Australian Regional Sponsored Migration Scheme Visa නොහොත් ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය අනුග්‍රාහක සංක්‍රමණික වීසා ලබාගැනීම සඳහා අත්‍යවශ්‍ය කරුණු 4ක් SBS සිංහල වෙතින්.......

Regional Sponsored Migration Scheme Visa නොහොත් ප්‍රාදේශීය අනුග්‍රාහක සංක්‍රමණික වීසා (subclass 187) යනු ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයන්හි රැකියාව කිරීමට කැමති සංක්‍රමණිකයින්ට මෙරට ස්ථිර පදිංචිය සඳහා ලබාදෙන වීසා වර්ගයකි. මෙම විසා ලබාගැනීමේදී ප්‍රධාන පියවර දෙකක් අනුගමනය කළ යුතු වෙයි. පළමුව ඔස්ට්‍රේලියාවේ අනුමත සේවා යෝජකයෙකු මෙම අනුග්‍රහය සඳහා නම් කළ යුතුය. පසුව නිර්දේශිත ඛාණ්ඩය ඔස්සේ අයදුම් කළ යුතුය. මේ සඳහා සුදුසු කවුරුන්ද?

Australia Visa

Australia Visa Source: Getty Images

1. ඔස්ට්‍රේලියාවේ අනුමත සේවා යෝජකයෙකු ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයක රැකියාවක් සඳහා ඔබව නිර්දේශ කළ යුතුය.

Regional Australia නොහොත් ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප සඳහා Gold Coast, Brisbane, Newcastle, Sydney, Wollongong සහ Melbourne ප්‍රදේශ අයත් නොවේ.
Regional jobs
Regional jobs Source: Getty Images

2. ඔබට මෙම විසා වර්ගය ලබාගත හැකි වන්නේ ඔබ වයස අවුරුදු 50ට වඩා අඩුනම් පමණි.

Young migrant - Kawalmakkar
Young migrant - Kawalmakkar Source: SA 4.0

3. ඔබ අයදුම් කරන ඛාණ්ඩයේ රැකියාව සඳහා අදාළ කුසලතා, සුදුසුකම් සහ ඉංග්‍රීසී භාෂා මට්ටම සැපිරිය යුතුය.

Smiling couple with construction workers
Migrant workers Source: AAP

4. ඔබව නිර්දේශිත කළ ඛාණ්ඩයෙන් පමණක් ඔබ මෙම විසා වර්ගය සඳහා අයදුම් කළ යුතුය.

මෙම විසා වර්ගය සඳහා ප්‍රධාන ඛාණ්ඩ තුනක් පවතියි. Temporary Residence Transition stream, Direct Entry stream සහ Agreement stream යනුවෙන් එම ඛාණ්ඩ හැඳින්වේ.
457 documents
457 documents Source: SBS
මේ පිළිබඳ වැඩි විස්තර ඔබට පහත වෙබ් ලිපිනයෙන් ලබා ගත හැකිය.

www.border.gov.au/Trav/Visa-1/187-
ප්‍රාදේශීය අනුග්‍රාහක සංක්‍රමණික වීසා සඳහා මූලික කාරණා මෙන්ම ඔබට සුදුසු රැකියාව පිළිබඳ ප්‍රාන්ත හෝ කලාපීය වශයෙන් තොරතුරු විමර්ශනයට පිවිසෙන්න www.border.gov.au/Trav/Work/Regi/contacts/Regional-Opportunities-for-Migrants

 

SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

 


Share

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Department of Home Affairs




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service