නවතම සමීක්ෂණයකට අනුව, ඔස්ට්‍රේලියානු ව්‍යාපාරවලින් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් මේ වසරේ තම සේවකයින් ඉවත් කිරීමට සූදානම් වන බව හෙළිවී තිබේ.
ඉහළ යන උද්ධමන පීඩනයන්ට ප්‍රතිචාර වශයෙන් මෙම තීරණය ගැනීමට අදාළ ව්‍යාපාරවලට සිදුවී ඇති බව ද එහිදී අනාවරණය වී ඇත.
ඔස්ට්‍රේලියානු ව්‍යාපාරවලින් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක සේවකයින් දොට්ට
උද්ධමනය හේතුවෙන් පිරිවැය වැඩිවීම කළමනාකරණය කිරීම සඳහා මෙම වසරේ ඔස්ට්‍රේලියානු සමාගම් සියල්ලම පාහේ පියවර ගන්නා බව YouGov විසින් කරන ලද සමීක්ෂණයකින් සොයා ගන්නා ලදී.
බොහෝ සමාගම්වල එම පියවරවලට සිය කාර්ය මණ්ඩලය ඉවත් කිරීමද ඇතුළත් වේ.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ඔස්ට්‍රේලියානු ව්‍යාපාරවලින් 40% කට අඩු ප්‍රමාණයක් මේ වසරේ රැකියා කප්පාදු කිරීමට අපේක්ෂා කරන අතර 47% ක් කිසියම් සැලකිය යුතු වැටුප් කිරීමක් නොකරනු ඇති බව සමීක්ෂණයෙන් හෙළි විය.
සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 14% ක් කියා සිටියේ වැටුප් වැඩිවීම් කිසිසේත්ම නොකරන බවය.
ඇතැම් සේවකයින්ට ඔවුන්ගේ කාර්ය සාධනය මත පමණක් වැටුප් වැඩිවීම් ලබා දෙන බව 33% ක් කියා සිටියේය.
වැටුප් ඉහළ නොදැමීම සඳහා ගනු ලබන විකල්ප
උද්ධමනය නිසා වැඩිවෙමින් පවතින ජීවන වියදම සමඟ කටයුතු කිරීමට සහයක් ලෙස බොහෝ සේවකයින් වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටින අතර එය ව්‍යාපාර සඳහා තවත් ගැටළුවක් වීමට තුඩු දෙනු ඇත.
වැටුප් වැඩි කිරීමේ පීඩනය තමන් දැනට මුහුණ දී සිටින ප්‍රධාන අභියෝගය බව සමීක්ෂණයට ලක් කළ මානව සම්පත් වෘත්තිකයන්ගෙන් තුනෙන් එකක් පමණ කියා සිටියේය.
වැටුප් වැඩිවීම් වෙනුවට ඔස්ට්‍රේලියානු සමාගම් තම කාර්ය මණ්ඩලය රඳවා ගැනීමට නම්‍යශීලී රාජකාරී ක්‍රම සහ ජාත්‍යන්තරව ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කිරීම් සිදු කිරීමට අපේක්ෂා කරයි.
තම කාර්ය මණ්ඩලයට විදේශයන්හි වැඩ කිරීමට ඉඩ දීම සඳහා ඔවුන්ට දැනටමත් විකල්පයක් ලබාදී ඇති බව සමීක්ෂණයට ලක් වූවන්ගෙන් සියයට 40 ක් පමණ පැවසීය.
මේ අතර 16% ක් එය කිරීමට සැලසුම් කර ඇති අතර හෝ දැනටමත් එය සංවර්ධනය කරමින් සිටින බව ද හෙළිවිය.
තම සමාගම ඉදිරි වසර දෙක තුන තුළ නව වෙළඳපලක් දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ සෑම පස් දෙනෙකුගෙන් තුනක්ම කියා සිටියහ.

