1. ඔස්ට්‍රේලියාවේ අනුමත සේවා යෝජකයෙකු ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයක රැකියාවක් සඳහා ඔබව නිර්දේශ කළ යුතුය.
Regional Australia නොහොත් ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප සඳහා Gold Coast, Brisbane, Newcastle, Sydney, Wollongong සහ Melbourne ප්‍රදේශ අයත් නොවේ.

2. ඔබට මෙම විසා වර්ගය ලබාගත හැකි වන්නේ ඔබ වයස අවුරුදු 50ට වඩා අඩුනම් පමණි.

3. ඔබ අයදුම් කරන ඛාණ්ඩයේ රැකියාව සඳහා අදාළ කුසලතා, සුදුසුකම් සහ ඉංග්‍රීසී භාෂා මට්ටම සැපිරිය යුතුය.

4. ඔබව නිර්දේශිත කළ ඛාණ්ඩයෙන් පමණක් ඔබ මෙම විසා වර්ගය සඳහා අයදුම් කළ යුතුය.
මෙම විසා වර්ගය සඳහා ප්‍රධාන ඛාණ්ඩ තුනක් පවතියි. Temporary Residence Transition stream, Direct Entry stream සහ Agreement stream යනුවෙන් එම ඛාණ්ඩ හැඳින්වේ.

මේ පිළිබඳ වැඩි විස්තර ඔබට පහත වෙබ් ලිපිනයෙන් ලබා ගත හැකිය.
www.border.gov.au/Trav/Visa-1/187-
ප්‍රාදේශීය අනුග්‍රාහක සංක්‍රමණික වීසා සඳහා මූලික කාරණා මෙන්ම ඔබට සුදුසු රැකියාව පිළිබඳ ප්‍රාන්ත හෝ කලාපීය වශයෙන් තොරතුරු විමර්ශනයට පිවිසෙන්න www.border.gov.au/Trav/Work/Regi/contacts/Regional-Opportunities-for-Migrants
SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

