ඔස්ට්‍රේලියාවේ 1% ක්ව තිබූ පොළී අනුපාතිකය 0.75% දක්වා 0.25% කින් කප්පාදු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පසුගිය සතියේ සිට තීරණය කළේය.
මේ අගය මෑත ඉතිහාසයේ වාර්තාගත පහළම පොළී අනුපාතික අගය ලෙසද වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
මෙම කප්පදුවත් සමග ඔස්ට්‍රේලියානු බැංකු වල නිවාස ණය සඳහා වන පොළිය ද අඩු වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරයි.

储备银行认为,即使澳大利亚房价下跌40%也属于“合理可控”,银行业的抗压能力足以支撑。 Source: Getty
පොළී අනුපාතික අඩුවීම නිවාස ණය සඳහා බලපාන්නේ කෙසේද?
පසුගිය සතියේ පොළී අනුපාතිකය අඩු කිරීමට පෙර පැවති පොළී අනුපාතිකය වුයේ 1% ය.
ඒ අනුව මෙහිදී 0.25% ක කප්පාදුවක් සිදුව ඇත.
ඒ අනුව ඔබේ නිවාස ණය මුදල කොපමණ වුවත් ඔබට සැලකිය යුතු මුදලක් මේ නිසා ඉතිරි වන බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

Source: Getty Images
ප්‍රධාන බැංකු වල නිවාස ණය පොළිය අඩුවීම්
ඔස්ට්‍රේලියානු ප්‍රධාන බැංකු අතරින් variable නිවාස ණය පොළිය අඩුම NAB හි බව වාර්තා වේ. එය 4.77% කි.
ANZ බැංකුවේ එය 4.79% ක් වන අතර CBA බැංකුවේ එය 4.80% ක් ලෙසද Westpac බැංකුවේ එය 4.83% ක් ලෙසද සටහන් වන බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
පසුගිය වාර දෙකෙහිම ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පොළී අනුපාතික කප්පාදු කිරීම හරහා පාරිභෝගිකයාට වඩාත් වැඩදායී ලෙස එම සහනය ලබාදුන්නේ CBA, ANZ සහ NAB යන බැංකු බව සඳහන්.

Australia's big 4 banks Source: AAP
ජුනි සහා ජූලි මාස වල පොලී අනුපාතික කප්පාදුව
පසුගිය ජුනි මාසයේදී 1.5% ක්ව තිබූ ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය 1.25% දක්වා අඩු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව තීරණය කළේය.
ඉන් අනතුරුව එළඹුණු ජූලි මාසයේදී එය තවත් 0.25% කින් කප්පාදු කරමින් 1% දක්වා පහත දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව කටයුතු කළේය.

Source: SBS Sinhala