SKIP TO MAIN CONTENT

දකුණු අප්‍රිකාවේ සුදු ජාතික ගොවීන්ට සරණාගත වීසා දෙන්න ගිහින් ඔස්ට්‍රේලියාවට වුණු දේ...

Dutton's white South African farmers claim 'breathtakingly hypocritical': HRW
Source: SBS

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

දකුණු අප්‍රිකානු රජයේ නව ඉඩම් ප්‍රතිපත්තිය හේතුවෙන් පීඩාවට පත්වන දකුණු අප්‍රිකාවේ සුදු ජාතික ගොවීන් හට සරණාගත හෝ මානුෂීය වීසා යටතේ ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton සිදු කළ ප්‍රකාශයට දකුණු අප්‍රිකානු රජය දැඩි විරෝධය පළ කරයි.

දකුණු අප්‍රිකාවේ වෙසෙන සුදු ජාතික ගොවීන් හට විවිධ හිංසා සිදුවන බවත් ඔවුන්ට ශිෂ්ඨ සම්පන්න රටක රැකවරණය හිමිවිය යුතු බවත් සඳහන් කරමින් අමාත්‍ය Peter Dutton සිදු කළ ප්‍රකාශය කිසිසේත් මානුෂීය නොවන බව දකුණු අප්‍රිකානු රජය පවසයි.

මේ වන විට දකුණු අප්‍රිකානු රජය ලෙස කටයුතු කරන African National Congress හෙවත් ANC පක්ෂය දකුණු අප්‍රිකාවේ පවතින ඉඩම් ප්‍රතිපත්ති වෙනස් කිරීමට සූදානම් වන අතර ඒ යටතේ යටත් විජිත සමයේදී සුදු ජාතිකයින් විසින්  බලහත්කාරයෙන්  ස්වදේශික දකුණු අප්‍රිකානුවන්ගෙන් අල්ලා ගත් ඉඩම් කිසිදු වන්දි මුදලක් ලබා නොදී නැවතත් ස්වදේශික දකුණු අප්‍රිකානු ජනතාවට ලබා දීමට කටයුතු සම්පාදනය කිරීමට සැරසෙයි.

මෙය ක්‍රියාත්මක වුවහොත් දකුණු අප්‍රිකාවේ ගොවි බිම් හිමි බොහෝ සුදු ජාතික අප්‍රිකානුවන්ට තම ඉඩම් අහිමි වීමේ තත්ත්වයක් පවතී.

එසේ ඉඩම් අහිමිවී පීඩාවට පත්වන සුදු ජාතිකයින් හට ඔස්ට්‍රේලියාවට පැමිණීමට සරණාගත හෝ මානුෂීය වීසා ලබා දීම කෙරෙහි අමාත්‍ය Peter Dutton  ගේ අවධානය යොමුව තිබෙන අතර ඔහු මේ පිළිබදව දකුණු අප්‍රිකාවේ විදේශ කටයුතු අමාත්‍යංශයෙන් කරුණු විමසා ඇති බවද සඳහන්.

නමුත් තම රටෙහි අභ්‍යන්තර කටයුතු සඳහා ඔස්ට්‍රේලියාවට මැදිහත් වීමේ කිසිදු  අයිතියක් නොමැති බවට දකුණු අප්‍රිකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය විරෝධය පළ කර තිබේ.

මේ අතර දකුණු අප්‍රිකාව තුළ සුදු ජාතික ගොවීන් හට සිදුවනවා යැයි පැවසෙන හිංසන ක්‍රියා පිළිබඳ චෝදනාද දකුණු අප්‍රිකානු රජය තරයේ හෙළා දැක තිබේ.

කෙසේවෙතත්, දකුණු අප්‍රිකාව තුළ මානුෂීය නොවන ක්‍රියා සිදුවන බවට Human Rights Watch Australia ආයතනයේ අධ්‍යක්ෂ Elaine Pearson පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now