසික දේපලක් මිලදී ගත හැකිය:

  • දැනට ඉදිකර ඇති නිවසක්, townhouse හෝ මහල් නිවාසයක්
  • නිවසක් සහ ඉඩම් පැකේජයක්
  • ඉඩමක් සහ නිවසක් ඉදිකිරීම සඳහා වෙනම කොන්ත්‍රාත්තුවක්
  • off-the-plan මහල් නිවාසයක් හෝ townhouse එකක්

අනුමත කරගත හැකි නිවාසයේ උපරිම මිල සීමාවන් පිළිබඳ මෙතනින් දැනගන්න.

මෙම වැඩසටහනට අදාළව නිවසක් සඳහා අයදුම් කිරීම සහ නිවාස ණය ලබාදෙන ණය සැපයුම්කරුවන් පිළිබඳ තොරතුරු පිළිබඳ මෙතනින් දැනගන්න.


3 min read

Published

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now