Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව පැමිණි හිටපු LTTE සැකකරුවෙකු ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කෙරේ.

Ex LTTE suspect will deport from Australia today.

Source: SBS

ඔස්ට්‍රේලියාවට නීති විරෝධී ලෙස පැමිණි හිටපු LTTE ත්‍රස්තවාදී සැකකරුවෙකු අද (22/02) දිනයේ ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට නියමිත බව Guardian  පුවත්පත වාර්තා කරයි.

ශ්‍රී ලංකා රජයෙන් තමන්ට ජීවිත තර්ජන ඇති බවට පවසමින් 2012 වසරේදී නීති විරෝධී යාත්‍රා මගින් ඔස්ට්‍රේලියාවට පැමිණි සාන්තාරුපන් තන්ගලිංගම් (Santharupan Thangalingam) නමැති 46 හැවිරිදි LTTE  සැකකරුවා මෙලෙස අද දිනයේ ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට නියමිත බව සඳහන්.

තමාට ඔස්ට්‍රේලියාවේ සරණාගත වීසා ලබා දෙන ලෙස සාන්තාරුපන් තන්ගලිංගම් ඉල්ලා සිටි නමුත් ඔහුට ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි සැපයීමට නොහැකි වීම මත ඔහුගේ අයදුම්පත ප්‍රතික්ෂේප වූ අතර අනතුරුව මෙල්බන් නුවර පිහිටි සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයක ඔහුව රඳවා තිබිණි.

සාන්තාරුපන් තන්ගලිංගම් පවසන පරිදි යුද්ධය පැවති සමයේ ඔහු LTTE කොටි සංවිධානය සඳහා යුධ යාත්‍රා නිපදවන කණ්ඩායමේ සේවය කර ඇත.

නමුත් ඔහු එලෙස LTTE කොටි සංවිධානය සඳහා යුධ යාත්‍රා නිපදවන කණ්ඩායමේ සේවය කර ඇති බවට කිසිදු ඔපු කළ හැකි සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති බවට ඔස්ට්‍රේලියානු රජය පවසයි.

මේ අතර ශ්‍රී ලංකාවට ගියහොත් තම ජීවිතයට අනතුරක් වන බව පවසමින් ඔහු සහ ඔහුට සහය දක්වන ඔස්ට්‍රේලියාවේ සරණාගත භාවය ලද LTTE ක්‍රියාකාරීන් දෙදෙනෙකු එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට දන්වා සිටි අතර තත්ත්වය පිළිබඳ මූලික පරීක්ෂණ අවසන් වන තුරු සාන්තාරුපන් තන්ගලිංගම් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් නොකරන බවට ඔස්ට්‍රේලියානු රජයට දැනුම් දුන්නේය.

නමුත් ශ්‍රී ලංකාවේ එවැනි මරණීය තර්ජන සිදු කෙරෙන  තත්ත්වයක් වර්තමානයේ නොමැති බව පවසමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පැනවූ එම නියෝගය ඉවත් කිරීමට පෙබරවාරි 19 වන දින තීරණය විය.

ඒ සමග සාන්තාරුපන් තන්ගලිංගම් ව ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.

නමුත් සාන්තාරුපන් ශ්‍රී ලංකාවට ගියහොත් ඔහුව ගුවන් තොටුපොලේදීම අත්අඩංගුවට ගෙන හමුදා භාරයට ගෙන වධ හිංසා පමුණුවනු ඇතැයි Tamil Refugee Council (TRC)  හෙවත් දමිළ සරණාගතයින්ගේ සභාව පවසා ඇත.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


2 min read

Published

Updated

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now