ඔස්ට්‍රේලියාවේ 1% ක්ව තිබූ පොළී අනුපාතිකය 0.75% දක්වා 0.25% කින් කප්පාදු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පසුගිය සතියේ සිට තීරණය කළේය.
මේ අගය මෑත ඉතිහාසයේ වාර්තාගත පහළම පොළී අනුපාතික අගය ලෙසද වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මෙම කප්පදුවත් සමග ඔස්ට්‍රේලියානු බැංකු වල නිවාස ණය සඳහා වන පොළිය ද අඩු වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරයි.

පොළී අනුපාතික අඩුවීම නිවාස ණය සඳහා බලපාන්නේ කෙසේද?
පසුගිය සතියේ පොළී අනුපාතිකය අඩු කිරීමට පෙර පැවති පොළී අනුපාතිකය වුයේ 1% ය.
ඒ අනුව මෙහිදී 0.25% ක කප්පාදුවක් සිදුව ඇත.
ඒ අනුව ඔබේ නිවාස ණය මුදල කොපමණ වුවත් ඔබට සැලකිය යුතු මුදලක් මේ නිසා ඉතිරි වන බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

ප්‍රධාන බැංකු වල නිවාස ණය පොළිය අඩුවීම්
ඔස්ට්‍රේලියානු ප්‍රධාන බැංකු අතරින් variable නිවාස ණය පොළිය අඩුම NAB හි බව වාර්තා වේ. එය 4.77% කි.
ANZ බැංකුවේ එය 4.79% ක් වන අතර CBA බැංකුවේ එය 4.80% ක් ලෙසද Westpac බැංකුවේ එය 4.83% ක් ලෙසද සටහන් වන බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
පසුගිය වාර දෙකෙහිම ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පොළී අනුපාතික කප්පාදු කිරීම හරහා පාරිභෝගිකයාට වඩාත් වැඩදායී ලෙස එම සහනය ලබාදුන්නේ CBA, ANZ සහ NAB යන බැංකු බව සඳහන්.

ජුනි සහා ජූලි මාස වල පොලී අනුපාතික කප්පාදුව
පසුගිය ජුනි මාසයේදී 1.5% ක්ව තිබූ ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය 1.25% දක්වා අඩු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව තීරණය කළේය.
ඉන් අනතුරුව එළඹුණු ජූලි මාසයේදී එය තවත් 0.25% කින් කප්පාදු කරමින් 1% දක්වා පහත දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව කටයුතු කළේය.


