SKIP TO MAIN CONTENT

විජයකලා මහේෂ්වරන් තම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

Vijayakala Maheswaran
Source: Daily News

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya, Madhura Seneviratne


Skip to article content

UPDATE : 5.7.2018 3.30pm AEST time

ළමා කටයුතු රාජ්‍ය අමත්‍යවරිය විජයකලා මහේෂ්වරන් තම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව වාර්තාවේ.

රාජ්‍ය අමාත්‍යවරිය පසුගියදා යාපනයේදී දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට කල ප්‍රකාශය පිළිබඳ කරුණු විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (ජූලි 04) දිනයේ රාජ්‍ය අමාත්‍යවරිය අරලියගහ මන්දිරයට කැඳවා තිබුණි.

එම සාකච්ඡාවෙන් අනතුරුව තම ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට විජයකලා මහේෂ්වරන් මහත්මිය තීරණය කර ඇති බව වාර්තාවේ

!!..පෙර පුවත..!!

උතුරේ නිදහස සඳහා LTTE ය නැවත ඉල්ලූ විජයකලාව කොළඹට කැඳවයි. 

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන දෙමළ ජනතාවට කිසිදු බියක් නොමැතිව නිදහසේ ජීවත් වීමට නම් LTTE කොටි සංවිධානය යළි හිස එසවිය යුතු බව ශ්‍රී ලංකාවේ වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පසුගිය ජූලි 02 වන දින සිදුකළ ප්‍රකාශය සම්බන්ධව මේ වන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.

ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් විජයකලාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි විවේචන හා විරෝධතා එල්ල කළ අතර ඇය හට වහාම විනය පරීක්ෂණයක්  පවත්වන ලෙසත් ඇයට පාර්ලිමේන්තුව තහනම් කර ඇය හොබවන ඇමති ධුරයෙන් ඇයව ඉවත්  කරන ලෙසද එහිදී බොහෝ දෙනා ඉලා සිටියෝය.

තහනම් කළ LTTE කොටි සංවිධානය යළි ඇති කිරීමට ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවක් නැති බවත් රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට රජය හැම විටම කැපවන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04/07) පෙරවරුවේ ප්‍රකාශ කළේය.

එමෙන්ම විජයකලා මහේෂ්වරන් මුණ ගැසුණු පසුව ඇයට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා බවද අගමැතිවරයා එහිදී කීවේය.

මේ අතර ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය ඊයේ (04/07) පස්වරුවේ අරලියගහ මන්දිරයට පැමිණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ඇති බව Daily Mirror පුවත්පත වාර්තා කරයි.

එමෙන්ම විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් රජය දැඩි තීන්දුවක් ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (04/07) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මැධ්‍යහමුවේදී පවසා තිබේ.

මෙවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් රජය තදින් තීරණ ගන්නා බවත් කළ ඇති ප්‍රකාශය ව්‍යවස්ථානුකූල තත්ත්වය බලා අවශ්‍ය පියවර ගන්නා බවත් ඔහු එහිදී වැඩි දුරටත් පැහැදිලි කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now