ආයෝජන බැංකුවක් වන UBS හි නව විශ්ලේෂණයකින් ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සුපිරි වෙළඳසැල්වල මිල ඉහළ යාම පසුගිය වසර පුරා උද්ධමනය අභිබවා නව ඉහළ මට්ටමකට පැමිණ ඇති බව සොයාගෙන ඇත.
ඔස්ට්‍රේලියානුවාසීන් පොලී අනුපාත, දුරකථන ගාස්තු, බලශක්ති බිල්පත් සහ නිවාස කුලිය ඉහළ යාමත් සමඟ දිගින් දිගටම ජීවන වියදම ඉහළ යාමත් සමග පොරබදමින් සිටින විට මෙය අනාවරණය වී තිබේ.
සිල්ලර බඩු මිල ඇත්ත වශයෙන්ම කොපමණ මුදලකින් වැඩි වෙමින් පවතීද , මෙලෙස මිල ඉහළ යාම පිටුපස ඇත්තේ කුමන හේතුවක්ද සහ මේ සම්බන්ධයෙන් ප්‍රධාන සුපිරි වෙළඳසැල් පවසන්නේ කුමක්ද යන්න පිළිබඳ මෙම ලිපියෙන් විමසා බලමු.
සිල්ලර බඩු මිල කොපමණ ප්‍රමාණයකින් වැඩි වෙමින් පවතීද?
UBS Australia හි Evidence Lab, Coles සහ Woolworths හි සිල්ලර බඩු 60,000 ක online මිල ගණන් නිරීක්ෂණය කළ අතර, අප්‍රේල් දක්වා වූ මාස 12 තුළ ඒවායේ මිල ගණන් 9.6% කින් ඉහළ ගොස් ඇති බව එහිදී සොයා ගන්නා ලදී.
මාසික පදනම මත මෙම විශ්ලේෂණය අදාළ මිල ගණන් නිරීක්ෂණය කරන ලදී.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
එහිදී Coles හි උද්ධමනය මාර්තු මාසයේ 9.1% සිට අප්‍රේල් මාසයේදී 10.4% දක්වා වැඩි විය.
Woolworths හි උද්ධමනය මාර්තු මාසයේදී 9.7% සිට අප්‍රේල් මාසයේදී 8.7% දක්වා ගොස් ඇත.

භාණ්ඩ හා සේවාවල මිල වෙනස්වීම් මනින පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔස්ට්‍රේලියාවේ භාණ්ඩ හා සේවාවල මිල පසුගිය මාර්තු මාසය දක්වා වූ මාස 12 තුළ 7% කින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව සුපිරි වෙළඳසැල්වල භාණ්ඩ මිල ඉහළ යාම උද්ධමනය ද ඉක්මවා යන බව එයින් අදහස් වෙයි.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව, මේ වසරේ පළමු කාර්තුව තුළ ආහාර සහ මධ්‍යසාර නොවන පාන වර්ග සඳහා උද්ධමනය 8% ක් වූ අතර එය දෙසැම්බර් කාර්තුවේ 9.2% ක් වී තිබුණි.
UBS වාර්තාවේ විශ්ලේෂකයින් ඔස්ට්‍රේලියාවේ ආහාර උද්ධමනයේ වැඩිවීම "පුදුමයක්" ලෙස විස්තර කර ඇත.
2022 මුල්‍ය වර්ෂයේදී Coles ඩොලර් බිලියන 1.48 ක ශුද්ධ ලාභයක් වාර්තා කළ අතර Woolworths ඩොලර් බිලියන 1.5 ක ලාභයක් වාර්තා කළේය.

සුපිරි වෙළෙඳසැල් මේ ගැන පවසන දේ
UBS විශ්ලේෂණය තමන්ගේ මිලකරණය සහ විකුණුම් පිටුපස සම්පූර්ණ කතාව හෙළි නොකරන බව සුපිරි වෙළඳසැල් දැවැන්තයින් පවසයි.
UBS වාර්තාව උද්ධමනය ගණනය කර වාර්තා කරන ආකාරය නිවැරදිව පිළිබිඹු නොකරන බව Coles ප්‍රකාශකයෙකු SBS ප්‍රවෘත්ති සේවයට පැවසීය.
"UBS හි නියැදි දත්ත අපගේ සම්පූර්ණ නිෂ්පාදන පරාසය ග්‍රහණය කර නොගන්නා අතර අපගේ විකුණුම් පරිමාවට සහ නිෂ්පාදන මිශ්‍රණයට බලපාන පාරිභෝගික මිලදී ගැනීමේ හැසිරීම් වල වෙනස්කම් ග්‍රහණය කරගන්නේ නැහැ," යනුවෙන් එම ප්‍රකාශකයා පැවසීය.
මෙය සමස්ත සුපිරි වෙළඳසැල්වල උද්ධමනයේ නිවැරදි පිළිබිඹුවක් ග්‍රහණය කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන බවද එම ප්‍රකාශකයා පැවසුවේය.
Coles හි උද්ධමනය "සැලකිය යුතු ලෙස අඩු" බව පවසමින් UBS විසින් වාර්තා කරන ලද සංඛ්‍යාලේඛනවලට එම ප්‍රකාශකයා එකඟ නොවීය.
UBS විසින් 3Q23 ප්‍රතිඵල වලට පෙර වාර්තාවක් සඳහා භාවිත කළ එකම price tracker එක භාවිතා කළ බවත් Coles උද්ධමනය 9% ලෙස වාර්තා කළ බවත් Coles ප්‍රකාශකයා SBS ප්‍රවෘත්ති සේවයට පැවසීය.
"නමුත් අපගේ නිල උද්ධමන අගය 6.2% ක් ලෙස සැලකිය යුතු ලෙස අඩු අගයක්," බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවේය.
මේ අතර සිල්ලර බඩු මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ තොග මිල ඉහළ යාම බව Woolworths සමූහයේ ප්‍රකාශකයෙකු පැවසුවේය.
“අපි සැපයුම්කරුවන්ට ගෙවන ඉහළ තොග මිල, උද්ධමනයේ මූලික හේතුව වී තිබෙනවා,” යනුවෙන් එම ප්‍රකාශකයා පැවසීය.
"අපගේ ගනුදෙනුකරුවන්ට වටිනාකමක් ලබා දීම සහ සැපයුම්කරුවන්ගේ අවශ්‍යතා සමතුලිත කිරීම කෙරෙහි අපි දැඩි ලෙස අවධානය යොමු කරනවා" යනුවෙන්ද Woolworths ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවේය.

